ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 6/07 30 පි.
  • දස දෙසින්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දස දෙසින්
  • 2007 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ජලය සුරකින මත්ස්‍ය වර්ගයක්
  • නිකටින් මට්ටම ඉහළ නඟියි
  • මොළයෙන් පාලනය කරන කෘත්‍රිම අතක්
  • අලුත් සත්ව විශේෂ දහස් ගණනක්!
  • දුම්කොළ පාක්ෂිකයෝ තම උෂ්ණ-වායු බැලුම් දියත් කරති
    1995 පිබිදෙව්!
  • දුම්කොළ සමාගම් ගිනි ජාලාවකට හසු වී
    1996 පිබිදෙව්!
  • දුම්පානය නතර කළ යුත්තේ ඇයි?
    2000 පිබිදෙව්!
  • මාළු ඔබට විස වෙයිද?
    2006 පිබිදෙව්!
තව තොරතුරු
2007 පිබිදෙව්!
g 6/07 30 පි.

දස දෙසින්

◼ එක් අධ්‍යයනයකට අනුව සාමාන්‍ය දරු උපතකදී සිදු වෙනවාට වඩා තුන්ගුණයක් වැඩියෙන් සිසේරියන් සැත්කම්වලදී මව්වරුන් මිය යනවා.—එක්සත් ජනපදයේ ප්‍රසව හා නාරි වෛද්‍ය අංශය.

◼ විද්‍යාඥයෙකු වන ස්ටීවන් හෝකිං අන්තර්ජාලය හරහා මෙම ප්‍රශ්නය යැව්වා. “දේශපාලනික, සමාජීය හා පාරිසරික වශයෙන් අවුල් ජාලයක් වී තිබෙන ලෝකයක වෙසෙන මිනිසුන්ට තව වසර 100කින් කුමක් වෙයිද?” මාසයකට පසු ඔහු පැවසුවේ මෙයයි. “මම උත්තරේ දන්නේ නැති නිසයි මේ ප්‍රශ්නේ ජනතාවට යොමු කළේ. මට ඕන වුණේ දැන් අපි මුහුණ දෙන අනතුරු ගැන ඔවුන්ට හිතන්න සලස්වන්නයි.”—බ්‍රිතාන්‍යයේ THE GUARDIAN පුවත්පත.

◼ සෑම වසරකම ටැන්සානියාවේ මිලියන 37ක ජනගහනයෙන් මිලියන 14ත් 19ත් අතර සංඛ්‍යාවක් මැලේරියාවට ගොදුරු වෙනවා. “මේ රෝගය වාර්ෂිකව 1,00,000ක් පමණ පිරිසකගේ ජීවිත බිලිගන්නවා.”—ටැන්සානියාවේ THE GUARDIAN.

ජලය සුරකින මත්ස්‍ය වර්ගයක්

පානීය ජලයේ තත්වය පරීක්ෂා කිරීමට උතුරු ඇමරිකාවේ නගර කීපයක් බ්ලූගිල් නම් මත්ස්‍ය වර්ගය යොදාගන්නවා. එසේ කරන්නේ උන් තමන් අවට පරිසරයේ ඇති රසායනික ද්‍රව්‍යවලට ඉක්මනින් සංවේදී වන නිසයි. එක් වාර්තාවකට අනුව, “මෙම මත්ස්‍යයන් දමා ඇති ටැංකිවලට පිරිසිදු නොකළ ජලය යවනවා. එම ටැංකිවල පැය 24 පුරාම ක්‍රියාත්මක වන සංවේදක උපකරණ සවි කර තිබෙනවා. ජලයේ විෂ ද්‍රව්‍යය ඇත්නම් මත්ස්‍යයන්ගේ හැසිරීම වෙනස් වන ආකාරය එම උපකරණවල සටහන් වෙයි.” (Associated Press) එක් අවස්ථාවකදී “වෙනත් සමීක්ෂණ ක්‍රමවලට වඩා . . . පැය දෙකකට කලින් මෙම මත්ස්‍යයන්ගේ හැසිරීම සටහන් කරගැනීමෙන් ජලයේ ඩීසල් තිබෙන බව සොයාගත්තා” කියා නිව් යෝක් නගරයේ වාර්තාවක පැවසෙයි. ඇත්තෙන්ම මහජනයාගේ ප්‍රධාන ජල පද්ධතියට විෂ එකතු වීම වැළැක්වූයේ මෙම මත්ස්‍ය වර්ගයයි.

නිකටින් මට්ටම ඉහළ නඟියි

දුම්පානය නතර කරන්නයයි මහජන සෞඛ්‍ය සේවා ව්‍යාපෘති මගින් ඉල්ලා සිටිද්දී දුම්කොළ සමාගම් විසින් “හොර රහසේ දුම්වැටිවල නිකටින් ප්‍රමාණය වැඩි කරනවා. පසුගිය වසර හය පුරා සියයට 10කින්” වැඩි කර තිබෙනවා කියා ද නිව් යෝක් ටයිම්ස් වාර්තා කරයි. නව පරීක්ෂණයකින් හෙළි වුණේ “දුම්පානය කරන තරුණයන්ව ඊට ඇබ්බැහි කිරීමටත්, එය පුරුද්දක් කරගෙන තිබෙන අයව පුරුද්ද නතර කිරීමෙන් වැළැක්වීමටත්” දුම්කොළ සමාගම් වෑයම් කරමින් සිටින බවයි. පරීක්ෂණවලට අනුව “[දුම්වැටි වර්ග] හැම එකකම දුම්පානය නැතුවම බැරි එකක් කරවන තරමටම නිකටින් ප්‍රමාණයක් අඩංගුයි.”

මොළයෙන් පාලනය කරන කෘත්‍රිම අතක්

අනතුරක් නිසා එක්සත් ජනපදයේ එක් තැනැත්තෙකුගේ උරහිස ළඟින්ම අත් දෙක ඉවත් කිරීමට සිදු වුණා. දැන් ඔහුට මොළයෙන් පාලනය කරන කෘත්‍රිම අතක් වම් උරහිසට සවි කර තිබෙනවා. ඒ නිසා ඉණිමඟ දිගේ නඟින්න, තීන්ත රෝලෙන් තීන්ත ගාන්න සහ තම මුණුබුරන්ව වැලඳගන්න පවා ඔහුට හැකියි. “ඔහුගේ වම් අත මොළයේ සිට සංඥා ලබාගත හැකි විද්‍යුත් උපාංගයක්. අත නැවිය යුතුයි කියා සිතන විට මොළයේ ස්නායු දිගේ අතට විද්‍යුත් සංඥා ගමන් කරයි” කියා කේබල් නිව්ස් නෙට්වර්ක් මගින් පැහැදිලි කරනවා. එම සංඥා මුලින්ම ලැබෙන්නේ අතේ එක් තැනක සවි කර තිබෙන පුංචි උපාංගයකටයි. එමගින් අත පුරා සවි කර තිබෙන ඉතා සියුම් යන්ත්‍ර ක්‍රියාත්මක කර සාමාන්‍ය අතක් මෙන් එය චලනය කරනවා.

අලුත් සත්ව විශේෂ දහස් ගණනක්!

සෑම වසරකම අලුත් සත්ව විශේෂ 17,000කට ආසන්න සංඛ්‍යාවක් සොයාගනු ලබනවා කියා ටහිටි පුවත්පතක පළ වුණා. (එම පුවත්පත Fenua Info) සියයට 75ක් කෘමී වර්ගද, කොඳු ඇට පෙළ ඇති සතුන් 450ක් පමණද සොයාගනු ලබනවා. මත්ස්‍ය විශේෂ 250ක් සහ ක්ෂීරපායි විශේෂ 20 සිට 30 දක්වා ප්‍රමාණයක්ද ඊට අයත්. එම ක්ෂීරපායින්ගෙන් තුනෙන් දෙකක් වවුලන්, මීයන් හෝ ලේනුන්. “සෑම වසරකම අලුත් වඳුරු විශේෂයකුත්” සොයාගන්නවා කියා එම පුවත්පත පවසන අතර විද්‍යාඥයන්ට එය පුදුමයක්. ගස් හා පැළ වර්ගත් මෙම සොයාගැනීම්වලට ඇතුළත්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න