“හැමෝටම මේ පොත කියවන්න ලැබුණා නම්!”
යෙහෝවාට ළං වෙන්න නමැති පොත පිළිබඳව එක් තැනැත්තියක් පැවසුවේ එසේයි. ඇය තවදුරටත් මෙසේද පැවසුවා. “යෙහෝවා දෙවිගේ ප්‍රේමය ගැන මම තවත් දේවල් වටහාගත්තා. ඒ නිසා මම වැඩියෙන් අනිත් අයට ප්‍රේම කරන්න උත්සාහ කරනවා.” මේ පොත ගැන අගය පළ කළ තවත් කෙනෙක් පැවසුවේ “මේ පොත කොයි තරම් ප්‍රයෝජනවත් එකක්ද කියලා මට වචනයෙන් විස්තර කරන්න බැහැ. . . . මෙය කියවන හැම වාරයක් පාසාම මට ලොකු දිරිගැන්වීමක් ලැබෙනවා” කියායි.
යෙහෝවාට ළං වෙන්න නමැති පොතේ දෙවිගේ ප්‍රධාන ලක්ෂණ වන ප්‍රේමය, බලය, යුක්තිය හා ප්‍රඥාව වෙන වෙනම කාණ්ඩ හතරකට වෙන් කර පැහැදිලි කර තිබෙනවා. “දෙවිගේ විශිෂ්ට ලක්ෂණ ගැන දැනගන්න මට මේ පොත උපකාරවත් වුණා” කියා එක් තැනැත්තියක් පැවසුවා. “දෙවිට මාව පාලනය කරන්න ඉඩ දෙනවා නම් මෙම ගුණාංග මා තුළත් වර්ධනය කරගන්න පුළුවන් බව මේ පොත කියවීමෙන් මම තේරුම්ගත්තා.”
“‘සමාව දීමට සූදානම්’ දෙවි කෙනෙක්” නමැති මාතෘකාවෙන් යුත් 26වන පරිච්ඡේදය කියවීමෙන් පසු පෝලන්තයේ සිටින යෞවනියක් වන යොඇන්න පවසන්නේ මෙයයි. “මේ පොතේ තිබෙන අදහස් මගේ ජීවිතයට කොතරම් වටිනවාද කියනවා නම් මම ඒවා සලකන්නේ මැණික් හා සමානවයි.”
පිටු 320කින් යුත් මේ පොතෙන් ඔබටත් බොහෝ ප්‍රයෝජන ලැබෙන බව අපට විශ්වාසයි. මින් පිටපතක් ලබාගැනීමට ඔබටත් අවශ්‍ය නම් මෙම කූපනය පුරවා එහි ඇති ලිපිනයට හෝ 5වන පිටුවේ සඳහන් ලිපිනයකට තැපැල් කරන්න.
□ මෙහි දැක්වෙන පොත පමණක් ලබාගන්න කැමතියි.
□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.