ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 11/07 22 පි.
  • සත්‍යයද අසත්‍යයද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සත්‍යයද අසත්‍යයද?
  • 2007 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • යේසුස් ගැන ඇත්ත නැත්ත
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • 1. අමරණීය ආත්මය
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බයිබලය විද්‍යාවට එකඟද?
    බයිබලයෙන් උත්තර
  • ආදම් සහ ඒව සැබෑ පුද්ගලයන්ද?
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2007 පිබිදෙව්!
g 11/07 22 පි.

සත්‍යයද අසත්‍යයද?

සැබෑ දෙවි වන යෙහෝවාට නමස්කාර කරන්න කැමති සෑම ක්‍රිස්තියානියෙකුටම දෙවිගේ සේවකයෙක් වන තිමෝති අවවාද කළේ “පදනමක් නැති” මෙන්ම “අසත්‍ය” මත ප්‍රතික්ෂේප කරන්න කියායි. (1 තිමෝති 1:3, 4 , බයිංටන්ගේ පරිවර්තනය) මෙම අවවාදය අදටත් අදාළද? ඔව්. ඊට හේතුව බයිබලය ගැන පළ කරන වැරදි අදහස් හා ඉගැන්වීම් නිසා මිනිසුන්ට සැබෑ නමස්කාරය හඳුනාගත නොහැකිව තිබෙන නිසායි. පහත සඳහන් වන එවැනි මත කිහිපයක් හා ඒ ගැන බයිබලයේ පවසන දේ සලකා බලන්න. එමගින් සත්‍යය හා අසත්‍යය වෙන් කර හඳුනාගන්න ඔබට හැකි වෙයි.

◼ අසත්‍යය: බයිබලයේ සඳහන් වන ප්‍රාතිහාර්යයන් සිදු විය නොහැකියි.

සත්‍යය: මිනිසුන්ට දෙවිගේ නිර්මාණ ගැන ඉගෙනගන්න තව බොහෝ දේ තිබෙනවා. නිදසුනකට කාලය ගැනවත් ගුරුත්වාකර්ෂණය ගැනවත් පරමාණුවක සියලුම කොටස් ගැනවත් සම්පූර්ණයෙන්ම විස්තර කරන්න කිසිම විද්‍යාඥයෙක් සමත් වී නැහැ. බයිබලයේ මෙසේ අසනවා. “දෙවිගේ ගැඹුරු කාරණා දැනගන්න ඔබට පුළුවන්ද? දෙවිගේ ශ්‍රේෂ්ඨත්වය කොතරම්ද කියා ඔබට තේරුම්ගත හැකිද?” (යෝබ් 11:7, නව ලොව පරිවර්තනය, NW) මැවිල්ලේ තිබෙන අරුමයන් සියල්ලම තේරුම්ගන්න නොහැකි වී තිබෙන නිසා සමහර විද්‍යාඥයින් යම් දෙයක් සිදු විය නොහැකි යන මතය ඉදිරිපත් කිරීමේදී බොහෝ සෙයින් සැලකිලිමත් වෙනවා.

◼ අසත්‍යය: සෑම ආගමක්ම මඟ පෙන්වන්නේ දෙවි වෙතටයි.

සත්‍යය: යේසුස් මෙසේ පැවසුවා. “ඔබ මාගේ වචනයෙහි පවතිනවා නම්, සැබවින්ම ඔබ මාගේ ගෝලයෝය. ඔබ සත්‍යය දැනගන්නවා ඇත. සත්‍යය ඔබව නිදහස් කරනවා ඇත.” (යොහන් 8:31, 32) සෑම ආගමක්ම දෙවි වෙතට මඟ පෙන්වනවා නම් එහි සාමාජිකයන්ට නිදහස් වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසයි යේසුස් ඉගැන්වූයේ ‘ජීවනය කරා යන පාරේ’ ගමන් කරන්නේ ඉතාම ස්වල්ප දෙනෙක් කියා.—මතෙව් 7:13, 14.

◼ අසත්‍යය: මිය යන සෑම යහපත් කෙනෙක්ම ස්වර්ගයට යනවා.

සත්‍යය: බයිබලයේ මෙසේ පවසනවා. “නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය. දසත පැතිරී ඇති සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය. ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකාලයටම ජීවත් වන්නෝය. යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබා ඔහුගේ මාවතේ ගමන් කරන්න. ඔහු ඔබව උසස් කර ඔබට පොළොව හිමි කර දෙන්නේය.” (ගීතාවලිය 37:11, 29, 34, NW) බයිබලයේ පවසන ආකාරයට ස්වර්ගයට යන්නේ විශ්වාසවන්ත මිනිසුන් 1,44,000ක් පමණයි. එමෙන්ම ඔවුන් ස්වර්ගයේ සිට “පොළොව කෙරෙහි රජකම් කිරීමට” නියමිතයි.—එළිදරව් 5:9, 10; 14:1, 4.

◼ අසත්‍යය: ක්‍රිස්තියානීන්ට “පරණ ගිවිසුම” අවශ්‍ය නොවෙයි.

සත්‍යය: ‘මුළු ශුද්ධ ලියවිල්ලම දේවානුභාවයෙන්ය. එය ප්‍රයෝජනවත්ය.’ (2 තිමෝති 3:16, 17) “මන්ද, අපේ විඳදරාගැනීම මාර්ගයෙන්ද, ශුද්ධ ලියවිල්ලෙන් ලැබෙන සැනසිල්ල මාර්ගයෙන්ද අප බලාපොරොත්තුව ඇතිව සිටින පිණිස කලින් ලියන ලද සියල්ල අපේ ඉගෙනීම සඳහා ලියා ඇත.” (රෝම 15:4) “පරණ ගිවිසුම” හෙවත් හෙබ්‍රෙව් ලියවිලි තුළ දෙවි ගැනත් ඔහුගේ අරමුණු ගැනත් සඳහන් වන අතර එය “අලුත් ගිවිසුම” හෙවත් ග්‍රීක් ලියවිලි කෙරෙහි වූ අපේ විශ්වාසයට පදනමක් සපයනවා.

◼ අසත්‍යය: ආදම් සහ ඒව ඇතුළු උත්පත්ති පොතේ සඳහන් බොහෝ වාර්තා කතන්දර පමණයි.

සත්‍යය: යේසුස්ගේ පෙළපත ආදම් දක්වා ලූක්ගේ පොතේ සඳහන් වී තිබෙනවා. (ලූක් 3:23-38) උත්පත්ති වාර්තාව අසත්‍යයක් නම් ලූක් සඳහන් කරන පෙළපතේ සැබෑ පුද්ගලයන්ගේ නම් අවසන් වෙන්නේ හා මනඃකල්පිත පුද්ගලයනගේ නම් පටන්ගන්නේ කොහෙන්ද? යේසුස් පොළොවට පැමිණීමට පෙර සිටම ආදම් සහ ඒව සිටි බවත් උත්පත්ති වාර්තාව විශ්වාස කළ බවත් පැහැදිලියි. (මතෙව් 19:4-6) ඒ නිසා මේ වාර්තාව සැක කරනවා කියන්නේ යේසුස් සහ තවත් බයිබල් ලේඛකයන්ව සැක කිරීම නොවේද?—1 ලේකම් 1:1; 1 කොරින්ති 15:22; යූද් 14.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න