ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 11/07 5 පි.
  • 1. නිවැරදි ඉතිහාසය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 1. නිවැරදි ඉතිහාසය
  • 2007 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • දාවිත් රජ ප්‍රබන්ධ චරිතයක් නෙමෙයි කියලා පුරාවිද්‍යා සොයාගැනීම්වලින් සනාථ වෙයි
    තවත් ලිපි
  • විශ්වාසය වැඩි කරන තවත් සාක්ෂියක්
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • 1 බයිබලයේ සඳහන් දේවල් විශ්වාස කරන්න
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මේ පොත විශ්වාස කළ හැකිද?
    සියලුම ජනයා සඳහා පොතක්
තව තොරතුරු
2007 පිබිදෙව්!
g 11/07 5 පි.

බයිබලය විශ්වාස කිරීමට හේතු

1. නිවැරදි ඉතිහාසය

පොතක නිවැරදි තොරතුරු අඩංගු වී නැත්නම් එය විශ්වාස කළ හැකිද? දෙවන ලෝක මහා යුද්ධය සිදු වුණේ 1800 ගණන්වල කියාත් එක්සත් ජනපදයේ ජනාධිපතිව රජ කියා හඳුන්වා තිබුණා කියාත් යම් පොතක සඳහන් වී තිබුණා නම් ඔබට ඒ පොත විශ්වාස කළ හැකිද?

බයිබලයේ සඳහන් ඉතිහාසගත වාර්තා අසත්‍යයි කියා ඔප්පු කිරීමට කිසිම කෙනෙකු සමත් වී නැහැ. ඊට හේතුව එහි සඳහන් වන පුද්ගලයන් මෙන්ම සිදුවීම්ද මනඃකල්පිත ඒවා නොවීමයි.

පුද්ගලයන්.

යේසුස්ව මරණයට පත් කිරීමට අණ කළ යුදයේ සිටි රෝම ආණ්ඩුකාරයා වන පොන්තියුස් පිලාත් කියා කෙනෙක් සිටියාද නැද්ද යන්න ගැන බයිබල් විවේචකයන්ට සැකයක් තිබුණා. (මතෙව් 27:1-26) කෙසේවෙතත් පිලාත් යුදයේ ආණ්ඩුකාරයෙක් වී සිටි බව සඳහන් වන ගල් පුවරුවක් 1961 සිසේරියේ මධ්‍යධරණි මුහුද ආශ්‍රිතව සම්බ වී තිබෙනවා. මෙයින් තහවුරු වන්නේ පිලාත් කියා කෙනෙක් සිටි බවයි.

නිර්භීත කුඩා එඬේරෙක්ව සිටි දාවිත් පසු කාලයකදී ඊශ්‍රායෙලයේ රජ ලෙස පත් වූ බවට බයිබලයේ හැර වෙන කිසිම සාක්ෂියක් 1993 වන තෙක් තිබුණේ නැහැ. කෙසේවෙතත් එම අවුරුද්දේ පුරාවිද්‍යා කැණීම්වලින් ක්‍රිස්තු පූර්ව නවවෙනි සියවසට අයත් බැසෝල්ට් ගලක් දකුණු ඊශ්‍රායෙලයෙන් සම්බ වුණා. එහි “දාවිත්ගේ වංශය” හා “ඊශ්‍රායෙල්හි රජ” කියා කොටා තිබූ බව විද්වතුන් පවසනවා.

සිදුවීම්.

ඒදොම්හි වැසියන් දාවිත්ගේ කාලයේදී ඊශ්‍රායෙලිතයන් සමඟ සටන් කළ බව බයිබලයේ වාර්තා වී තිබෙනවා. නමුත් එහි නිරවද්‍යතාව ගැන මෑතක් වන තුරුම බොහෝ විද්වතුන් තුළ සැකයක් තිබුණා. (2 සාමුවෙල් 8:13, 14) ඒ කාලය වන විට ඒදොම්වරුන් ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් කිරීමට තරම් සංවිධානය වී නොසිටි බවත් ඔවුන්ට එතරම් බලයක් නොතිබූ බවත් විද්වතුන් පැවසුවා. කෙසේවෙතත් මෑතකදී කළ කැණීම්වලින් සොයාගනු ලැබූ දෙය පිළිබඳව එක් සඟරාවක මෙසේ සඳහන් වී තිබෙනවා. “ඒදොම්වරුන් බොහෝ කාලයකට පෙර සිටම දියුණු සමාජයක සාමාජිකයන් වී සිටියා. මෙය බයිබලයේ පවසා තිබූ දෙයට එකඟයි.”—එම සඟරාව Biblical Archaeology Review.

නිලතල.

බයිබලය ලියවුණු සියවස් 16 පුරා විවිධ පාලකයන් බිහි වී තිබෙනවා. බයිබලයේ පාලකයෙක් ගැන සඳහන් වන සෑම අවස්ථාවකදීම නිවැරදිව ඔහුගේ නිලය පවසා තිබෙනවා. උදාහරණයක් ලෙස හෙරොද් අග්‍රිපා “දේශාධිපති” කියාත් ගලියෝ නම් පාලකයා “ප්‍රාන්ත ආණ්ඩුකාරයා” කියාත් නිවැරදිව සඳහන් වෙනවා. (ලූක් 3:1; ක්‍රියා 18:12) බයිබලයේ එස්රා නම් පොතේ තත්තෙනයිව හඳුන්වන්නේ පර්සියානු පළාතේ “ගඟෙන් එගොඩ” එනම් යුප්‍රටීස් ගඟෙන් එගොඩ ප්‍රදේශයේ ආණ්ඩුකාරයා කියායි. (එස්රා 5:6) ක්‍රිස්තු පූර්ව හතරවෙනි සියවසේ සාදන ලද කාසියක ඒ හා සමාන දෙයක් සඳහන් වී තිබුණා. එනම් පර්සියානු ආණ්ඩුකාරයා වන මාසැයුස් “ගඟෙන් එගොඩ” පළාතේ ආණ්ඩුකාරයා කියායි.

සුළු කාරණාවලදී පවා නිරවද්‍යතාව අත්‍යවශ්‍යයි. බයිබලය ලියූ අය කුඩා කාරණා පවා නිවැරදිව ලියා තිබෙනවා නම් ඔවුන් ලියූ අනිකුත් කාරණාද සැබෑ බවට විශ්වාස කිරීමට අප පෙලඹෙන්නේ නැද්ද!

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න