ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 9/08 25 පි.
  • සිසිල නොදැනෙන පාද

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සිසිල නොදැනෙන පාද
  • 2008 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • මුල් නිර්මාණය කාගෙද?
    සියල්ල ඇති වුණේ අහම්බෙන්ද?
  • පටුන
    2008 පිබිදෙව්!
  • ගිනියම් කතරේ කඩිසරයා
    2017 පිබිදෙව්!
  • B15 හෙබ්‍රෙව් දිනදර්ශනය
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2008 පිබිදෙව්!
g 9/08 25 පි.

නිර්මාණයක්ද?

සිසිල නොදැනෙන පාද

◼පාදයේ කිසිම ආවරණයක් නොමැතිව මුහුදුළිහිණියෙකුට හිම මත සිටගෙන සිටිය හැක්කේ කෙසේද? ඌ තම සිරුර උණුසුම්ව තබාගන්නේ කෙසේද?

මේ ගැන සිතා බලන්න: මුහුදුළිහිණියාගේ උණුසුම් රුධිරය, රුධිරය ගෙන යන නාල ඔස්සේ සිරුරේ සිට පාද දක්වා ගමන් කරනවා. පාදයේ සිට නැවත රුධිරය ඉහළට ගෙන යන නාලද එම නාල අසලින්ම පිහිටා තිබෙනවා. ඌගේ පාද හිම මත තබාගෙන සිටිද්දී ඉහළට ගමන් කරන රුධිරය සිසිල් වෙනවා. නමුත් උණුසුම් රුධිරය ගමන් කරන නාල නිසා සිසිල් වූ රුධිරය නැවත උණුසුම් වෙනවා. ඊට හේතුව එම නාල අතර උණුසුම හුවමාරු වීමයි.

මේ අයුරින් මුහුදුළිහිණියාට තම සිරුර උණුසුම්ව තබාගත හැකි වෙනවා. පක්ෂීන් පිළිබඳව අධ්‍යයනය කරන එක් පර්යේෂකයෙක් උණුසුම හුවමාරු වීමේ එම ක්‍රමය පිළිබඳව මෙසේ අදහස් දැක්වුවා. “උණුසුම හුවමාරු වෙන මෙම ක්‍රමය නම් ඉතාම පුදුමසහගතයි. එම ක්‍රමය මිනිසුන් අද විවිධ දේ නිෂ්පාදනය කිරීම සඳහා යොදාගන්නවා. එමගින් බලශක්තිය අපතේ යාම වළක්වාගැනීමට හැකි වී තිබෙනවා.”

කල්පනා කර බලන්න: මුහුදුළිහිණියෙකුගේ පාද තුළ උණුසුම හුවමාරු වන ආකාරය දෙවි උන්ව නිර්මාණය කළ බවට පෙන්වන සාක්ෂියක්ද? නැත්නම් එය අහම්බෙන් සිදු වූවක්ද?a

[පාදසටහන]

a උණුසුම හුවමාරු වන මේ ක්‍රමය මිනිස් සිරුර, බොහෝ සතුන් හා සමහර මත්ස්‍යයන් තුළද දකින්න ලැබෙනවා.

[25වන පිටුවේ රූප සටහන⁄පින්තූරය]

(මුද්‍රිත පිටපත බලන්න)

උණුසුම හුවමාරු වීමේ ක්‍රමය නිසා මුහුදුළිහිණියාගේ පාදවල ඉහළ සිට පහළට උණුසුම් රුධිරය ගලා එයි

[රූප සටහන]

සෙල්සියස් අංශක 32

සෙල්සියස් අංශක 0-5

[25වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Seagull: © Michael S. Nolan/​age fotostock

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න