ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 2/11 7 පි.
  • නොවරදින මඟ පෙන්වීම්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නොවරදින මඟ පෙන්වීම්
  • 2011 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • දෙවිගේ මඟ පෙන්වීම් ‘සැබෑ ජීවිතයට’
    2007 පිබිදෙව්!
  • යුද්ධයෙන් තොර ලොවක් නුදුරෙහි
    1996 පිබිදෙව්!
  • එළිදරව් 21:4 - ‘උන්වහන්සේ සියලු කදුළු පිසදමනසේක’
    බයිබල් පද පැහැදිලි කිරීමක්
  • සදාකාලික සන්තෝෂය—කොතැනකදීද?
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2011 පිබිදෙව්!
g 2/11 7 පි.

නොවරදින මඟ පෙන්වීම්

භූතයන්ට වඩා යෙහෝවා දෙවි හුඟක් බලවත්. ඒ වගේම ප්‍රඥාවන්තයි. ඔහුගේ ප්‍රධාන ගුණාංග අතරින් විශේෂ තැනක් හිමි වන්නේ ප්‍රේමයටයි. (1 යොහන් 4:8) ඒ ප්‍රේමය නිසා ඔහු අපට උපදෙස් දෙන්නේ අපේම ප්‍රයෝජනයටයි. ඒ විතරක් නොව ඒ සඳහා අප මුදල් වැය කළ යුතු නැහැ. පේන කියන්නන්, නිමිති බලන්නන්, ශාස්ත්‍ර කියන්නන් වැනි අයට වඩා එය කොතරම් වෙනස්ද! දෙවි අප සියලුදෙනාට මෙවැනි ආරාධනයක් කරනවා. “පිපාසිත සියල්ලෙනි, ඇවිත් වතුර බොන්න. මුදල් නැති සියල්ලෙනි, ඇවිත් කෑම කන්න. ඇවිත් වයින් හා කිරි නොමිලේ ලබාගන්න. ඔබ කෑම මිල දී ගන්නවා වෙනුවට නොවටිනා දේවල් සඳහා මුදල් යොදවන්නේ මන්ද? තෘප්තිය නොගෙනෙන දෙයක් වෙනුවෙන් වෙහෙසෙන්නේ මන්ද? මට සවන් දී, හොඳ දේ කන්න. දිව පිනවන රසවත්ම කෑම කා තෘප්තිමත් වන්න.”—යෙසායා 55:1, 2.

දෙවිගේ මඟ පෙන්වීම් පෝෂ්‍යදායි ආහාර වගෙයි. වෙන කිසිම තැනකින් සොයාගත නොහැකි එම මඟ පෙන්වීම් ඔහු අපට ලබා දෙන්නේ බයිබලය මාර්ගයෙනුයි. ඒ තුළින් අපට ජීවිතයට බලාපොරොත්තුවක් හා අරමුණක් ලැබෙනවා. එවැනි කාරණා කිහිපයක් ගැන දැන් අපි සලකා බලමු.

[7වන පිටුවේ කොටුව]

● සැබෑ සහනය ලබාගත හැක්කේ කෙසේද? “යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘මා ඔබේ දෙවි වන යෙහෝවාය. ඔබේම ප්‍රයෝජනය සඳහා ඔබට උගන්වන්නෙත් ඔබ යා යුතු හරි මඟ ඔබට කියා දෙන්නෙත් මමය. අනේ, ඔබ මාගේ ආඥාවලට ඇහුම්කන් දුන්නා නම් ඔබේ සමාදානය ගංගාවක් මෙන්ද ඔබේ ධර්මිෂ්ඨකම මුහුදේ රැළි මෙන්ද වන්නේය.’”—යෙසායා 48:17, 18.

● දුෂ්ට දේවලට අවසානයක් තිබෙනවාද? “ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන අය දිගු කල් ජීවත් වන්නෝය. පොළොව මත බේරී ජීවත් වන්නේ නිර්දෝෂ අයයි. නමුත් දුෂ්ටයන්ව පොළොවෙන් තුරන් කරනු ලබන්නේය. ද්‍රෝහිකම් කරන්නන්වද පොළොවෙන් උදුරා දමනු ලබන්නේය” (හිතෝපදේශ 2:21, 22) යෙහෝවා දෙවි, භූතයන්වත් දුෂ්ට ක්‍රියා කරන මිනිසුන්වත් සදහටම මේ පොළොවෙන් ඉවත් කරනවා.—එළිදරව් 20:10, 14.

● දුක් වේදනා කවදා හෝ අවසන් වෙයිද? “බලන්න! දෙවිගේ කූඩාරම මිනිසා සමඟය. ඔහු ඔවුන් සමඟ වාසය කරනු ඇත. ඔවුහු ඔහුගේ සෙනඟ වන්නෝය. දෙවි ඔවුන් සමඟම සිටිනු ඇත. එලෙසම දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.”—එළිදරව් 21:3, 4.

භූතයන් බොරු කියා මිනිසුන්ව රවටනවා. නමුත් යෙහෝවා දෙවි “කිසි බොරුවක් නොපවසන” කෙනෙක් බව බයිබලයේ සඳහන් වෙනවා. (තීතස් 1:2) ඔහු ලබා දෙන දැනුම නිසා භූතයන්ට සම්බන්ධ සියලු දේවලින් නිදහසක් ලබාගත හැකියි. එවැනි අද්දැකීම් කිහිපයක් ඊළඟ ලිපියෙන් කියවා බලමු.—යොහන් 8:32; 17:3.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න