ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 3/11 3 පි.
  • ඔබේ සෞඛ්‍යය රැකගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබේ සෞඛ්‍යය රැකගන්න
  • 2011 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඔබට කළ හැකි දේ
  • ඔබටත් නිරෝගී දිවියක්!
    2011 පිබිදෙව්!
  • 1 | සෞඛ්‍ය රැකගන්න
    2022 පිබිදෙව්!
  • නිරෝගීකම සැමගේ පැතුමයි!
    2007 පිබිදෙව්!
  • ඔබේ සෞඛ්‍යය ගැන සමබරව සිතන්න
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2011 පිබිදෙව්!
g 3/11 3 පි.

ඔබේ සෞඛ්‍යය රැකගන්න

රුසියාවේ ජීවත් වන රුස්ටම් අධික ලෙස මත්පැන්වලට හා දුම්පානයට ඇබ්බැහි වී සිටියා. නමුත් පසුව ඔහු එම පුරුද්ද නතර කළා. ඒත් ඔහු සිතූ තරම් ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරුණේ නැහැ. ඊට හේතුව දවස පුරාම ඔහු එක තැනකටම වී වැඩ කිරීමයි.

සාමාන්‍යයෙන් රුස්ටම් කාර්යාලයේ වැඩට පැමිණෙන්නේ උදෑසන අටටයි. නමුත් ඔහුගේ ඇඟට දැනෙන අපහසුතාවන් නිසා ඔහු හොඳ අවධානයකින් යුතුව වැඩ කිරීමට පටන්ගන්නා විට දහය පමණ වෙනවා. ඒ වගේම ඔහු නිතර නිතර අසනීප වුණා. මේ හේතු නිසා රුස්ටම් තම ජීවන රටාව වෙනස් කිරීමට තීරණය කළා. ඉන් ඔහුට යහපතක් සිදු වුණාද? ඒ ගැන රුස්ටම් මෙසේ පවසනවා. “මම දැන් හොඳ ශරීර සෞඛ්‍යයකින් ඉන්නවා. ඒ ගැන මට හරි සතුටුයි. පසුගිය අවුරුදු හත පුරාම මම ලෙඩ නිවාඩු අරගෙන තියෙන්නේ අවුරුද්දකට දවසක් නැත්නම් දෙකක් විතරයි.”

තවත් අද්දැකීමක් සලකා බලමු. රාම්, ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ජීවත් වෙන්නේ නේපාලයේයි. ඔවුන් ජීවත් වන ප්‍රදේශයේ එතරම් සනීපාරක්ෂක පහසුකම් නැහැ. ඒ වගේම අධික ලෙස මැස්සන් සහ මදුරුවන්ද සිටිනවා. මේ නිසා ඔවුන් විටින් විට ශ්වසන ආබාධවලට වගේම ඇස් රෝගවලටද ගොදුරු වුණා. නමුත් ඔවුන්ද තම ජීවන රටාව වෙනස් කළ නිසා ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය හොඳ අතට හැරුණා.

ඔබට කළ හැකි දේ

සමහර අය නිරෝගීව සිටීම සඳහා විශාල මුදලක් වැය කරනවා. තවත් සමහර අයට එසේ කරන්න බැහැ. නමුත් ගැටලුව වන්නේ මුදල් තිබෙනවාද නැද්ද යන්න නොවෙයි. අප මොන තත්වයක සිටියත් අපේ පුරුදු අපව රෝගී කිරීමට හෝ නිරෝගී කිරීමට හේතු වීමයි.

ඔබ දුප්පත් වුණත් පොහොසත් වුණත් ඔබෙත් ඔබේ පවුලේ අයගෙත් සෞඛ්‍ය රැකගැනීමට සරල හා ප්‍රායෝගික ක්‍රම තිබෙනවා. ඒ දේවල් කිරීමෙන් ඔබට වගේම ඔබේ පවුලේ අයටද නිරෝගී මෙන්ම ප්‍රීතිමත් ජීවිතයක් ගත කළ හැකියි.

මේ කාරණයේදී දෙමාපියනි ඔබටද ලොකු වගකීමක් තිබෙනවා. දරුවන්ට හොඳ පුරුදු කියා දීමට ඔබේ ආදර්ශය ඉතාමත් වැදගත්. ඒ වෙනුවෙන් ඔබ යම් වෙහෙසක් දරන්න අවශ්‍යයි. නමුත් ඔබට ඉන් මහත් ප්‍රයෝජන ලබාගන්න පුළුවන්. එනම් නිතර දෙවේලේ වෛද්‍යවරුන් මුණගැසීමට යන කාලයත් මුදලත් ඔබට ඉතිරි කරගත හැකියි.

අපේ ශරීර සෞඛ්‍යය ඉහළ නංවාගැනීමට කළ හැකි දේවල් පහක් ගැන ඉදිරි ලිපි කිහිපයේ කතා කරනවා. එම තොරතුරුවලින් ඔබ ප්‍රයෝජන ලබනවාට කිසිම සැකයක් නැහැ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න