ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 8/12 2-3 පි.
  • සිත කම්පා කරන අපරාධ!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සිත කම්පා කරන අපරාධ!
  • 2012 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • ත්‍රස්තවාදය නැති කාලයක් එයිද?
    තවත් ලිපි
  • ප්‍රචණ්ඩත්වය ගැන දෙවිට හැඟෙන්නේ කෙසේද?
    2002 පිබිදෙව්!
  • ප්‍රචණ්ඩත්වය නැති කාලයක් එයිද?
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • සැහැසියාවට ලොල් සමාජයක්
    2012 පිබිදෙව්!
තව තොරතුරු
2012 පිබිදෙව්!
g 8/12 2-3 පි.

සිත කම්පා කරන අපරාධ!

අද සිදු වන අපරාධ නිසා කම්පාවට පත් නොවන කෙනෙක් නැති තරම්. සෑම දිනකම ලොව වටා සිදු වන අපරාධ ගැන ප්‍රවෘත්තිවලින් අසන්න ලැබෙනවා. අප ගමන් බිමන් යන්නේ බියෙන්. රැකියා ස්ථාන අනාරක්ෂිතයි. අපගේ දරුවන් පවා පාසැලේදී නොයෙක් වධ හිංසාවලට මුහුණ දෙනවා. සුරක්ෂිතයි කියා සිතන නිවස තුළ පවා ආරක්ෂාවක් නැහැ. සමහර රටවල කාන්තාවන්ගෙන් සියයට 70ක් තමන්ගේම සහකරු අතින් වධ හිංසාවලට ලක් වන බව වාර්තා වෙනවා.

බොහෝ රටවල දේශපාලන අරගල හෝ ත්‍රස්තවාදී ක්‍රියා නිසා ජනයා ජීවත් වෙන්නේ කොයි මොහොතේ හෝ අනතුරක් වෙයි යන බියෙන්. ජනයා කොතරම් බියෙන් සිටිනවාද කියා දැනගත හැකි වන්නේ සමහර රටවල සිදු වන අපරාධ දැකගැනීමට දමා තිබෙන ඉලෙක්ට්‍රොනික උපාංගවලිනුයි. ත්‍රස්ත ප්‍රහාරවලට ඉලක්ක වී ඇති රටවල මෙවැනි උපාංග විශේෂයෙන් දැකගත හැකියි.

රටේ ආර්ථිකය කොතරම් බිඳ වැටී තිබුණත් එවැනි උපාංග සඳහා මුදල් වැය කරනවා. ඒ නිසා ඒවා නිෂ්පාදනය කරන සමාගම් දිනෙන් දින දියුණු වෙනවා. ආණ්ඩු මේ සඳහා මුදල් ලබාගන්නේ රටේ ජනතාවට බදු බර පැටවීමෙනුයි. උපාංග වැඩි වන තරමට ඒ සඳහා වැය වන මුදලද අධිකයි.

වැඩි වශයෙන් අපරාධ සිදු වෙද්දී ඒවා අපේ සදාචාර ප්‍රතිපත්ති සහ ආගමික විශ්වාසයන්ට බලපාන නිසා අප කල්පනාකාරී විය යුතුයි. ඊළඟ ලිපිවලින් අප සලකා බලන්නේ අපරාධ වැඩි වීමට මාධ්‍ය දායක වී තිබෙන්නේ කෙසේද, අපරාධවලට මඟ පාදන කරුණු මොනවාද සහ නරක බලපෑම්වලින් අප ආරක්ෂා වන්නේ කෙසේද යන්න ගැනයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න