ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 8/12 24-25 පි.
  • සන්ධිවලට වින කරන ගෞට්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සන්ධිවලට වින කරන ගෞට්
  • 2012 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • හේතු
  • මර්දනය කිරීමට පියවර පහක්
  • පටුන
    2012 පිබිදෙව්!
  • ආතරයිටිස් රෝගය අවබෝධ කරගැනීම
    2001 පිබිදෙව්!
  • ආතරයිටිස්—ශරීරය දුබල කරවන රෝගය
    2001 පිබිදෙව්!
  • ආතරයිටිස් රෝගීන්ට බලාපොරොත්තුවක්!
    2001 පිබිදෙව්!
තව තොරතුරු
2012 පිබිදෙව්!
g 8/12 24-25 පි.

සන්ධිවලට වින කරන ගෞට්

මෙය ආතරයිටිස් වර්ගයේ රෝගයක්. එය ඉතාමත් වේදනාකාරියි. එක් පොතක ඒ ගැන මෙසේ සඳහන් වුණා. ‘මේ රෝගයට හේතු වන්නේ ශරීරයේ ඇති යූරික් අම්ලය බැහැර නොවීමයි. එම යූරික් අම්ලය ඉතා කුඩා ප්‍රමාණයේ කැබලි ආකාරයෙන් සන්ධිවල ලසිකා තරලයේ විශේෂයෙන්ම කකුලේ මාපටැඟිල්ලේ තැන්පත් වන නිසයි මේ රෝගී තත්වය ඇති වන්නේ.’—Arthritis.

යූරික් අම්ලය යනු රුධිරයේ ඇති අපද්‍රව්‍යයක්. සාමාන්‍යයෙන් එය මුත්‍රා සමඟින් අපේ ශරීරයෙන් බැහැර වෙනවා. ඒත් එය නිසි ලෙස බැහැර නොවන විට ඒවා සිහින් ඉඳිකටු ආකාරයේ කැබලි ලෙස විශේෂයෙන්ම මාපටැඟිල්ලේ හෝ වෙනත් සන්ධිවල තැන්පත් විය හැකියි. එවිට එම සන්ධි ඉදිමෙන අතර එම ස්ථානයේ රස්නයක් දැනේ. අධික වේදනාවක්ද දැනේ.a එම රෝගයෙන් පීඩා විඳින ඇල්ෆ්‍රඩ් නම් තැනැත්තා මෙසේ පැවසුවා. “ඒ සන්ධිය යන්තම් ඇල්ලුවත් ඇති, පුදුම වේදනාවක් දැනෙන්නේ.”

“ගෞට් රෝගය නිසා ඇති වන වේදනාවට ප්‍රතිකාරයක් නොගත්තත් ඒ වේදනාව සතියකින් පමණ අඩු වී යයි. එවැනි වේදනාවක් මාස ගණනාවකට හෝ අවුරුදු ගණනාවකට යළි ඇති නොවීමට පවා ඉඩ තිබෙනවා. කෙසේවෙතත් ගෞට් රෝගය නිසි ලෙස පාලනය කළේ නැත්නම් කෙටි කාල සීමාවක් තුළ නිතර නිතර ඉතා දරුණු ලෙස මතු විය හැකි අතර සන්ධිය යළි සුව කළ නොහැකි තත්වයකට පත් විය හැකියි. සමහරවිට නිදන්ගත රෝගී තත්වයක් දක්වා දුර දිග යා හැකියි” කියා ඕස්ට්‍රේලියාවේ ආතරයිටිස් රෝගය පිළිබඳව ලියැවුණු ප්‍රකාශනයක සඳහන් වුණා.

ආතරයිටිස් රෝග අතරින් සුව කිරීමට පහසුම රෝගය වන්නේ ගෞට් රෝගයයි. සාමාන්‍යයෙන් එවැනි රෝගියෙකුට ලබා දෙන්නේ ඉදිමුම හා වේදනාව අඩු කරන ඖෂධයි. ඒත් නිතර නිතර හෝ දරුණු ලෙස වේදනාව ඇති වෙනවා නම් රුධිරයේ යූරික් අම්ලය නිපදවීම වැළැක්වීමට ඖෂධ ලබා දෙනවා. මේ රෝගයෙන් පෙළෙන කෙනෙක් නැවත නැවත ඇති වීම වළක්වාගැනීමට නම් ඊට හේතු වන කාරණා ගැන දැනුවත්ව සිටිය යුතුයි.

හේතු

ගෞට් රෝගයට මූලිකවම හේතු වන්නේ වයස, ස්ත්‍රී පුරුෂභාවය හා ජානමය බලපෑමයි. විශේෂඥයන් පවසන්නේ රෝගීන්ගෙන් සියයට 50කටත් වඩා වැඩිදෙනෙකුගේ පවුලේ කෙනෙකුට එම රෝගය තිබෙන බවයි. කලින් සඳහන් කළ ඇල්ෆ්‍රඩ් මෙසේ පවසනවා. “මගේ තාත්තටයි සීයටයි මේ ලෙඩේ තිබුණා.” විශේෂයෙන්ම අවුරුදු 40ත් 50ත් අතර වයස් මට්ටමේ සිටින පුරුෂයන්ට මෙම රෝගය වැලඳීමේ අවදානමක් තිබෙනවා. ස්ත්‍රීන්ට වඩා පුරුෂයන්ට මෙම රෝගය වැලඳීමේ ප්‍රවණතාවය තුන් හතර ගුණයකින් වැඩියි. ඔසප් වීම නතර වීමට ආසන්න වයසේ සිටින ස්ත්‍රීන්ට මෙම රෝගය වැලඳෙන්නේ කලාතුරකින්.

තරබාරුකම සහ ආහාර රටාව: “යූරික් අම්ලය සෑදීමට දායක වන ආහාර ගැනීම අවම කිරීමෙන් මෙම රෝගය පාලනය කරගැනීමට හැකියි කියා සිතූ මතය දැන් වෙනස් වී තිබෙනවා. දැන් තරබාරුකම, දියවැඩියාව සහ රුධිරයේ අධික ලෙස මේදය තිබීම වැනි කාරණා ගැන අවධානය යොමු වී තිබෙනවා. මන්ද එවැනි රෝගත් ගෞට් රෝගය ඇති වීමට බලපානවා” කියා එක් විශ්වකෝෂයක සඳහන් වෙනවා.—Encyclopedia of Human Nutrition.

කෙසේවෙතත් සමහර පර්යේෂකයන් පවසන්නේ ඊස්ට්, සමහර මාළු වර්ග සහ හරක් මස්, ඌරු මස් වැනි මස් වර්ග ආහාරයට ගැනීම අඩු කිරීමද මෙම රෝගය පාලනය කිරීමට උපකාරවත් වන බවයි.b

මත්පැන්: මත්පැන් අධික ලෙස පානය කරනවා නම් ශරීරයේ තිබෙන යූරික් අම්ලය ශරීරයෙන් බැහැර කිරීම අපහසු වෙයි. ඒ නිසා යූරික් අම්ලය රුධිරයට එකතු වේ.

රෝගී තත්වයන්: එක්සත් ජනපදයේ මේයෝ සායනය පවසන්නේ වෙනත් රෝගී තත්වයන් ගෞට් රෝගය උත්සන්න වීමට බලපාන බවයි. “අධි රුධිර පීඩනය (ප්‍රතිකාර නොගන්නා විට), කාලයක් පුරා පවතින දියවැඩියාව, රුධිරයේ මේද ප්‍රමාණය අධික වීම හා රුධිර නාළ සිහින් වීම වැනි රෝගී තත්වයන් බලපාන බවයි.” ඒ වගේම හදිස්සියේ හෝ දරුණු ලෙස රෝගාතුර වීම හෝ වෙනත් හේතුවක් නිසා එක් තැන් වන විටත් වකුගඩු ආශ්‍රිත රෝග නිසාත් ගෞට් රෝගය ඇති විය හැකියි. ගෞට් රෝගී තත්වය විශේෂයෙන්ම බලපාන්නේ පාදයේ මාපටැඟිල්ලටයි. ඊට හේතුව මාපටැඟිල්ලට රුධිරය සංසරණය වන්නේ අඩු වශයෙන් වීමයි. එමෙන්ම එහි උෂ්ණත්වයත් අඩුයි. ඒ හේතු දෙක රුධිරයේ යූරික් අම්ලය වැඩි වීමට බලපායි.

ඖෂධ: සමහර රෝග සඳහා ගන්නා ඖෂධ වර්ග නිසා ගෞට් රෝගය වැලඳීමට තිබෙන ඉඩකඩ වැඩියි. උදාහරණයකට අධි රුධිර පීඩනය තියෙන රෝගීන්ට දෙන ඖෂධ, ඇස්ප්‍රින්, අවයව බද්ධ කරන ලද රෝගීන්ට දෙන ඖෂධ හා පිළිකා රෝගීන්ට ලබා දෙන රසායනික චිකිත්සාව නිසාත් ගෞට් රෝගය ඇති විය හැකියි.

මර්දනය කිරීමට පියවර පහක්

මෙම රෝගී තත්වය ඇති වීමට කෙනෙකුගේ ජීවන රටාව දායක වන නිසා පහත සඳහන් යෝජනා අත්හදා බැලීමෙන් එය යම් තාක් දුරකට මර්දනය කරගත හැකියි.c

1. ශරීරයේ බර නිරෝගී ප්‍රමාණයකින් තබාගන්න. ආහාර පාලනය කරන්න. මන්ද අධික බර සන්ධිවලට අහිතකරයි.

2. ආහාර අනවශ්‍ය ලෙස පාලනය කර ශීඝ්‍ර ලෙස බර අඩු කරගැනීමෙන් වළකින්න. එයින් රුධිරයේ තිබෙන යූරික් අම්ලය ඉහළ යා හැකියි.

3. මස් වර්ග ආහාරයට ගැනීම සීමා කරන්න. සමහරුන් නිර්දේශ කරන්නේ දිනකට මේදය රහිත මස් හෝ මාළු ග්‍රෑම් 170ක් (අවුන්ස හයක්) ප්‍රමාණවත් බවයි.

4. ඔබ මත්පැන් පානය කරනවා නම් පාලනයක් ඇතුව ගන්න. ඔබට ගෞට් රෝගී තත්වය තිබෙනවා නම් සම්පූර්ණයෙන්ම මත්පැන්වලින් වැළකීම නුවණට හුරුයි.

5. ජලය, පලතුරු යුෂ වැනි දියර වැඩිපුර පානය කරන්න. ශරීරයේ ඇති යූරික් අම්ලය මුත්‍රා මගින් පිට වීමට එවැනි දියර වර්ග උපකාරවත් වෙයි.d

ඉහත පියවර අපට බයිබලයේ සඳහන් මෙම වදන් සිහිගන්වයි. ‘සෑම දෙයකදීම තම සීමාව දැනගෙන කටයුතු කරන්න.’ එමෙන්ම ‘බොහෝ වයින් බීමට ලොල් නොවන්න.’ (1 තිමෝති 3:2, 8, 11) අපට එවැනි මඟ පෙන්වීමක් දී තිබෙන්නේ අපේ නිර්මාතෘ වන යෙහෝවා දෙවියනුයි. අපට වඩාත් උචිත දේ කුමක්ද කියා දන්නේ ඔහුයි.

[පාදසටහන්වල]

a කැල්සියම් පයිරොෆොස්ෆේට් සන්ධිවල සෑදෙන විටත් එවැනි රෝග ලක්ෂණ දැකිය හැකියි. නමුත් එය ගෞට් රෝගය නොවෙයි. ඒ සඳහා තිබෙන ප්‍රතිකාර වෙනස්.

b ඕස්ට්‍රේලියාවේ එක් වෛද්‍ය සඟරාවක සඳහන් වුණේ හතු, බෝංචි, පරිප්පු, නිවිති හා මල්ගෝවා වැනි එළවළු වර්ග ආහාරයට ගැනීමෙන් ශරීරයට වැඩි වශයෙන් යූරික් අම්ලය එක් වුණත් “එය ගෞට් රෝගය උත්සන්න වීමට හේතුවක් කියා කීමට කිසිම සාක්ෂියක් නැති” බවයි.—Australian Doctor.

c මෙම ලිපිය සකස් කිරීමේ අරමුණ වෛද්‍ය උපදෙස් ලබා දීම නොවෙයි. එක් එක් රෝගියාගේ තත්වය අනුව ලබාගත යුතු ප්‍රතිකාර ක්‍රම වෙනස්. දැනටමත් ප්‍රතිකාර ගන්න කෙනෙක් ආහාර රටාව හා ඖෂධ, වෛද්‍ය උපදෙසක් නොමැතිව වෙනස් නොකළ යුතුයි.

d මෙම තොරතුරු ලබාගත්තේ වෛද්‍ය අධ්‍යාපනය හා පර්යේෂණ කටයුතු මෙහෙයවන මේයෝ පදනමෙනුයි.

[24වන පිටුවේ පින්තූරය/රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

ඉදිමුණු සන්ධියක්

ලසිකා සිවිය

[පින්තූරය]

තැන්පත් වූ යූරික් අම්ලය

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න