ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 8/12 16-17 පි.
  • අලි මල

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අලි මල
  • 2012 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • “මළ මිනියක්” නැඟිටියි!
    2000 පිබිදෙව්!
  • මල් යමෙක් සැලකිලිමත් වන බව පෙන්වයි
    1997 පිබිදෙව්!
2012 පිබිදෙව්!
g 8/12 16-17 පි.

අලි මල

ජෝසෆ් ආනල්ඩ් නම් බ්‍රිතාන්‍ය ජාතික උද්භිද විද්‍යාඥයා ඉන්දුනීසියාවට අයත් සුමාත්‍රා දූපතට සංචාරයක් සඳහා ගියේ එහි වැවෙන ශාක ගැන සොයා බැලීමටයි. ඔහු කැලයක් මැදින් යන විට ඔහුගේ මාර්ග උපදේශකයා එකවිටම “එන්න මහත්තයා එන්න, ඔයාට පෙන්නන්නම් ලොකු මලක්, ඒක හරිම ලස්සනයි” කියා කෑගැසුවා. ආනල්ඩ් ඒ මල දුටු හැටියේම, “ඇත්තටම මේක නම් පුදුම මලක්. මේ තරම් ලොකු මලක්. මම කවදාවත් දැකලා නැහැ” කියා පැවසුවා. ඒ සිද්ධිය වුණේ මීට වසර 200කට කලින්. එනම් 1818දීයි. එම මල ඇත්තෙන්ම අරුම පුදුම මලක්. එදා මෙන් අදටත් ලොව විකසිත වන මල් අතරින් දැවැන්තම මල ලෙස නම් දරන්නේ රැෆලිෂියා මලයි.

අග්නිදිග ආසියාවේ වනාන්තරවලට පමණක් ආවේණික මෙම රැෆලිෂියා කුලයට අයත් මල් වර්ග රාශියක් තිබෙන අතර එම කුලයට අයත් තවත් මල් වර්ග සොයාගනිමින් පවතිනවා. කෙසේවෙතත් ලොව විශාලතම මලට උරුමකම් කියන්නේ රැෆලිෂියා ආනල්ඩි නම් වර්ගයි. ඒ නම පටබැඳුණේ ජෝසෆ් ආනල්ඩ් සහ ඔහු සමඟ ඒ ගමනට හවුල් වූ සිංගප්පූරුවේ ආණ්ඩුකාරයාව සිටි ශ්‍රීමත් තෝමස් රැෆල්ස්ගෙන්. මලක් කියූ සැණින් එහි සුන්දරත්වය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. රැෆලිෂියා මලෙහි සුන්දරත්වය ගැනත් කිව හැක්කේ එයමයි. ඒත් එතරම් ප්‍රියකරු මලක් මල් කලඹකට එක් කරගන්න කිසි කෙනෙක් සතුටු නැහැ. ඒ ඇයි කියා ඔබ දැනගන්න කැමතිද?

මුලින්ම මලේ ප්‍රමාණය ගැන බලමු. රැෆලිෂියා මලේ විශ්කම්භය මීටරයක් පමණ විශාලයි. මෙය බස් ටයරයක් තරම් ලොකුයි. බර කිලෝග්‍රෑම් 11ක් පමණ වෙනවා.a මලෙහි පෙති පහක් තිබෙන අතර ඒවා ඉතා ගනකමින් යුක්තයි. රෝස සහ දුඹුරු පැහැයට හුරු වර්ණයකින් යුත් මෙම මලේ පෙතිවල සුදු පාටට ඉලිප්පුනු පුල්ලි දැකගත හැකියි. පින්තූරයේ පෙනෙන ආකාරයට පෙති පහ විහිදී තිබෙන්නේ මුට්ටියක් ආකාරයට සෑදී ඇති රවුමක් වටායි. එම මුට්ටිය වැනි කොටසේ වතුර ලීටර් හයක් පමණ දමන්න පුළුවන්.

මලක ලස්සන වගේ එහි සුවඳත් අපේ සිත් වසඟ කරගන්නවා. මිනිසා සුවඳයි මල සේ කියා කවියන් තම තෙලිතුඩින් ලිව්වේ ඒ නිසයි. ඒත් මේ මලින් හමන්නේ සුවඳක් නොව දුඟදක්. එයින් හමන දුගඳ වරක් විස්තර කර තිබුණේ දින ගණනාවක් තිස්සේ කුණු වෙමින් පවතින මීහරකෙකුගේ මළ කුණකින් හමන දුඟදටයි. මේ මල, මළ කුණු ගඳ ඇති ලිලී මල් කියාද හැඳින්වීම පුදුමයට කාරණයක් නොවේ.b මේ දුගඳට වශී වන මැස්සන් මල් වෙතට ඇදී එන අතර මල් පරාගණය වන්නේ ඒ ආකාරයටයි.

රැෆලිෂියා මලට නටුවක්වත් කොළයක්වත් මුලක්වත් නැහැ. ඇත්තෙන්ම අගක් මුලක් නැති මලක්. එය කැලෑවල බිම දිගේ වැඩී තිබෙන වැල්වල හටගන්නා පරපෝෂිත මලක්. එවැනි වැලක හටගන්නා පොහොට්ටුවක් වැඩෙන්න මාස දහයක් පමණ ගත වෙනවා. එය විශාල ගෝවා ගෙඩියක් තරම් වැඩුණු පසු පෙති එකින් එක දිගහැරෙන අතර ඒ සඳහා පැය කිහිපයක් ගත වෙයි. මෙම මලේ මැද කොටසේ කටු රාශියක් තිබෙන අතර ඉන් මලට ඇති ප්‍රයෝජන තවමත් හරියටම සොයාගෙන නැහැ. සමහර පර්යේෂකයන් පවසන්නේ එමගින් මලේ උණුසුම පිට කිරීමටත් ඉන් හමන දුගඳ තීව්‍ර කිරීමටත් දායක වන බවයි.

මෙම විස්මිත මලේ ආයු කාලය ඉතාමත් කෙටියි. එය දවස් කිහිපයකින් මැලවී දිරාපත් වෙනවා.

රැෆලිෂියා මලත් වඳ වී යෑමේ තර්ජනයට හසු වුණු මලක්. ඊට හේතුව මේ මල් විකසිත වීමටත් පෙර එහි පොහොට්ටු පාරම්පරික බෙහෙත් සෑදීමට හෝ රසවත් ආහාරයක් සෑදීම සඳහා කඩාගැනීමයි. ඒ නිසා මේ මල්වලට පරාගණය වී බෝ වීමට අවස්ථාවක් ලැබෙන්නේ ඉතා කලාතුරකින්. ඒ වගේම වැසි වනාන්තර විනාශ කිරීමද මේ මල් වඳ වී යෑමට හේතුවක් වී තිබෙනවා.

මේ මල දුටු කෙනෙකුට එහි විශාලත්වය, වර්ණය හා ඉන් හමන දුගඳ නිසා එය කිසිදාක අමතක වෙන්නේ නැහැ. මෙය අපේ නිර්මාතෘ වන යෙහෝවා දෙවිගේ අපූර්ව නිර්මාණ අතරින් එකක් පමණයි. බයිබලයේ පවසන මේ වදන් මොන තරම් සැබෑද! “යෙහෝවා දෙවියනි, ඔබ කොතරම් දේවල් නිර්මාණය කර ඇද්ද! ඔබ ඒ සියල්ල ප්‍රඥාවෙන් සෑදුවෙහිය. පොළොව ඔබේ නිර්මාණවලින් පිරී තිබේ.”—ගීතාවලිය 104:24.

[පාදසටහන්වල]

a මෙම කුලයට අයත් සමහර මල්වල පෙතිවල විශ්කම්භය සෙන්ටිමීටර් දහයයි.

b ටයිටැන් ඇරම් මලින්ද (ඇමෝර්ෆෝෆැලස් ටයිටැනම්) දුගඳක් හමන නිසා එය හඳුන්වන්නේ මිනී මල ලෙසයි. සමහරුන් මේ මල රැෆලිෂියා මල හා පටලවා ගනියි. වැඩි විස්තර සඳහා 2000 ජූලි පිබිදෙව්! කලාපයේ 31වෙනි පිටුව බලන්න.

[17වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

මැලේසියාව

සුමාත්‍රා

[17වන පිටුවේ පින්තූරය]

විකසිත වීමට ආසන්න රැෆලිෂියා පොහොට්ටුවක්

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න