ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 10/12 5 පි.
  • උපකාර ලබාගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • උපකාර ලබාගන්න
  • 2012 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • ගුරුවරයා එක්ක වැඩ කරන්න අමාරුයි නම් මොකද කරන්නේ?
    යොවුන් සිතේ ගැටලු
  • මගේ ගුරුවරයාගේ හිත දිනාගන්නේ කොහොමද?
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 1වන පොත
  • මගේ ගුරුවරයා සමඟ පෑහී සිටීමට මට හැක්කේ කෙසේ ද?
    යෞවනයන් අසන න—ක්‍රියාවට නැගිය හැකි තුරු
  • ගුරුවරුන් අපට අවශ්‍ය ඇයි?
    2002 පිබිදෙව්!
තව තොරතුරු
2012 පිබිදෙව්!
g 10/12 5 පි.

උපකාර ලබාගන්න

ළමා කාලයේදී පමණක් නොව වැඩිහිටියෙකු වූ පසුවත් අන් අයගේ උපකාර අවශ්‍යයි.

පාසැල් අධ්‍යාපනය සාර්ථක කරගැනීමට ඔබට උපකාර ලබාගන්න පුළුවන් කාගෙන්ද?

පවුලේ අය.

“පාසැලෙන් දෙන ගෙදර වැඩ තනියම කරගන්න බැරි වුණාම මගේ තාත්තා මට උදව් කරනවා. තාත්තා පාඩම කියලා දීලා ඒකෙන් ප්‍රශ්න අහනවා. හැබැයි ප්‍රශ්නවලට උත්තර තාත්තා කියලා දෙන්නේ නැහැ.”a එසේ පැවසුවේ බ්‍රසීලයේ ජීවත් වන 18 හැවිරිදි ශිෂ්‍යාවක්.

යෝජනාවක්: ඔබට යම් විෂයක් අමාරු නම් අම්මා හරි තාත්තා හරි පාසැල් යන කාලයේදී ඒ විෂය දක්ෂ ලෙස කළාද කියා අහන්න. එසේනම් ඔබට උපකාර ලබාගන්න හොඳම අය වන්නේ ඔවුනුයි.

ගුරුවරු.

යම් විෂයක් ඉගෙනගන්න ශිෂ්‍යයෙකුට ඇත්තටම උනන්දුවක් තිබෙනවා නම් ඔවුන්ට උදව් කිරීමට ගුරුවරුන් කැමතියි.

යෝජනාවක්: ඔබේ ගුරුවරයාගෙන් මෙසේ අසන්න. “මට මේ විෂය ටිකක් අමාරුයි. හැබැයි මම ආසයි ඒක ඉගෙනගන්න. මම මොනවද කරන්න ඕනේ?”

මඟ පෙන්වන්නෙක්.

ඔබේ පවුලට කිට්ටු කෙනෙකුට හැකි වෙයි ඔබට උපකාර කරන්න. එයින් ඔබට ප්‍රයෝජන දෙකක් ලැබෙනවා. එකක් නම් අවශ්‍ය විටක ඔවුන් ඔබට උපකාර කිරීමයි. දෙවෙනි එක නම් ඔබ තනිව ගැටලු සමඟ පොරබදිනවා වෙනුවට කෙනෙකුගේ උපකාරය ලබාගැනීමට පෙලඹීමයි. ඔබ වැඩිහිටියෙක් වූ පසුවත් එසේ කිරීම ප්‍රයෝජනවත්. ඊට හේතුව කිසිවෙකුට තනිව සාර්ථක වීමට නොහැකි වීමයි.—හිතෝපදේශ 15:22.

යෝජනාවක්: ඔබට හොඳ උපදෙස් ලබාගැනීමට තෝරාගන්න පුළුවන් කාවද කියා දෙමාපියන්ගෙන් අසන්න.

නිගමනය: අවශ්‍ය විටක යම් කෙනෙකුගෙන් උපකාර ඉල්ලීමේ වරදක් නැහැ.

ඔබ දැනටමත් පරක්කු නැහැ. ඔබට උපකාර ලබාගත හැකි දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ නම් ලියාගන්න. ඔබේ පාසැල් වැඩවලට ඒ අයගෙන් කෙනෙකුට උපකාර කරන්න පුළුවන්ද කියා බලන්න.

a අයියා කෙනෙකුගෙන් හෝ අක්කා කෙනෙකුගෙන් වුණත් උපකාර ලබාගත හැකියි.

“මං ආසම සර්”

“මං ආසම සර් වැඩිය විහිළුතහළු කරන්නේ නැහැ. ඒත් සර් හරිම උනන්දුවෙන් උගන්වනවා. ඒ නිසා අපි හැමෝම සර්ට ගරු කළා. සර් උගන්වනකොට එක තැන හිටගෙන ඉන්නේ නැහැ. හැමෝ ළඟටම යනවා. හැම ළමයෙකුවම පාඩමට හවුල් කරගන්නවා. අපිට මොකක් හරි තේරුණේ නැත්නම් ඉවසීමෙන් තේරුම් කරලා දෙනවා. ප්‍රශ්න අහන්න කියලා අපට උනන්දු කරනවා. එහෙම ප්‍රශ්න අහනකොට අපිට නොතේරුණ දේ සර් දැනගන්නවා වගේම සර්ට තවත් හොඳ ගුරුවරයෙක් වෙන්න උපකාරයක් කියලා සර් කිව්වා. සර් හැම ළමයෙක් ගැනම හුඟක් සැලකිලිමත්. අවුරුද්දක් විතර සර්ගෙන් ඉගෙනගත්තට පස්සේ හැම ළමයෙක්ම වගේ සර් උගන්වපු ගණකාධිකරණ විෂය තෝරගත්තා.”—ඕස්ට්‍රේලියාව ඇලේනා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න