ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 3/13 10-11 පි.
  • අසභ්‍ය දර්ශන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අසභ්‍ය දර්ශන
  • 2013 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අසභ්‍ය දර්ශන බැලීම වැරදිද?
  • අසභ්‍ය දර්ශන බලනවා විතරයි. දකින දේ කරන්නෑ. ඒකත් වැරදිද?
  • අසභ්‍ය දර්ශන බැලීමේ පුරුද්දෙන් ගොඩ එන්න උදව් වෙන්නේ මොකක්ද?
  • කාමුක දර්ශනවලින් සිදු වන හානිය
    2003 පිබිදෙව්!
  • අසභ්‍ය පින්තූර බලන්න හොඳ නැත්තේ ඇයි?
    යොවුන් සිතේ ගැටලු
  • අන්ත්‍රාවයි! පරිහරණය කළොත් විනාසයි
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • කාමුක දර්ශන බැලීමෙන් වළකින්නේ කෙසේද?
    2007 පිබිදෙව්!
තව තොරතුරු
2013 පිබිදෙව්!
g 3/13 10-11 පි.

බයිබලයෙන් පිළිතුරක්

අසභ්‍ය දර්ශන

අසභ්‍ය දර්ශන බැලීම වැරදිද?

‘කාමාශාවකින් ස්ත්‍රියක් දෙස දිගින් දිගටම බලමින් සිටින සෑම කෙනෙකුම ඒ වන විටත් සිතින් ඇය සමඟ අනාචාරයේ හැසිරී ඇත.’—මතෙව් 5:28.

පිළිතුර දැනගැනීමේ වැදගත්කම.

අද අසභ්‍ය දර්ශන හැම තැනම දකින්න තියෙනවා. ඕනෑම කෙනෙකුට පහසුවෙන් ලබාගන්නත් පුළුවන්. ඒත් දෙවිව සතුටු කරන්නත් ඔබේ ජීවිතය සතුටින් ගත කරන්නත් ඔබ කැමති නම් අසභ්‍ය දර්ශන බැලීම ගැන දෙවි හිතන දේ දැනගත යුතුමයි.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

අසභ්‍ය දර්ශන බැලීම ගැන බයිබලයේ කෙළින්ම කතා කරලා නෑ. ඒත් එය වැරදි බව එහි තියෙන බොහෝ ප්‍රතිපත්තිවලින් පැහැදිලි වෙනවා.

උදාහරණෙකට පුරුෂයෙක් තම බිරිඳ නොවන වෙනත් ‘ස්ත්‍රියක් දෙස දිගින් දිගටම බලනවා’ නම් ඔහු තුළ ඇය සමඟ ලිංගිකව හැසිරීමට ආශාවක් ඇති වී අන්තිමේදී අනාචාරයේ යෙදෙන්න පවා පුළුවන්. ලිංගික ක්‍රියාවල යෙදීමේ ආශාව ඇතුව අසභ්‍ය දර්ශන ‘දිගටම බලන’ විවාහකයන්ට වගේම තනිකඩයන්ටත් බයිබලයේ ඇති ඒ උපදෙස අදාළයි. ඒ වගේ දෙයක් කරනවා නම් එය දෙවිට ඉතාම පිළිකුල්.

අසභ්‍ය දර්ශන බලනවා විතරයි. දකින දේ කරන්නෑ. ඒකත් වැරදිද?

‘වේශ්‍යාකම් කිරීමට හා අපවිත්‍ර ක්‍රියාවල යෙදීමට ඇති ආශාවද කාමාශාවද වෙනත් හානිකර ආශාද තණ්හාවද සහමුලින්ම ඔබේ ශරීරයේ අවයවවලින් නැති කර දැමිය යුතුයි.’—කොලොස්සි 3:5.

මිනිස්සු කියන්නේ මෙහෙමයි.

අසභ්‍ය දර්ශන බලන කෙනෙක් අනාචාර ක්‍රියාවල යෙදෙන්න බොහෝදුරට ඉඩ තියෙනවා කියලා සමහර පර්යේෂකයන් විශ්වාස කරනවා. එහෙමනම් අසභ්‍ය දර්ශන බැලීම හරියි කියලා කියන්න පුළුවන්ද?

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

“අසභ්‍ය විහිළු” සුදුසු නැහැ කියලයි එහි කියන්නේ. (එෆීස 5:3, 4) එහෙමනම් අසභ්‍ය දර්ශන බැලීම හොඳ දෙයක් වෙන්න පුළුවන්ද? අනාචාරය, සමලිංගික හා වෙනත් පහත් ලිංගික ක්‍රියාවල ඇත්තටම යෙදෙන විදිහ පෙන්වන පටිගත කළ දර්ශන අසභ්‍ය දර්ශන ගණයට වැටෙනවා. කෙනෙක්ව කාමුක සිතුවිලිවලින් වල්මත් කරන අසභ්‍ය දේවල් නැරඹීම, අසභ්‍ය කතාවලට වඩා දෙවියන් පිළිකුල් කරන බව පැහැදිලියි.

අසභ්‍ය දර්ශන බලන කෙනෙක් ඒ ක්‍රියාවල් කරනවාද නැද්ද කියන එක ගැන පර්යේෂකයන් විවිධ මත දරනවා. ඒත් එය දෙවියන් තදින්ම පිළිකුල් කරනවා කියලත් කෙනෙකුගේ මනස විකෘති කරනවා කියලත් බයිබලයේ කියනවා. එහි මේ උපදෙස දෙනවා. ‘වේශ්‍යාකම් කිරීමට හා අපවිත්‍ර ක්‍රියාවල යෙදීමට ඇති ආශාවද කාමාශාවද ඔබේ ශරීරයේ අවයවවලින් නැති කර දැමිය යුතුයි.’ (කොලොස්සි 3:5) අසභ්‍ය දර්ශන බලන කෙනෙක් ලිංගික ආශාවන් නැති කරනවා නෙමෙයි ඒවා තව තවත් පෝෂණය කරමින් මුළුමනින්ම කාමුක සිතුවිලිවලින් වල්මත් වෙනවා.

අසභ්‍ය දර්ශන බැලීමේ පුරුද්දෙන් ගොඩ එන්න උදව් වෙන්නේ මොකක්ද?

‘ඔබ අයහපත් දේ අත්හැර යහපත් දේ කළ යුතුයි. දුෂ්ට දේට පිළිකුල් කර යහපත් දේට ඇලුම් කරන්න.’—ආමොස් 5:14, 15.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

ඉතාම පහත් ලිංගික ක්‍රියාවල යෙදුණු අය ඒ ක්‍රියා අත්හැරලා හොඳ අය වුණ විදිහ ගැන බයිබලයේ සඳහන් වෙනවා. (1 කොරින්ති 6:9-11) එහෙම කරන්න ඔවුන්ට පුළුවන් වුණේ බයිබලයේ සඳහන් නැණවත් උපදෙස් පිළිපැදලා දුෂ්ට දේට පිළිකුල් කරන්න ඉගෙනගත්ත නිසයි.

අසභ්‍ය දර්ශන බැලීමෙන් ඇති වෙන දරුණු ප්‍රතිඵල ගැන හිතුවොත් එයින් ගොඩ එන්න පුළුවන්. මෑතකදී ඇමරිකාවේ ඌටා විශ්ව විද්‍යාලයේ කළ සමීක්ෂණයකින් හෙළි වුණේ අසභ්‍ය දර්ශන බලන අයට මානසික අවපීඩනය, සමාජයෙන් වෙන් වෙලා සිටීම, බැඳීම් පලුදු කරගැනීම වගේ ප්‍රතිඵලවලට මුහුණ දෙන්න සිදු වන බවයි. ඊට වඩා දරුණුම ප්‍රතිඵලය නම් අසභ්‍ය දර්ශන බැලීමෙන් කෙනෙක්ට දෙවියන්ගේ ආශිර්වාද නැති වීමයි.

යහපත් දේ කරන්න බයිබල් දැනුම අපිට උපකාරයක්. බයිබලය කියවන තරමට එහි ඇති ප්‍රමිති ගැන අපිට තියෙන ඇල්මත් වැඩි වෙනවා. ඒ ඇල්ම “කිසි කමකට නැති දේවල් දෙස මම නොබලන්නෙමි” කියා බයිබල් ලේඛකයා ගත්ත අධිෂ්ඨානය ගන්න අපිටත් උපකාර වෙයි.—ගීතාවලිය 101:3.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න