අපේ විත්ති
ඉන්දුනීසියාවට යමු
ඉන්දුනීසියාවට දූපත් 17,000ක් විතර තියෙනවා. ඒ රටේ වැසියන් හරිම මිත්‍රශීලියි. ඉවසිලිවන්තයි. අනිත් අයට ගරු කරනවා. ආගන්තුක සත්කාරයටත් ලැදියි.
බත්, කුළු බඩුවලින් රස කළ ව්‍යාංජන සහ පළතුරු වගේ දේවල් එයාලගේ කෑම වේලට අයිතියි. සමහර පැතිවල අය පැදුරක් එළාගෙන වාඩි වෙලා කෑම කන්නෙ අතින්. එහෙම කද්දි කෑම හරිම රහයි කියලයි එයාලා කියන්නෙ.
දූරියන්වල එතරම් ප්‍රියමනාප සුවඳක් නැතත් එය රසවත් පලතුරක්
ඉන්දුනීසියානුවන් කලාවට, නැටුමට හා සංගීතයට හරිම ලැදියි. අංක්ලං කියන්නෙ එයාලටම ආවේණික සංගීත භාණ්ඩයක්. ඒක හදලා තියෙන්නෙ උණ බට කීපයක් රාමුවක එල්ලලා. ඒ උණ බට සුසර කර තියෙන විදිහෙනුත් හොලවන විදිහෙනුත් මියුරු නාදයක් නිපදවෙනවා. කීපදෙනෙක් එකතු වෙලා තම තමන්ගෙ සංගීත භාණ්ඩ වාදනය කළොත් මියුරු සංගීත රාවයක් තනන්න පුළුවන්.
ගස් උඩ ජීවත් වන විශාලම සතා වන ඔරංඔටන් සුමාත්‍රා සහ බෝර්නියෝ දූපත්වල තිබෙන වැසි වනාන්තරවල නිදැල්ලේ වෙසෙනවා. හොඳින් වැඩුණු සතෙක් කිලෝග්‍රෑම් 90ක් විතර බරයි. උගේ අත් දෙපැත්තට විහිදුවාම අඩි අටක් පමණ දිගයි
පහළොස්වෙනි සියවස වෙනතුරුම ප්‍රධාන ආගම් විදිහට තිබුණෙ හින්දු ආගමයි බෞද්ධාගමයි. ඒත් 16වෙනි සියවසේදී ඉන්දුනීසියානු සංස්කෘතියේ ප්‍රධාන තැනක් ගත්තේ ඉස්ලාම් ආගමයි. ඒ සියවසේදීම කුළු බඩු හොයාගෙන ආපු යුරෝපීය ජාතිකයන් ක්‍රිස්තියානි ආගමත් ඒ රටට ගෙනාවා.
බයිබලය ගැන ඉගැන්වීමේ කාර්යයේ ලොව පුරා නියැළෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඉන්දුනීසියාවේ ඒ සේවය පටන්ගත්තෙ 1931දීයි. සාක්ෂිකරුවන් 22,000කට වඩා දැන් එහෙ ඉන්නවා. එයාලා බයිබලය ගැන බිහිරි අයට ඉගැන්වීමටත් වෑයමක් දරනවා. ගිය අවුරුද්දෙ යේසුස්ගේ මරණය සිහි කිරීම සඳහා බිහිරි අය වෙනුවෙන් පවත්වපු රැස්වීමට 500කට වඩා වැඩිදෙනෙක් සහභාගි වුණා.
භාෂා 98කින් ප්‍රකාශයට පත් කරන පිබිදෙව්! සඟරාව ඉන්දුනීසියානු බහාසා භාෂාවෙනුත් තියෙනවා