දස දෙසින්
එක්සත් ජනපදය
පහුගිය අවුරුදු දහයේදී මඟීන් විසින් ගුවන් තොටුපොළට ගෙනාපු තහනම් බඩු මිලියන 50ක් පමණ ආරක්ෂක නිලධාරීන් රාජසන්තක කළා. වර්ෂ 2011දී විතරක් ගිනි අවි 1200කට වඩා ගෙනියන්න තැත් කළත් ඒ උත්සාහය වළක්වා තියෙනවා. මඟීන්ගෙන් වැඩිදෙනෙක් කිව්වේ තමන් ළඟ ගිනි අවියක් තිබුණද කියලවත් මතක නෑ කියලා. එහෙම වාර්තා කළේ අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍යංශයයි.
බ්‍රසීලය
පාසැල් ළමුන් කට්ටි පැනීම නවත්වන්න අධ්‍යාපන බලධාරීන් දරුවන්ගේ නිල ඇඳුමට ඉලෙක්ට්‍රෝනික චිපයක් ඇතුල් කරන්න පටන් අරන්. ළමයා පාසැලට ආ ගමන්ම කෙටි පණිවිඩයක් අම්මට හෝ තාත්තට ලැබෙනවා. ඒත් පාසැල පටන් අරන් විනාඩි 20කට පස්සෙත් ළමයා ඇවිත් නැත්නම් ලැබෙන්නෙ වෙනස් විදිහෙ පණිවිඩයක්.
නෝර්වේ
ඉස්සර තරම් ආගමට ආණ්ඩුවේ තැනක් නෑ. මේ දෙක වෙන වෙනම ක්‍රියාත්මක වෙන්න ඕනෙ කියලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයක් කරන්න පාර්ලිමේන්තුවේ ඡන්දයක් පැවත්තුවා. එවැනි දේකට ඡන්දයක් පැවැත්තුවේ මුල් වතාවටයි. දැන් ලුතරන් ආගම රටේ නිල ආගම නෙමෙයි.
චෙක් ජනරජය
සමීක්ෂණයකදී රැකියා කරන අයගෙන් තුනෙන් දෙකක්ම කිව්වෙ වැඩ වෙලාවෙන් පස්සෙත් රැකියාවට අදාළ දුරකථන ඇමතුම්, ඊ-මේල් සහ කෙටි පණිවිඩවලට උත්තර දෙන්න වෙනවා කියලයි. එහෙම නොකරන එක ආචාරශීලි නැති දෙයක් විදිහටයි තුනෙන් එකකට වඩා පිරිසක් හිතුවේ.
ඉන්දියාව
පහුගිය අවුරුදු 20 තුළ ආහාර නිෂ්පාදනය සියයට 50කින් වැඩි වුණත් හාල් සහ තිරිඟු ටොන් මිලියන 71ක් ගබඩාවල තිබුණත් ඉන්දියානුවන් හුඟදෙනෙක් ඉන්නෙ බඩගින්නෙ! ගබඩාවල තියෙන ආහාරවලින් ජනයා අතට පත් වෙන්නේ සියයට 40ක් විතරයි. දූෂණය හා නාස්තිය ඊට හේතු දෙකක්.