ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 7/13 10-11 පි.
  • වැලි කතරේ ඤාව්වා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වැලි කතරේ ඤාව්වා
  • 2013 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පූසාගේ දිව
    නිර්මාණයක්ද?
  • වැලි මත ඇවිදීම වඩා හොඳ සෞඛ්‍යයට පියවර
    1995 පිබිදෙව්!
  • මිත්‍රත්වයක් පවත්වාගැනීමට නම් ඔබ මිතුරෙක් වෙන්න ඕනේ
    දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්!
තව තොරතුරු
2013 පිබිදෙව්!
g 7/13 10-11 පි.
[පින්තූරය]

වැලි කතරේ ඤාව්වා

[10වන පිටුවේ පින්තූරය]

මාස දෙකක් පමණ ගැබ්බරව සිටින පූසියෙක් සාමාන්‍යයෙන් පැටවුන් තුන්දෙනෙක් විතර දානවා

දහවල් කාලයේ කාන්තාරය ගිනියම් වෙලා තියෙන නිසා සෑන්ඩ් කැට් කියන මේ පූස් වර්ගය එළි පහළියට බහින්නේ රාත්‍රි කාලයේදී. ගුලෙන් එළියට ඇවිත් අවට විපරම් කරන ඌ අහළ පහළ සද්ද බද්දවලටත් හොඳින් කන් දෙනවා. ඊටපස්සෙ හොර පූසෙක් වගේ හෙමින් සීරුවේ ඌ වැලි කතර හරහා පියමං කරනවා.

ඌ මීයන් වැනි කුඩා සතුන්ව දඩයම් කරන්න හරි සූරයි. මීයෙක්ව දැක්කම කුරුමානම අල්ලලා එකපාරටම උගේ ඇඟට කඩා පනිනවා. මීයාට හිතාගන්නවත් වෙලාවක් නෑ. මේ විදිහට රාත්‍රිය පුරා කරක් ගහලා දඩමස් ගිලලා බඩ කට පුරවගත්තට පස්සෙ ඉතුරු ටික වැලි අස්සෙ හංගනවා. ආයෙමත් ගුල කරා ඇදෙන්නේ අලුයම් ආලෝකය වැටෙද්දී. උන්ව දවල් කාලයේදී දකින්න ලැබෙන්නේ හාවා හඳ දකිනවා වගේ. දැන් අපි තවත් සිත්ගන්නා පූස් තොරතුරු ටිකක් බලමු.

  • ඇසීමේ හැකියාව තියුණු නිසා ගොදුර පොළොව යට හිටියත් පහසුවෙන් හොයාගන්න ඌට පුළුවන්

  • සහකාරියක්ව හොයාගන්න ඌ නඟන්නේ තියුණු හඬක්. ඇසීමේ හැකියාව පූසිගෙත් තියුණු නිසා ඈතක හිටියත් ඒ හඬ ඌට ඇහෙනවා

  • උගේ අත් පා මවිල්වලින් වැසී තියෙන නිසා ඌ වැලිවල එරෙන්නේ නෑ. ගිනියම් වූ වැලි මත ඇවිද්දත් රස්නය දැනෙන්නෙ නෑ

  • කනේ ඇතුළත ගොඩක් මවිල් තියෙන නිසා වැලි කුණාටුවලින් කන් ආරක්ෂා වෙනවා

  • යටි පතුල් මවිල්වලින් වැසී තියෙන නිසා උගේ පා සලකුණු හොයාගන්න ලේසිත් නෑ

  • ගොදුරට ගන්නා සතාගේ ඇඟේ තියෙන ද්‍රවවලින් වුණත් ජීවත් වෙන්න ඌට පුළුවන්

  • කාරා කුම් කාන්තාරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 80 දක්වා ඉහළ යන අතර සමහර අවස්ථාවල සෙල්සියස් අංශක -25 දක්වා පහත වැටෙනවා

වතගොත

  • දැක ගත හැක්කේ: අරාබියේ, මධ්‍යම සහරාවේ සහ මධ්‍යම ආසියාවේ සමහර ප්‍රදේශවල

  • බර: පිරිමි සතෙක් කිලෝග්‍රෑම් දෙකත් තුනත් අතර

  • දිග: අඟල් 16ත් 22ත් අතර

  • වල්ගය: අඟල් අටත් 12ත් අතර

  • චර්යාව: දරුණු කැලෑ බළලුන්ට වඩා හීලෑයි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න