ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 6/14 10-11 පි.
  • ජෝසෆ් ප්‍රීස්ට්ලි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජෝසෆ් ප්‍රීස්ට්ලි
  • 2014 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • විද්‍යාත්මක සොයාගැනීම්
  • ආගමික සත්‍යයන් සෙවීම
  • පටුන
    2014 පිබිදෙව්!
  • විද්‍යාව සහ ආගම එක් කිරීම
    2002 පිබිදෙව්!
  • නිර්වින්දනයේ සුල මුල
    2000 පිබිදෙව්!
  • ආදර්ශවත් පියෙක්
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
තව තොරතුරු
2014 පිබිදෙව්!
g 6/14 10-11 පි.
ජෝසෆ් ප්‍රීස්ට්ලිගේ පිළිරුවක්

අතීතයෙන් සටහනක්

ජෝසෆ් ප්‍රීස්ට්ලි

“ජෝසෆ් ප්‍රීස්ට්ලි සතු හැකියාවන්, ඔහු තුළ තිබූ උනන්දුව, ඔහු කළ සොයාගැනීම්, මනුෂ්‍යත්වය වෙනුවෙන් ඔහු කළ කැප කිරීම් විශිෂ්ටයි. විවිධ විෂයන් ගැන ඔහුට තිබූ කුතුහලය නිසාත්, විද්‍යාව, ආගම, දර්ශනය සහ දේශපාලනය වැනි ක්ෂේත්‍රයන් තුළ ඔහුගේ දායකත්වය නිසාත් ප්‍රංශ විප්ලවයට දැක්වූ සහාය සහ ඔහු මුහුණ දුන් අසාධාරණකම් නිසාත් ඔහුව 18වෙනි සියවසේ සිටි වීරයෙක් ලෙස සැලකිය හැකියි.”—දර්ශනවාදියෙක් වූ ෆෙඩ්‍රික් හැරිසන්.

ඔහු කළ කී දේවල් ගැන දැනගැනීම වැදගත් වෙන්නේ ඇයි? ඊට හේතුව අප හුස්ම ගන්න වාතය, දේශපාලනය සහ දෙවියන් ගැන වෙනස් මුහුණවරකින් බලන්න ඔහු සොයගත් දේවල් සහ ඔහු ලියූ පොත් පත් මිනිසුන්ට උපකාරවත් වූ නිසයි.

ඔහු විද්‍යාව ගැන ලිව්වත් ආගම ගැන ලිව්වත් ඒ හැම අවස්ථාවකදීම සම්ප්‍රදායන්වලට වඩා සත්‍යයට මුල් තැන දුන්නා. ඔහු එය කළේ කොහොමද?

විද්‍යාත්මක සොයාගැනීම්

1765දී ඇමරිකානු විද්‍යාඥයෙක් වූ බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් හමු වන තුරු ජෝසෆ් ප්‍රීස්ට්ලි විද්‍යාව හැදෑරුවේ විනෝදාංශයක් ලෙසයි. පසුව ඔහු විද්‍යුතය පිළිබඳව පර්යේෂණ ඇරඹුවා. ඔහුගේ සොයාගැනීම් ගැන සමකාලීනයන් කොතරම් පැහැදුණාද කියනවා නම් ඊළඟ වසරේදී ඔහුට ලන්ඩනයේ රාජකීය සංගමයේ සාමාජිකත්වය පිරිනැමුවා.

ඊළඟට ඔහුගේ අවදානය යොමු වුණේ රසායන විද්‍යාවටයි. වැඩි කල් යන්න කලින් ඔහු ඇමෝනියා සහ නයිට්‍රස් ඔක්සයිඩ් වැනි වායූන් සොයාගත්තා. ඒ වගේම ඔහු කාබන්ඩයොක්සයිඩ් සහ ජලය එකතු කිරීමෙන් සෝඩා වතුර නිපදෙව්වා.

1774දී ඔහු දකුණු එංගලන්තයේ පර්යේෂණයක නියැලෙමින් සිටියදී ඉටි පන්දම් දැල්ලේ දීප්තිය වැඩි කරන වායුවක් සොයාගත්තා. ඔහු එම වායුව පිරවූ වීදුරුවකට මීයෙකුව දැමූ අතර ඌට වැඩි කාලයක් ජීවත් වෙන්න පුළුවන් වුණා. ඔහුත් එම වායුව ආශ්වාස කළ පසු කියා සිටියේ ඉන් “හුස්ම ගන්න පහසුවක් වගේම සැහැල්ලුවක්” දැනුණු බවයි.

එදා ජෝසෆ් ප්‍රීස්ට්ලි සොයාගෙන තිබුණේ ඔක්සිජන් වායුවයි.a ඒත් ඔහු හිතුවේ ඔහු සොයාගත්තේ ෆ්ලොජිස්ටන් අඩංගු නැති සාමාන්‍ය වාතය කියායි. ඔහු එසේ සිතුවත් බොහෝ අය කියන්නේ ඔහු කළ සොයාගැනීම් අතරින් එය විශිෂ්ටතම සොයාගැනීමක් කියායි.

ආගමික සත්‍යයන් සෙවීම

ජෝසෆ් ප්‍රීස්ට්ලි කියා සිටියේ මිනිසුන් දැනටමත් පිළිගත් සිද්ධාන්ත නිසා විද්‍යාවෙන් සොයාගන්නා සත්‍යයන් යටපත් වෙනවා හා සමානව ආගමික සම්ප්‍රදායන් හා මතිමතාන්තර නිසා ආගමික සත්‍යයන්ද යටපත් වෙනවා කියායි. නමුත් බයිබල් සත්‍යයන් සෙවීමට වෑයම් කළ ඔහුත් බයිබලයට පටහැනි වැරදි මත දැරුවා. උදාහරණයකට ඔහු බයිබලය දෙවියන්ගේ මඟ පෙන්වීම තුළින් ලියා තිබෙන පොතක් කියා පිළිගත්තේ නැහැ. ඒ වගේම යේසුස් පොළොවට ඒමට පෙර ස්වර්ගයේ ජීවත් වුණා කියා පිළිගත්තෙත් නැහැ.

“විද්‍යාව යනු සත්‍යය සෙවීම නම් ප්‍රීස්ට්ලි යනු සැබෑම විද්‍යාඥයෙක්.”—ජීවවිද්‍යාඥවරියක් වන කැත්රින් කලන්

ඒ කෙසේ වෙතත් ඔහු ප්‍රමුඛ පෙළේ ආගම්වල එදා සිට අද දක්වා තිබෙන සමහර වැරදි ඉගැන්වීම් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. යේසුස් හා ඔහුගේ අනුගාමිකයන් ඉගැන්වූ දේවල්වලට ත්‍රිත්වය, අමරණීය ආත්මය සහ රූප වන්දනාව වැනි බයිබලයේ හෙළාදැක තිබෙන බොරු ඉගැන්වීම් එකතු කර තිබෙන බව ඔහු සඳහන් කළා.

ප්‍රීස්ට්ලි දැරූ ආගමික මත සහ ප්‍රංශ විප්ලවයට දැක්වූ සහයෝගය නිසා කුපිත වූ රටවැසියන් 1791දී ඔහුගේ නිවස සහ පර්යේෂණාගාරය විනාශ කළා. ඒ නිසා ඔහු ඇමරිකාවට පලා ගියා. ඔහුගේ විද්‍යාත්මක සොයාගැනීම් ගැන මිනිස්සු අද ප්‍රශංසා මුඛයෙන් කතා කරනවා. ඒත් ඔහු “මනුෂ්‍යයෙකුගේ ජීවිතයේ වැදගත්ම දේ” කියා සැලකුවේ දෙවියන් ගැනත් ඔහුගේ අරමුණු ගැනත් ඉගෙනගැනීමයි.

a ඊට පෙර ස්වීඩන් ජාතික ඖෂධවේදියෙක් වූ කාල් ෂේලර් ඔක්සිජන් වායුව සොයාගෙන තිබුණත් එය ප්‍රසිද්ධ කර තිබුණේ නැහැ. පසු කාලයකදී ඖෂධවේදියෙක් වූ ඇන්ටොයින් ලැවෝෂියර් එම වායුව ඔක්සිජන් වායුව කියා නම් කළා.

තොරතුරු බිඳක්

  • ජෝසෆ් ප්‍රීස්ට්ලි උපත ලැබුවේ 1733දී එංගලන්තයේ ලීඩ්ස් නගරයේදීයි.

  • ඔහු විද්‍යාඥයෙකු ලෙස වායූන් කිහිපයක් සොයාගත්තා.

  • දේශපාලන මතධාරියෙක් හැටියට ඔහු අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, ආගමික නිදහස සහ අධ්‍යාපනය ලැබීමේ නිදහස වෙනුවෙන් ක්‍රියා කළා.

  • දේවගැතිවරයෙකු ලෙස ත්‍රිත්වය, අමරණීය ආත්මය වැනි සම්ප්‍රදායික ඉගැන්වීම් ඔහු ප්‍රතික්ෂේප කළා.

  • 1794දී ඇමරිකාවට පලා ගිය ඔහු ඉන් වසර 10කට පසු මිය ගියා.

සත්‍යයද සම්ප්‍රදායද?

කුපිත වූ ජනයා1791දී ප්‍රීස්ට්ලිගේ නිවස සහ පර්යේෂණාගාරය විනාශ කරමින්

කුපිත වූ ජනයා1791දී ප්‍රීස්ට්ලිගේ නිවස සහ පර්යේෂණාගාරය විනාශ කළා

බොහෝ ආගමික සම්ප්‍රදායන් බයිබලයට පටහැනි බව ප්‍රීස්ට්ලි පැවසුවා. උදාහරණ කීපයක්:

  • සම්ප්‍රදායික ඉගැන්වීම: යේසුස් හා දෙවියන් එක හා සමානයි.

    සත්‍යය: යේසුස් කිව්වේ “පියාණන් මට වඩා උතුම්” කියලයි.—යොහන් 14:28.

  • සම්ප්‍රදායික ඉගැන්වීම: මරණයෙන් පසු ආත්මය නොනැසී පවතිනවා.

    සත්‍යය: “මිය ගිය අය කිසිවක් දන්නේ නැත. . . . ඔබ යන මිනී වළේදී කිසි වැඩක් කරන්නවත් කිසි දෙයක් ගැන කල්පනා කරන්නවත් ඔබට නොහැක. එහි දැනුමද ප්‍රඥාවද නැත.”—දේශනාකාරයා 9:5, 10.

  • සම්ප්‍රදායික ඉගැන්වීම: දෙවියන්ට නමස්කාර කරන්න රූපයක් අවශ්‍යයි.

    සත්‍යය: “මාගේ නාමය යෙහෝවාය. මට හිමි ගෞරවය වෙන කිසිවෙකු සමඟ මම බෙදා නොගන්නෙමි. මට ලැබිය යුතු ප්‍රශංසාව දේවතා රූපයකට දීමට ඉඩ නොදෙන්නෙමි.”—යෙසායා 42:8.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න