ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 11/14 3 පි.
  • දස දෙසින්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දස දෙසින්
  • 2014 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඉක්වදෝරය
  • ජපානය
  • සිම්බාබ්වේ
  • ඕස්ට්‍රේලියාව
  • බිම් බෝම්බ—සිදු වන පාඩුව ගණන් බැලීම
    2000 පිබිදෙව්!
  • රුධිරය ශරීරගත කිරීමේ අනතුරක් තිබේද?
    2008 පිබිදෙව්!
  • ඒඩ්ස් රෝගය සඳහා ප්‍රතිකාරයක් වහාම අවශ්‍යයි!
    2004 පිබිදෙව්!
  • ඒඩ්ස් රෝගයට එරෙහි සටනේ සාර්ථක ප්‍රතිඵල
    2004 පිබිදෙව්!
තව තොරතුරු
2014 පිබිදෙව්!
g 11/14 3 පි.

දස දෙසින්

ඉක්වදෝරය

ඇමසන් වැසි වනාන්තරයේ කොටසක්

ඇමසන් වනාන්තරයේ ජෛව විවිධත්වයෙන් ගහන, වර්ග කිලෝමීටර් 10,000ක පමණ ප්‍රදේශයක් තෙල් ළිං කැණීම නිසා හානි වෙමින් තිබෙනවා. එය ආරක්ෂා කරගැනීමට ඉක්වදෝර රජය 2007දී සැලසුම් යෙදුවත් ඒ සඳහා ජාත්‍යන්තර ආධාර අවශ්‍ය තරම් ලැබුණේ නැති නිසා ඔවුන්ගේ සැලසුම් අසාර්ථක වුණා.

ජපානය

ගබඩා කර ඇති රුධිරය පරීක්ෂා කරමින්

පරිත්‍යාග කර ඇති සමහර රුධිරය ආසාදනය වෙලා තිබුණත් ඒ බව පරීක්ෂා කරන අවස්ථාවේදී දැනගන්න බැහැ කියා පුවත්පතක් වාර්තා කළා. (The Japan News) එය පළ වුණේ 2013දී වයස අවුරුදු 60ක පුද්ගලයෙකුට ලබා දුන් රුධිරය මගින් HIV වෛරසය ශරීරගත වූ නිසයි. HIV වෛරසය රුධිරයේ තිබුණත් සාමාන්‍යයෙන් එය පරීක්ෂණයකින් හඳුනාගන්න බැරි කාල සීමාවක් තියෙනවා.

සිම්බාබ්වේ

බිම් බෝම්බයකට හසු වීම නිසා කකුලක් අහිමි වූ මිනිසෙක්

සිම්බාබ්වේ සහ මොසැම්බික් දේශ සීමාවේ ඇති වූ සටන් අවසන් වී දැන් වසර 30කට වඩා ගත වෙලා. ඒත් බිම් බෝම්බ නිසා අදටත් මිනිස්සු මිය යනවා. අත් පා අහිමි වෙනවා. “1980 ඉඳන් සිම්බාබ්වේ දේශ සීමාවේ ජීවත් වන මිනිසුන් 1,500කට වඩා වැඩිදෙනෙක් සහ සතුන් 1,20,000ක් මිය ගොස් තිබෙනවා. මිනිසුන් 2,000කගේ අත් පා අහිමි වෙලා තියෙනවා” කියලා ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය වාර්තා කරනවා.

ඕස්ට්‍රේලියාව

දික්කසාද වන යුවළක් මැද සිටින බල්ලෙක්

දික්කසාද වන යුවළයන් තමන් අතර බෙදාගන්න සටන් කරන දේවල් අතර සුරතල් සතුන්ටත් තැනක් හිමි වෙලා කියලා සමීක්ෂණයකින් සොයාගත්තා. සටන් කරන දේවල් අතරින් මුල් තැන ගන්නේ ඉඩකඩම්, මුදල් සහ වෙනත් බඩු බාහිරාදියයි. ඊළඟ තැන ගන්නේ සුරතල් සතුන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න