ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 2/15 8 පි.
  • සෞඛ්‍යය ගැන විපරමක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සෞඛ්‍යය ගැන විපරමක්
  • 2015 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ලොව වටා
  • බ්‍රිතාන්‍යය
  • නෝර්වේ
  • එක්සත් ජනපදය
  • ශරීරයට ව්‍යායාම් ඕනෙමද?
    2005 පිබිදෙව්!
  • සිගරට් බොන එක ඔය කියන තරම්ම නරකද?
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 1වන පොත
  • දුම්පානය එතරම්ම හානිකරද?
    2011 පිබිදෙව්!
  • දුම්බීම වැරදිද?
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2015 පිබිදෙව්!
g 2/15 8 පි.
කලකිරුණු කෙනෙක්

දස දෙසින්

සෞඛ්‍යය ගැන විපරමක්

වෛද්‍ය විද්‍යාව මොන තරම් දියුණු වෙලා තිබුණත් මිනිසුන් තවමත් ලෙඩ රෝගවලින් පීඩා විඳිනවා. ඒත් ඒ හුඟක් ලෙඩ රෝග වළක්වාගන්න පුළුවන් කියලා ඔප්පු වෙලා තියෙනවා.

ලොව වටා

මේ වෙද්දී පිළිකා රෝගීන් මිලියන 14කට වඩා වැඩි සංඛ්‍යාවක් ඉන්නවා කියලා හිතනවා. ඒත් 2035 වෙද්දී ඒ ගණන මිලියන 24 දක්වා ඉහළ යන්න පුළුවන් කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එය 70%ක වැඩි වීමක්. ඉන් අඩකටම පිළිකා හැදෙන්නේ බේබදුකම, ක්‍රියාශීලී නැති ජීවිතයක් ගත කිරීම, තරබාරුකම, විවිධ කිරණවලට නිරාවරණය වීම සහ දුම් බීම වැනි දේවල් නිසා කියා වාර්තා වෙනවා.

බ්‍රිතාන්‍යය

පිස්සු ගව රෝගය වැළඳුණු සතුන්ගේ මස් කෑමෙන් මිනිසුන්ට ඇති වන රෝගය නැවතත් හිස ඔසවා ඇති බව බ්‍රිතාන්‍ය රජයට දැනගන්න ලැබුණා. “සුව කරන්න බැරි මේ රෝගය මිනිස් සමාජයට තර්ජනයක් වෙලා තියෙනවා කියලා අපිට ලැබිලා තියෙන සාක්ෂි ගැන තවදුරටත් සොයා බලනවා. මේ රෝගය වැළඳෙන්නේ ආසාදිත රුධිරය ශරීරගත කිරීමෙන් හා අවයව බද්ධ කිරීමෙන් කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා” කියා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සාමාජිකයෙක් වන ඇන්ඩෲ මිලර් පවසනවා.

නෝර්වේ

63,000දෙනෙක් යොදාගෙන අවුරුදු 11ක් පුරා කරපු සමීක්ෂණයකින් හෙළි වුණේ මානසික අවපීඩනය තියෙන අයට හෘදයාබාධ ඇති වීමේ අවදානම අනිත් අයට වඩා 40%කින් වැඩි බවයි. ඒ ගැන සමීක්ෂණය කළ කෙනෙක් කිව්වේ මානසික අවපීඩනය නිසා නිකුත් වෙන හෝමෝන හෘදයාබාධ ඇති වෙන්න විතරක් නෙමෙයි වෛද්‍ය උපදෙස් පිළිපදින්න කෙනෙක්ට තියෙන හැකියාවත් දුර්වල කරනවා කියලයි.—යුරෝපියානු හෘද රෝග සංගමය.

එක්සත් ජනපදය

දුම්වැටියක් නිවමින්

සිගරට් වැටියෙන් පිට වෙන දුමේ රසායනික ද්‍රව්‍ය තියෙනවා. ඒ රසායනික ද්‍රව්‍ය ගෙවල්වල, හෝටල් කාමරවල හා වාහනවල තියෙන ඕනම දෙයක රැඳෙනවා වගේම දූවිලි අංශු එක්කත් එකතු වෙනවා. කාලය ගත වෙනවාත් එක්කම ඒ රසායනික ද්‍රව්‍යවල සැර වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඒවායින් ශරීර සෞඛ්‍යයට ඇති වෙන්න පුළුවන් හානිය ගැන විද්‍යාඥයන් පර්යේෂණ කරනවා.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

  • “ප්‍රීතිමත් සිතක් හොඳ ඖෂධයකි. නමුත් බිඳුණු සිතක් ඇට වියළවයි.”—හිතෝපදේශ 17:22.

  • “ශරීරය අපවිත්‍ර කරවන සෑම දෙයකින්ම ඉවත් වී අපි අපවම පවිත්‍ර කරගනිමු.”—2 කොරින්ති 7:1.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න