ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 2/15 9 පි.
  • ප්‍රඥාව ආරක්ෂාවක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ප්‍රඥාව ආරක්ෂාවක්
  • 2015 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • ‘ප්‍රඥාව සොයාගන්න මනුෂ්‍යයා සන්තෝෂවත්ය’
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සැබෑ ප්‍රඥාවේ හඬ ඔයාට ඇහෙනවාද?
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඔබව සන්තෝෂවත් කරන්න ධනයට හැකිද?
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • හැඳින්වීම
    2017 පිබිදෙව්!
තව තොරතුරු
2015 පිබිදෙව්!
g 2/15 9 පි.
අඳුරු පාරක කාන්තාවක් යන දෙස බලාගෙන ඉන්න පුද්ගලයන් දෙන්නෙක්

ප්‍රඥාව ආරක්ෂාවක්

‘ධනවතාට ජීවිතය ගලවාගැනීමට වස්තුව දෙන්න සිදු වෙයි. ඒත් අගහිඟකම් ඇති කෙනෙකුට විරුද්ධව කිසිවෙක් වචනයක්වත් නොපවසයි.’—හිතෝපදේශ 13:8.

ධනය තියෙන එකෙන් යම් වාසි තිබුණත් මේ දුෂ්ට සමාජයේ ඒ වගේ අයට කරදරවලටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. (2 තිමෝති 3:1-5) මොකද සමහර රටවල පොහොසත් අයව විතරක් නෙමෙයි පොහොසත් වගේ පෙනෙන සංචාරකයන්ව පවා මංකොල්ල කනවා. නැත්නම් කප්පම් ගන්න පැහැරගෙන යනවා.

සංවර්ධනය වෙමින් පවතින රටක තත්වය ගැන මේ වගේ ප්‍රවෘතියක් වාර්තා වුණා. “මංකොල්ලකෑම්, වංචා හා පැහැරගැනීම් නිසා දුප්පත් අය සහ පොහොසත් අය සතුරන් බවට පත් වෙලා. පොහොසත් අයගේ නිවෙස්වල ආරක්ෂාවට විශාල විදුලි ආලෝක, ආරක්ෂිත කැමරා වගේ දේවල් යොදාගන්නවා. ඔවුන් යන ආපනශාලාවල අවි ගත් මුරකරුවන් සිටිනවා.” මේක ඒ වගේ රටවල්වලට විතරක් සීමා වුණු දෙයක් නෙමෙයි.

ඒත් “අගහිඟකම් ඇති කෙනෙකුට කිසිවෙක් සැරපරුෂ වචනයක්වත්” කියන්නේ නැහැ කියලා බයිබලයේ කියනවා. ඒ කියන්නේ ඔවුන්ගේ ජීවිතවලට තර්ජනයක් නැහැ කියන එකයි. ඒ ප්‍රඥාවන්ත වදන් ඔයාට අදාළ කරගන්න පුළුවන් කොහොමද? ඔයා ජීවත් වෙන්නේ අපරාධ සිද්ධ වෙන පළාතක නම් එහෙමත් නැත්නම් ඒ වගේ පළාතකට යන්න ඉන්නවා නම් සල්ලි බාගේ තියෙනවා කියලා අනිත් අයට පේන්න සලස්වන්න එපා. ඔයා අඳින පළඳින දේවල් ගෙනියන දේවල් ගැන කල්පනාකාරි වෙන්න. බයිබලයේ කියන්නේ “බුද්ධිමත් අය අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙති. නමුත් අද්දැකීම් අඩු අය ඒ දෙසටම ගමන් කර ප්‍රතිඵල විඳිති” කියලයි.—හිතෝපදේශ 22:3.

බයිබලයේ තියෙන ඒ ප්‍රඥාවන්ත වදන්වලින් පැහැදිලි වෙන්නේ අපේ නිර්මාතෘ අපි ගැන මොන තරම් සැලකිල්ලක් දක්වනවාද කියලයි. ‘ප්‍රඥාව නිසා කෙනෙකුගේ ජීවිතය රැකෙනවා.’ ඒ නිසා “ප්‍රඥාව ආරක්ෂාවක්.”—දේශනාකාරයා 7:12.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න