නිකරගුවා විලේ තියෙන ඔමෙටේපේ දූපත හැදිලා තියෙන්නේ ගිනි කඳු දෙකක් හා ඒ දෙක යා වෙලා තියෙන සශ්‍රීක බිම් තීරයකිනුයි
අපේ විත්ති
නිකරගුවාවට යමු
සුන්දර විල්වලින් හා දැවැන්ත ගිනි කඳුවලින් ගහන නිකරගුවාව මධ්‍යම ඇමරිකාවේ විශාලම විලට උරුමකම් කියන රටයි. ඒ විල හඳුන්වන්නෙත් නිකරගුවා විල කියලයි. දූපත් සිය ගණනක් තියෙන මේ විලේ මෝරුන්, කඩුකොප්පරාවුන් සහ ටාපන් වැනි කරදිය මසුන් බහුලව දැකගන්න පුළුවන්.
නිකරගුවාවේ ජාතික මල වන අරලිය
නිකරගුවාවේ නැඟෙනහිර වෙරළ තීරය දිගේ ඊට යාබදව පිහිටා තියෙන රට වන හොන්ඩ්‍යුරාස් දක්වා විහිදී යන දර්ශනීය වෙරළ තීරයක් තියෙනවා. කීලෝමීටර් 65ක් පළල ඒ තීරය හඳුන්වන්නේ මිස්කිටෝ වෙරළ තීරය කියලයි. ඈත අතීතයේ පටන් ජීවත් වෙන ආදිවාසීන් කණ්ඩායමක් වන මිස්කිටෝ ජාතීන් මෙහි අදටත් ඉන්නවා. 16වෙනි සියවසේදී යුරෝපියානුවන් නිකරගුවාට පා තබන්නත් කලින් ඉඳන්ම ඔවුන් ඒ ප්‍රදේශයට අයිතිවාසිකම් කියන ජන කොටසක්.
මිස්කිටෝ ජාතීන් අතරේ තියෙන්නේ පුදුමාකාර බැඳීමක්. ඔවුන්ගේ චාරිත්‍රත් වෙනත් රටවල්වල චාරිත්‍රවලට වඩා වෙනස්. උදාහරණයකට ඒ අයගේ භාෂාවේ “මහත්මයා” “මහත්මිය” කියලා කියන්න වචන නැහැ. ගම්බද ප්‍රදේශවල අය අතරේ නෑකමක් තිබුණත් නැතත් ඔවුන් වැඩිහිටි පිරිමි අයට “මාමා” කියලත් වැඩිහිටි කාන්තාවන්ට “නැන්දා” කියලත් කතා කරනවා. මිස්කිටෝ කාන්තාවන් අතරේ එදා ඉඳන් පැවතෙන චාරිත්‍රයක් තමයි කිට්ටු යාළුවන් හා නෑදෑයන්ව හමු වුණාම කම්මුලට කම්මුල තියලා සිප වැලඳගන්න එක.
ආදිවාසීන්ගෙන් පැවත එන අය
මිස්කිටෝ හා මයොංනො භාෂාවලින් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ප්‍රකාශයට පත් කරලා තියෙන බයිබලය මත පදනම් පොත් පත්