ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 10/15 7 පි.
  • වතුර උරාගන්න කටුසු හමක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වතුර උරාගන්න කටුසු හමක්
  • 2015 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • පටුන
    2015 පිබිදෙව්!
  • සර්පයාගේ හම
    2014 පිබිදෙව්!
  • සම් භාජනයක කඳුළු
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මෝරාගේ හම
    නිර්මාණයක්ද?
තව තොරතුරු
2015 පිබිදෙව්!
g 10/15 7 පි.
කටුස්සා

නිර්මාණයක්ද?

වතුර උරාගන්න කටුසු හමක්

අපි මේ ලිපියේ කතා කරන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න කටුසු වර්ගයක් ගැනයි. (thorny devil lizard) ඌ වතුර බොන්නේ අනිත් සතුන්ට වඩා ගොඩක් වෙනස් විදිහට. වතුර උගේ කටට එන්නේ හම දිගෙයි. එහෙම වෙන්නේ කොහොමද?

කටුසු හමේ පින්තූරයක්

කටුස්සාගේ හමේ ගැටිති අතර සියුම් හිඩැස් තියෙනවා. ඒ හිඩැස් ක්‍රියා කරන්නේ කානු පද්ධතියක් වගෙයි. හමට එකතු වෙන වතුර මේ කානු දිගේ උගේ කට දෙපැත්තට ගලා ගෙන යනවා

මේ ගැන සිතන්න: උගේ හම පුරාම උල් හැඩයේ ගැටිති දකින්න තියෙනවා. ඒ ගැටිති අතර සියුම් හිඩැස් තියෙනවා. ඒ හිඩැස් ක්‍රියා කරන්නේ කානු පද්ධතියක් වගෙයි. හමට එකතු වෙන වතුර මේ කානු දිගේ උගේ කට දෙපැත්තට ගලා ගෙන යනවා.

ඒත් පොළොවේ තියෙන වතුර උගේ ඇඟ දිගේ ඉහළට ගමන් කරලා කටට යන්නේ කොහොමද?

පර්යේෂකයන් ඒ රහස හොයාගෙන තියෙනවා. කටේ දෙකෙළවර දක්වා විහිදුණු එකිනෙකට සම්බන්ධ කානු පද්ධතිය උගේ ශරීරය පුරාම තියෙන නිසා උගේ ශරීරය වතුර තියෙන තැනක වැදුණාමත් ඒ කානු හරහා වතුර ඉහළට ඇදෙනවා. මේක හරියට වතුර වීදුරුවකට පුංචි වීදුරු බටයක් දැම්මාම බටේ දිගේ වතුර ඉහළට ඇදෙනවා වගේ දෙයක්. (capillary action) කටුස්සාගේ ශරීරයේ කොටසක් වතුරට වැදුණාම ඒ වතුර කට දක්වා ගමන් කරන්නේ ඒ නිසයි.

පරිසරයේ දේවල් අනුකරණය කරලා නව නිර්මාණයන් කරන ආයතනයක සභාපතිනිය වන ජෙනින් බින්යස් කිව්වේ, කටුස්සා ජලය උරාගන්නා විදිහ අනුකරණය කළොත් ඉංජිනේරුවන්ට වාතයේ ආර්ද්‍රතාව අඩු කරලා ගොඩනැඟිලිවල ඇතුළ සිසිල් කරන්න පුළුවන් කියලයි. ඒ විතරක් නෙමෙයි ඒ ක්‍රමය පාවිච්චි කරලා බීමට වතුර එකතු කරගන්නත් පුළුවන් කියලා ඇය කිව්වා.

ඔබේ නිගමනය කුමක්ද? මේ කටුස්සාට වතුර උරාගන්න පුළුවන් හමක් ලැබුණේ අහම්බෙන්ද නැත්නම් එය කාගේ හරි නිර්මාණයක්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න