ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 10/15 10-11 පි.
  • උස්බෙකිස්තානයට යමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • උස්බෙකිස්තානයට යමු
  • 2015 පිබිදෙව්!
2015 පිබිදෙව්!
g 10/15 10-11 පි.
උස්බෙකිස්තානයේ පවුරුවලින් වට වුණු කීවා නගරය

පවුරුවලින් වට වුණු කීවා නගරය

අපේ විත්ති

උස්බෙකිස්තානයට යමු

ලෝක සිතියමේ උස්බෙකිස්තානය

“උස්බෙක්වරුන්ගේ රට” ලෙස හඳුන්වන උස්බෙකිස්තානය දිගු ඉතිහාසයකට උරුමකම් කියන රටක්. නැඟෙනහිර රෝමයේ සිට චීනය දක්වා දිව ගිය සේද මාවත වැටී තිබුණේ මේ රට හරහායි. ඒ නිසා 15වෙනි සියවසේ මුල් කාලය වෙන තුරුම උස්බෙකිස්තානය වෙළඳ කටයුතු සඳහා ප්‍රසිද්ධත්වයක් ඉසිලුවා. අද මේ රට කපු රෙදිවලට නම් දරාපු රටක්. කපු, වූල් හා සේදවලින් සෑදූ වර්ණවත් බුමුතුරුණු උස්බෙකිස්තානයේ වෙළඳපොළවල බහුලව දකින්න තියෙනවා.

විවිධ රණශූරයන් හා ඔවුන්ගේ හමුදාවන් මේ රට හරහා ගමන් කළ නිසා උස්බෙකිස්තානය විවිධ සංස්කෘතීන්ගේ ආභාසයට ලක් වුණා. උදාහරණයකට මහා ඇලෙක්සැන්ඩර්, මොංගෝලියාවේ ගෙංගිස් ඛාන් එවැනි රණශූරයන් දෙදෙනෙක්. මේ රට ඇතුළු අවට රටවල් ගණනාවක්ම පාලනය කළ ටැමර්ලේන් උපත ලබා තිබුණෙත් උස්බෙකිස්තානය ආසන්නයේ රටකයි.

දේශීය ඇඳුම්වලින් සැරසුණු අය

දේශීය ඇඳුම්වලින් සැරසුණු අය

බැලූ බැලූ හැම තැනකම වාගේ නිල් පැහැති මාබල්වලින් සෑදූ අර්ධ ගෝලාකාර වහලවල් ඇති ගොඩනැඟිලි දකින්න තියෙනවා. මේ ගොඩනැඟිලි බොහොමයක් අද පාවිච්චි කරන්නේ පාසැල් හැටියටයි.

සේද මාවත. ක්‍රි.ව. 1වෙනි සියවසට කලින් සිටම උස්බෙකිස්තානය හරහා වැටී තිබුණු සේද මාවත ක්‍රි.ව. 15වෙනි සියවස දක්වාම ඉතා ප්‍රසිද්ධ වෙළඳ මාර්ගයක්ව තිබුණා. ඒත් වෙළඳ කටයුතු සඳහා මුහුදු මාර්ගය යොදාගන්න පටන්ගත්තාට පස්සේ එහි ප්‍රසිද්ධිය කෙමෙන් කෙමෙන් අඩු වී ගියා.

සේද බුමුතුරුණු හදන කාන්තාවන් දෙන්නෙක්

සේද බුමුතුරුණු හදමින්

එරල් මුහුද. ලෝකයේ විශාලම විල් අතරින් 4වෙනි ස්ථානය හිමි වෙලා තිබුණු එරල් මුහුද දැන් ටිකෙන් ටික හිඳෙනවා. ඒකට හේතුව එරල් මුහුද පෝෂණය වුණු ගංගා දෙකේ වතුර වාරිමාර්ග කටයුතු සඳහා යොදාගැනීමයි. උස්බෙකිස්තානය හා ඒ අවට රටවල් කිහිපයක් එකතු වෙලා දැන් ඒ ප්‍රශ්නයට විසඳුම් හොයනවා.

වෙනස් වෙන හෝඩිය. 8වෙනි සියවසේදී ඉස්ලාම්වරුන්ගේ පාලනයට නතු වුණාට පස්සේ අරාබි භාෂාවේ ආභාසය තියෙන හෝඩියක් උස්බෙකිස්තානයේ පාවිච්චි කරන්න පටන්ගත්තා. ඒත් මේ රට සෝවියට් සංගමයට අයිති රටක් බවට පත් වුණාට පස්සේ මුලින් ලතින් ආභාසයක් ඇති හෝඩිකුත් 1930 ගණන්වල අග භාගය වෙද්දී සිරිලික් ආභාසය තියෙන හෝඩියකුත් පාවිච්චි කරන්න පටන්ගත්තා. ඒත් 1993 ඉඳන් ලතින් ආභාසයක් තියෙන අලුත් උස්බෙක් හෝඩියක් හඳුන්වලා දීලා තියෙනවා.

උස්බෙකිස්තානයේ වියළි පළතුරු තියෙන වෙළඳසැලක්

වියළි පළතුරු තියෙන වෙළඳසැලක්

තොරතුරු ලුහුඬින්

  • ජනගහනය: මිලියන 30යි

  • අගනුවර: ටෂ්කන්ට්

  • දේශගුණය: එතරම් වර්ෂාපතනයක් ලැබෙන්නේ නැති වියළි දේශගුණයක්

  • භූමිය: බටහිරින් තැනිතලා ප්‍රදේශ හා නැඟෙනහිරින් කඳුකර ප්‍රදේශ

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න