ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g16 අංක 4 5 පි.
  • 2 වටපිටාව හදාගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 2 වටපිටාව හදාගන්න
  • 2016 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • 1 කරන්න පුළුවන් ප්‍රමාණය තේරුම්ගන්න
    2016 පිබිදෙව්!
  • ඔබේ පුරුදු ඔබේම යහපතට දායක වෙනවාද?
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • හැඳින්වීම
    2016 පිබිදෙව්!
  • නරක පුරුදු අත්හැරිය හැකිද?
    2004 පිබිදෙව්!
තව තොරතුරු
2016 පිබිදෙව්!
g16 අංක 4 5 පි.
ව්‍යායාම කරන්න අඳින ඇඳුම්, සපත්තු, වතුර බෝතලයක් කලින් දවසේ රෑම ලෑස්ති කරලා

මුල් පිටුවෙන් | ජීවිතය ලස්සන කරන හොඳ පුරුදු

2 වටපිටාව හදාගන්න

  • ඔයාගේ අධිෂ්ඨානය කෑම පාලනය කරන්න. ඒත් අයිස්ක්‍රීම් එකක් දැක්කම ආසාවේ බෑ.

  • ඔයාට ඕනෙ සිගරට් බොන එක නවත්වගන්න. ඒත් ඒක දැන දැනම යාළුවෙක් ඔයාට සිගරට් එකක් දෙනවා.

  • ඔයා කලින්ම සැලසුම් කළා අද ව්‍යායාම කරනවා කියලා. ඒත් සපත්තු දෙක රාක්කෙන් හොයාගන්න එක නම් ලේසි නැහැ.

ඒ සිද්ධි තුනෙන්ම පැහැදිලි වෙන දේ තමයි අපේ වටපිටාව සහ අපි ආශ්‍රය කරන අය නරක පුරුදු අත්හැරලා හොඳ පුරුදු ඇති කරගන්න අපි ගන්න අධිෂ්ඨානයට ලොකු බලපෑමක් කරනවා කියන දේ.

බයිබල් ප්‍රතිපත්තිය: “බුද්ධිමත් අය අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙති. නමුත් අද්දැකීම් අඩු අය ඒ දෙසටම ගමන් කර ප්‍රතිඵල විඳිති.”—හිතෝපදේශ 22:3.

බයිබලයේ කියන්නේ හැම වෙලාවෙම ඉදිරිය ගැන හිතන්න කියලයි. අපේ අධිෂ්ඨානයට බාධාවක් වෙන දේවල් මඟ හැරලා අපේ අධිෂ්ඨානය ඉටු කරගන්න ඒක උදව් වෙනවා. (2 තිමෝති 2:22) කෙටියෙන්ම කියනවා නම් අපේ අධිෂ්ඨානය ජය ගන්න උදව් වෙන වටපිටාවක් අපි හදාගන්න ඕනේ.

නරක පුරුදුවලට පොඩි ඉඩක්වත් දෙන්න එපා. හරි දේ ලේසියෙන්ම කරන්න පුළුවන් විදිහට වටපිටාව හදාගන්න

කරන්න පුළුවන් දේ

  • නරක පුරුදුවලට පොඩි ඉඩක්වත් දෙන්න එපා. උදාහරණෙකට කඩචෝරු කන එක නවත්වන්න ඔයාට ඕනෙ නම් ඒවා ඔයාගේ ගෙදර පැත්ත පළාතටවත් ගේන්න එපා. එතකොට ඒවා කන්න ආසාවක් ඇති වුණත් ඒවා ළඟ නැති නිසා ඒවා නොකා ඉන්න ඔයා පෙලඹෙයි.

  • හරි දේ ලේසියෙන් කරන්න පුළුවන් විදිහට වටපිටාව හදාගන්න. ඔයාට ඕනෙ උදෙන්ම ව්‍යායාම කරන්න නම් ඕන කරන ඇඳුම් ටික කලින් දවසේ රෑම ඇඳ ළඟ ලෑස්ති කරලා තියන්න. ඕනම දෙයක් ලේසියෙන්ම කරන්න පුළුවන් විදිහට වටපිටාව හදාගත්තොත් ඒක දිගටම කරන්න ඔයා පෙලඹෙයි.

  • යාළුවන්ව තෝරගද්දී පරෙස්සම් වෙන්න. අපි ආශ්‍රය කරන අය විදිහට අපිත් හැඩගැහෙන්න තියෙන ඉඩකඩ වැඩියි. (1 කොරින්ති 15:33) ඒ නිසා ඔයා අත්හරින්න හදන නරක පුරුදුවලට ඔයාව පොලඹවන්න හදන අයගෙන් ඈත් වෙන්න. හොඳ පුරුදුවලට ඔයාව දිරිගන්වන අයව ආශ්‍රය කරන්න.

අදාළ තවත් බයිබල් ප්‍රතිපත්ති

“ප්‍රඥාවන්ත අය සමඟ ඇසුරු කරන්න. එවිට ඔබත් ප්‍රඥාවන්ත වන්නෙහිය.”—හිතෝපදේශ 13:20.

“උත්සාහවන්තයාගේ සැලසුම් සාර්ථක වෙයි.”—හිතෝපදේශ 21:5.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න