ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g16 අංක 5 7 පි.
  • ඇමරිකානු රටවල් ගැන විපරමක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඇමරිකානු රටවල් ගැන විපරමක්
  • 2016 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඊ-මේල් හා මානසික පීඩනය
  • මත්ස්‍ය සම්පත රැකීම
  • බ්‍රසීලයේ මිනී මැරුම් වැඩි වෙයි
  • මානසික පීඩනය පාලනය කිරීම
    2010 පිබිදෙව්!
  • මානසික පීඩනයෙන් මිදෙන්න කරන්න පුළුවන් මොනවාද?
    2020 පිබිදෙව්!
  • ඉස්කෝලේදී දැනෙන පීඩනයට මම මුහුණ දෙන්නේ කොහොමද?
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 1වන පොත
  • සෞඛ්‍යයට තර්ජනයක් වන මානසික පීඩනය
    2010 පිබිදෙව්!
තව තොරතුරු
2016 පිබිදෙව්!
g16 අංක 5 7 පි.
මුහුදේ ඉන්න මාළුවෙක්

දස දෙසින්

ඇමරිකානු රටවල් ගැන විපරමක්

බයිබලයේ තියෙන තොරතුරු කොච්චර ඇත්තද කියලා උතුරු සහ දකුණු ඇමරිකානු රටවලින් ලැබෙන වාර්තාවලින් තහවුරු වෙනවා.

ඊ-මේල් හා මානසික පීඩනය

දවසට තුන් සැරයක් ඊමේල් චෙක් කරන කෙනා ඉන්නේ සන්සුන්ව. ඒත් දවස පුරා ඊමේල් චෙක් කරන කෙනා ඉන්නේ ලොකු පීඩනයකින්

හැම තිස්සේම ඊ-මේල් බලන අයට වඩා දවසකට තුන් සැරයක් විතරක් ඊ-මේල් බලන අයට දැනෙන මානසික පීඩනය අඩුයි කියලා කැනඩාවේ කරපු සමීක්ෂණයකින් හෙළි වුණා. “සමහර අයට නිතරම ඊ-මේල් බලන්න ඕනේ. ඒත් එහෙම නොබලා ඉන්න අයට දැනෙන මානසික පීඩනය අඩුයි” කියලා සමීක්ෂණය කරපු කෙනා කිව්වා.

ටිකක් හිතන්න. අපි ජීවත් වෙන්නේ “ඉතා අසීරු, අනතුරු සහිත කාලයක” නිසා මානසික පීඩනය වැඩි කරන දේවල් මඟහරින එක හොඳ දෙයක් නෙමෙයිද?—2 තිමෝති 3:1.

මත්ස්‍ය සම්පත රැකීම

බෙලිස් සහ කැරිබියන් දූපත් අවට මසුන් මැරීම තහනම් කර ඇති ප්‍රදේශවල “බෙල්ලන්, පොකිරිස්සන් සහ මත්ස්‍යයන් බෝ වීමේ වර්ධනයක් ගැන වාර්තා වෙනවා. එවැනි ප්‍රදේශවල තර්ජනයට ලක් වුණු සත්ව විශේෂ අවුරුදු 1 සිට 6 දක්වා කාලය ඇතුළත වර්ධනය වෙනවා. නමුත් සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත් වෙන්න නම් දශක කිහිපයක් ගත වෙයි” කියලා වන හා සත්ව සංරක්ෂණ සංවිධානය පවසනවා. (WCS) ඒ සංවිධානයේ අධ්‍යක්ෂකවරියක් කිව්වේ “බෙලිස්වල මසුන් මැරීම තහනම් කරපු ප්‍රදේශ තියෙන එක, මත්ස්‍ය ගහනය වැඩි කරගන්නත් ජෛව විවිධත්වය ආරක්ෂා කරගන්නත් උදව් වෙනවා” කියලයි.

ටිකක් හිතන්න. යථා තත්වයට පත් වෙන්න පරිසරයට තියෙන හැකියාවෙන් ඔප්පු වෙන්නේ ඒ පිටුපස බුද්ධිමත් නිර්මාතෘ කෙනෙක් ඉන්නවා කියන එක නෙවෙයිද?—ගීතාවලිය 104:24, 25.

බ්‍රසීලයේ මිනී මැරුම් වැඩි වෙයි

2012දී බ්‍රසීලයේ සිදු වුණු මිනී මැරුම් සංඛ්‍යාව 56,000 ඉක්මවා ගියා. ඒක තමයි සෞඛ්‍ය අමාත්‍යංශය වාර්තා කරලා තියෙන ඉහළම අගය. සදාචාරය බිඳ වැටීම නිසා තමයි මේ තරම් මිනී මැරුම් සිද්ධ වෙන්නේ කියලා මහජන ආරක්ෂාව ගැන සොයා බලන එක පුද්ගලයෙක් කිව්වා. සාරධර්ම ගැන මිනිසුන්ට තියෙන හැඟීම් නැති වුණාම “ඒ අය තමන්ගේ ආශාවන් ඉෂ්ට කරගන්න ඕනම අපරාධයක් කරනවා” කියලත් ඔහු කිව්වා.

ඔබ දැන සිටියාද? ‘අධර්මිෂ්ඨ ක්‍රියා වැඩි වන නිසා වැඩිදෙනාගේ ප්‍රේමයද හීන වෙලා යන’ කාලයක් උදා වෙනවා කියලා බයිබලයේ කලින්ම කියලා තිබුණා.—මතෙව් 24:3, 12.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න