ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g16 අංක 6 8-9 පි.
  • ගෞරවය පෙන්නන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ගෞරවය පෙන්නන්න
  • 2016 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ප්‍රශ්නය
  • දැනගන්න ඕන දේ
  • කරන්න පුළුවන් දේ
  • කල්පවතින විවාහයකට යතුරු දෙකක්
    පවුලේ සන්තෝෂයට රහස
  • 3 ගෞරව කරන්න
    2018 පිබිදෙව්!
  • පවුලක් විදිහට සතුටින් ඉන්නේ කොහොමද? – 1වෙනි කොටස
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • සතුට පිරුණු පවුල් ජීවිතයක් ඔයාටත්
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
තව තොරතුරු
2016 පිබිදෙව්!
g16 අංක 6 8-9 පි.
තවත් යුවළක් සමඟ ආහාර ගනිමින් ඉද්දී සැමියාගේ කතාවට බාධා කරන බිරිඳක්

මේ ඔබේ පවුලටයි | සැමියාට සහ බිරිඳට

ගෞරවය පෙන්නන්න

ප්‍රශ්නය

සැමියා මෙහෙම කියනවා. “බැන්ද අලුත ගෞරවය පෙන්නන එක ගැන මටයි මගේ වයිෆ්ටයි තිබුණේ වෙනස් අදහස්. එයා වැරදියි කියලා කියනවා නෙවෙයි. ඒත් මට හිතුණා එයා මට තව ටිකක් ගරු කරලා කතා කරා නම් හොඳයි කියලා.”

බිරිඳ මෙහෙම කියනවා. “මං හැදිච්ච පැත්තේ නම් සාමාන්‍යයෙන් අත පය දික් කරලා සද්දේ වැඩි කරලා තමයි කතා කරන්නේ. තව කෙනෙක් කතා කරද්දී මැද්දට පැනලා කතා කරන එකත් සාමාන්‍ය දෙයක්. එහෙම කරන එකෙන් අනිත් අයට අගෞරවයක් වෙනවා කියලා නම් අපේ පැත්තේ අය හිතන්නේ නැහැ. හැබැයි මගේ මහත්තයා හැදුණ පරිසරය ඊට වඩා වෙනස්.”

පවුල තුළ ගෞරවය කියන දේ ඉඳලා හිටලා නෙමෙයි හැම තිස්සෙම පෙන්නන්න ඕන දෙයක්. ඒ දේ කරන්න පුළුවන් කොහොමද?

දැනගන්න ඕන දේ

ගෞරවය ලැබෙනවාට පිරිමි අය කැමතියි. බයිබලේ සැමියන්ට මේ වගේ උපදෙසක් දීලා තියෙනවා. “ඔබ එකිනෙකා තමාට ප්‍රේම කරන ආකාරයටම තම භාර්යාවටද ප්‍රේම කළ යුතුයි.” ඒ වගේම භාර්යාව “තම ස්වාමිපුරුෂයාට ගැඹුරු ගෞරවයක් දැක්විය යුතුයි” කියලත් සඳහන් වෙනවා. (එෆීස 5:33) සැමියායි බිරිඳයි දෙන්නාම ආදරය, ගෞරවය ලබන්න ආසයි. ඒත් සැමියෙක් ගෞරවය ගැන වැඩිපුර හිතනවා. කාලෝස්a කිව්වේ මෙහෙමයි. “පිරිමි කෙනෙක් කැමති එයාට පවුල බලාගන්න තියෙන හැකියාව, ප්‍රශ්න විසඳගන්න තියෙන හැකියාව වගේ දේවල් අගය කරලා ගරු කරනවාට.” ඉතින් බිරිඳක් එහෙම කරද්දී පවුලේ සතුටත් වැඩි වෙනවා. ඒක කොරීන් කිව්ව මේ දෙයිනුත් පැහැදිලි වෙනවා. “සැමියාට ගෞරවයෙන් සලකද්දී එයා මට පෙන්නන ආදරෙත් වැඩියි.”

බිරිඳට ගෞරව කරන එක වැදගත්. දෙවියන් බලාපොරොත්තු වෙන විදිහට බිරිඳට ආදරය කරන්න නම් සැමියෙක් බිරිඳට අනිවාර්යයෙන්ම ගරු කරන්න ඕනේ. ඩැනියෙල් කියන දේ බලන්න. “බිරිඳ දෙන යෝජනාවලට ගරු කරන්න ඕනේ. සමහර වෙලාවට එයාගේ හැඟීම් සියයට සීයක් තේරුම්ගන්න බැරි වෙයි. ඒත් ඒවා ගණන් නොගෙන ඉන්න හොඳ නැහැ.”

ගෞරවය ගැන එක් එක් කෙනා හිතන විදිහ වෙනස්. ඔයා එයාට ගරු කරනවා කියලා හිතුවත් වැදගත් වෙන්නේ එයාටත් එහෙම දැනෙනවාද කියන එකයි. මේ දේ තමයි මුලින් “ප්‍රශ්නය” කියන කොටස යටතේ සඳහන් කරපු බිරිඳත් තේරුම්ගත්තේ. ඒ බිරිඳ කිව්වේ මෙහෙමයි. “මම කතා කරන විදිහෙන් එයාට අගෞරවයක් වෙනවා කියලා මම හිතුවේ නැති වුණත් එයාට එහෙම දැනුණා. එහෙමනම් මමයි කතා කරන විදිහ වෙනස් කරගන්න ඕනේ.”

කරන්න පුළුවන් දේ

  • ඔයාගේ සැමියාගේ හෝ බිරිඳගේ අගය කරන්න පුළුවන් දේවල් තුනක් ලියන්න. ඒ දේවල් ගැන හිතනකොට එයාට ගෞරවය පෙන්නන්න ඔයා පෙලඹෙයි.

  • සතියක් පුරා ඔයා කතා කරන විදිහ ගැන, කරන දේවල් ගැන සැලකිලිමත් වෙන්න. ඔයාගේ පැත්තෙන් කරන්න පුළුවන් වෙනස්කම් ගැන හිතන්න.

කතා කරන විදිහ. සතුටින් ඉන්න විවාහක යුවළයන් එකිනෙකාගේ හොඳ පැති පහක් ගැන කිව්වා නම් වැරැද්දක් ගැන කිව්වේ එක අවස්ථාවකදී විතරයි කියලා එක සමීක්ෂණයකදී සොයාගත්තා. ඒත් අසාර්ථක පවුල් ජීවිතයක් ගත කරන යුවළයන් වැඩියෙන්ම කතා කෙරුවේ සැමියාගේ නැත්නම් බිරිඳගේ වැරදි ගැනයි.b—බයිබල් ප්‍රතිපත්තිය: හිතෝපදේශ 12:18.

ඔයාම හිතලා බලන්න: ‘මං එයාට කතා කරන්නේ ගෞරවයක් නැති විදිහටද? හැම තිස්සෙම දකින්නේ එයාගේ වැරදිමද? හදාගන්න ඕන පැත්තක් ගැන එයාට කියද්දී මගේ කටහඬ සැරයිද?’ ඒ ප්‍රශ්නවලට ඔයා දෙන උත්තරවලට ඔයාගේ සැමියා නැත්නම් බිරිඳ එකඟ වෙයිද?—බයිබල් ප්‍රතිපත්තිය: කොලොස්සි 3:13.

මෙහෙම කරලා බලන්න: අඩුම තරමින් දවසට එක වතාවක් හරි සැමියාගේ නැත්නම් බිරිඳගේ හොඳ දෙයක් අගය කරන්න. හිතේ තියාගෙන ඉන්නේ නැතුව ඒක එයාට කියන එක පුරුද්දක් කරගන්න. කලින් ඔයා ලියපු අගය කරන්න පුළුවන් පැති ගැන හිතන එක ඒකට ඔයාට උදව් වෙයි.—බයිබල් ප්‍රතිපත්තිය: 1 කොරින්ති 8:1.

කරන දේවල්. ඇලීෂියා කියන බිරිඳ මෙහෙම කියනවා. “මම ගේ පිළිවෙළට තියාගන්න හුඟක් මහන්සි වෙනවා. මගේ සැමියාත් ගේ හැඩි කරන්නේ නැතුව ඒක පිළිවෙළට තියන්න මට උදව් කරනකොට ඒකෙන් පේන්නේ එයා මං ගැන හුඟක් සැලකිලිමත් කියලයි.”

ඔයාම හිතලා බලන්න: ‘මම මගේ සැමියාට හෝ බිරිඳට සලකන විදිහෙන් එයාට ගරු කරනවා කියලා පේනවාද? මම එයා එක්ක කාලය ගත කරලා එයා ගැන සැලකිලිමත් කියලා පෙන්නනවාද?’ ඒ ප්‍රශ්නවලට ඔයා දෙන උත්තරවලට ඔයාගේ සැමියා හරි බිරිඳ හරි එකඟ වෙයිද?

මෙහෙම කරලා බලන්න: ඔයාට එයා ගෞරවය පෙන්නනවාට කැමති පැති තුනක් කොළයක ලියන්න. එයාටත් එහෙම කරන්න කියන්න. ඊටපස්සේ කොළ දෙක මාරු කරගන්න. ඒකේ ලියලා තියෙන පැති තේරුම් අරන් ඒවා හදාගන්න. ඔයා ඒ පැතිවලින් ගෞරවය පෙන්නන්න පටන්ගත්තොත් ඔයාගේ සැමියා නැත්නම් බිරිඳ ඔයාටත් ගෞරවයෙන් සලකයි.

a සමහර නම් වෙනස් කර ඇත.

b Ten Lessons to Transform Your Marriage නමැති පොතෙන්.

මූලික බයිබල් ප්‍රතිපත්ති

  • “නොසැලකිලිමත් ලෙස කතා කරන තැනැත්තා කඩුවෙන් අනින්නාක් මෙන් වචන පිට කරයි. නමුත් ප්‍රඥාවන්තයාගේ වචන සුවය ගෙන දෙයි.”—හිතෝපදේශ 12:18.

  • “අන් අය කරන දේ ගැන අමනාපයක් ඇති වීමට සාධාරණ හේතු තිබෙන විටත් ඔවුන් ගැන ඉවසන්න.”—කොලොස්සි 3:13.

  • ‘අන් අයව ගොඩනංවන්නේ කෙනෙකු තුළ තිබෙන ප්‍රේමයයි.’—1 කොරින්ති 8:1.

බ්‍රයන් සහ සෙරීනා

බ්‍රයන් සහ සෙරීනා

“බිරිඳව අගය කරන්න ඕනෙ එයා මහන්සි වෙලා ගෙදර කරන වැඩ නිසා විතරක් නෙමෙයි. එයාගේ හොඳ ගතිගුණත් අගය කරනවා කියලා එයාට කියන්න ඕනේ.”—බ්‍රයන්

ඔස්ටින් සහ කාර්ලි

ඔස්ටින් සහ කාර්ලි

“පවුල් ජීවිතේ සැමියායි බිරිඳයි එකිනෙකාට ගෞරව කරන්නේ නැත්නම් එතැන සතුටත් නැහැ. පුංචි දේටත් ඉක්මනට තරහ යනවා. තමන් වටින්නේ නැහැ කියලා දෙන්නාටම හිතෙයි.”—කාර්ලි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න