ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g16 අංක 6 14-15 පි.
  • වෙලාවට වැඩ කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වෙලාවට වැඩ කරන්න
  • 2016 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • වෙලාවට වැඩ කරන්න ඕනෙ ඇයි?
  • වෙලාවට වැඩ කරන්න ඔයාට පුළුවන් කොහොමද?
  • වෙලාවට වැඩ කරන්න පුරුදු වෙමු
    2014 අපගේ රාජ්‍ය සේවාව
  • වෙලාවට වැඩ කිරීම වැදගත් ඇයි?
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පටුන
    2016 පිබිදෙව්!
  • වෙලාවට වැඩ කරන්න!
    2004 පිබිදෙව්!
තව තොරතුරු
2016 පිබිදෙව්!
g16 අංක 6 14-15 පි.
වෙලාව බලන මිනිසෙක්

බයිබලයෙන් පිළිතුරක්

වෙලාවට වැඩ කරන්න

අපි කවුරුත් ආසයි වෙලාවට වැඩ කරන්න. ඒත් ඒක ලේසි දෙයක් නෙමෙයි. වෙලාවට වැඩ කරන්න උදව් වෙන මඟ පෙන්වීම් බයිබලයේ තියෙනවා.

වෙලාවට වැඩ කරන්න ඕනෙ ඇයි?

පිළිතුර දැනගැනීමේ වැදගත්කම.

ඔයා දාගත්තු වැඩකට යන්න අන්තිම තත්පරේ වෙන කල් ඉන්නේ නැතුව කලින්ම යනවා නම් කලබලයක් නැතුව ඒ වැඩේ කරගන්න පුළුවන්. වෙලාවට වැඩ කරන එක කෙනෙක්ගේ නමටත් හොඳයි. ඒ කොහොමද?

ඒකෙන් ඔයා දක්ෂ කෙනෙක් කියලා පේනවා. ඔයා වෙලාවට වැඩ කරද්දී පේන්නේ මොන බාධා ආවත් ඔයාගේ වැඩ ටික ඔයාට හොඳින් සැලසුම් කරලා වෙලාවට ඉවර කරන්න හැකියාවක් තියෙනවා කියලයි.

වගකීමෙන් වැඩ කරන කෙනෙක් කියලා පේනවා. අද අපි ජීවත් වෙන්නේ පොරොන්දු ඉටු කරන්නේ නැති සමාජයක. ඒ නිසා පොරොන්දු වුණ විදිහටම වෙලාවට වැඩ කරන අයට ඕන කෙනෙක් කැමතියි. ඒ වගේ අයට කවුරුත් ගරු කරනවා. ආයතනවල ප්‍රධානීන් කැමතිත් වෙලාවට වැඩට එන, දීපු වැඩ වෙලාවට ඉවර කරන සේවකයන්ටයි. ඒ වගේ කෙනෙක්ට උසස්වීම් පවා ලැබෙනවා.

බයිබලයේ කියන දේ:

“සෑම දෙයක්ම ඔබිනා ලෙසත් පිළිවෙළකටත් සිදු විය යුතුයි” කියලා බයිබලේ කියනවා. (1 කොරින්ති 14:40) ඒ කියන්නේ ඔයා කෙනෙක්ව මුණගැහෙන්න යම් වෙලාවක් දුන්නා නම් ඒ කියපු වෙලාවට යන එක තමයි හරි දේ. බයිබලයේ මෙහෙමත් කියලා තියෙනවා. ‘අහස යට සිදු වන සෑම දෙයකටම නියමිත කාලයක් ඇත. සිටුවන්න කාලයක්ද උදුරා දමන්න කාලයක්ද’ ඇත. (දේශනාකාරයා 3:1,2) ගොවියෙක් හිතුන හිතුන වෙලාවට පැළ හිටවන්නේ නැහැ. ඒකට නියමිත කාලයක් තියෙනවා. හරි වෙලාවට පැළ හිටෙව්වොත් එයාට හොඳ අස්වැන්නක් නෙළාගන්න පුළුවන්. ඒ වගේ අපිත් වෙලාවට වැඩ කරනවා නම් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

වෙලාවට වැඩ කරන්න තවත් හොඳ හේතුවක් බයිබලයේ දීලා තියෙනවා. ඒකෙන් ඔයා අනිත් අයට ගරු කරන ඒ වගේම එයාලා ගැන සැලකිලිමත් කෙනෙක් කියලත් පේනවා. (ෆිලිප්පි 2:3, 4) ඒත් අපි වෙලාවට වැඩ කරන්නේ නැතුව අනිත් අයව රස්තියාදු කරනවා නම් අපි කරන්නේ එයාලාගේ වටිනා කාලය නාස්ති කරන එකයි.

“ඔබේම කාරණා ගැන පමණක් සිතමින් සිටිනවා වෙනුවට එකිනෙකා කෙරෙහිත් පෞද්ගලික සැලකිල්ල දක්වන්න.”—ෆිලිප්පි 2:4.

වෙලාවට වැඩ කරන්න ඔයාට පුළුවන් කොහොමද?

බයිබලයේ කියන දේ:

කලින්ම දේවල් සැලසුම් කරන්න කියලා බයිබලයේ අපිව උනන්දු කරනවා. (හිතෝපදේශ 21:5) ඔයා හැම තිස්සෙම වැඩකට යන්න පරක්කු වෙනවාද? එහෙම වෙන්නේ ඔයා ඕනෑවට වඩා වැඩ දාගෙන තියෙන නිසා වෙන්න ඇති. එහෙමනම් අනවශ්‍ය වැඩවලට කාලය නාස්ති කරන්න එපා. ඒ වගේම එක් එක් වැඩවලට ප්‍රමාණවත් කාලයක් වෙන් කරන්න. වැඩකට යද්දී කලින්ම පිටත් වෙන්න. එතකොට වාහන තදබදයකට නැත්නම් වැස්සකට අහු වුණත් ප්‍රමාද නොවී අවශ්‍ය තැනට වෙලාවට යන්න පුළුවන්.

බයිබලයේ කියනවා අපිට නිහතමානී වෙන්න කියලා. (හිතෝපදේශ 11:2) නිහතමානී කෙනෙක් කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය තේරුම්ගන්නවා. වැඩක් භාරගන්න කලින්, පොරොන්දු වෙන වෙලාවට ඒක ඉවර කරන්න පුළුවන්ද කියලා හිතලා බලන්න. කරන්න බැරි තරමට වැඩ දාගත්තාම ඒක ඔයාගේ ඔළුවටත් බරක්, අනිත් අයටත් කරදරයක්.

කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා බයිබලේ අපිට උනන්දු කරනවා. (එෆීස 5:15, 16) බස් එකක් එන කල් ඉද්දී නැත්නම් කවුරු හරි ඔයාව හම්බ වෙන්න එන කල් ඉද්දී මොනවා හරි දෙයක් කියවන්න. එහෙමත් නැත්නම් දවසේ ඉතුරු වැඩ සැලසුම් කරන්න. මොන දේ කළත් වැදගත් දේට මුල් තැන දෙන්න අමතක කරන්න එපා.—ෆිලිප්පි 1:10.

“උත්සාහවන්තයාගේ සැලසුම් සාර්ථක වෙයි.” —හිතෝපදේශ 21:5.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න