ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g17 අංක 2 3 පි.
  • ඇයි මේ තරම් කුතුහලයක්?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඇයි මේ තරම් කුතුහලයක්?
  • 2017 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • හැඳින්වීම
    2017 පිබිදෙව්!
  • අත්හදා බලන්න යෝජනා
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • පටුන
    2017 පිබිදෙව්!
  • භූතවාදය ගැන බයිබලයේ කියන්නේ මොනවද?
    2017 පිබිදෙව්!
තව තොරතුරු
2017 පිබිදෙව්!
g17 අංක 2 3 පි.
පිරිමි ළමයෙක් එයාගේ ටැබ් එකෙන් දකින දේ දිහා පුදුමයෙන් බලාගෙන ඉන්නවා

මුල් පිටුවෙන් | අද්භූත දේවල්වල නොදුටු පැත්ත

ඇයි මේ තරම් කුතුහලයක්?

“කාලයක් ප්‍රසිද්ධ වෙලා හිටිය ලේ උරා බොන වැම්පයර්ලා, වෘක මිනිසුන්, ඇවිදින මළ මිනි වෙනුවට දැන් ජනප්‍රිය වෙලා තියෙන්නේ යක්ෂාවේශ වුණු මිනිසුන්ගේ සහ යකුන් පලවාහරින මිනිසුන්ගේ චරිත.”—The Wall Street Journal.

අද තියෙන පොත්, චිත්‍රපටි, වීඩියෝ ගේම්ස් අද්භූත බලයන් තියෙන චරිතවලින් පිරිලා. මන්තරකරුවන්, මායාකාරියන්, කඩවසම් වැම්පයර්ලා ඒ අතරින් කීපදෙනෙක් විතරයි. ඒ චරිතවලට මිනිසුන් ආකර්ෂණය වෙලා තියෙන්නේ ඇයි?a

සමාජ විද්‍යාව ගැන මහාචාර්යවරයෙක් වන ක්ලෝඩ් ෆිෂර් මෙහෙම කිව්වා. ‘මෑත දශක ගණනාව තුළදී හොල්මන් ගැන විශ්වාස කරන ඇමරිකානු ජනතාවගේ ගණන 10දෙනෙකුට එක් කෙනෙක් ඉඳලා 3දෙනෙකුට එක් කෙනෙක් වෙන කල් වැඩි වෙලා. හොල්මන් ගැන විශ්වාස කරන ඇමරිකාවේ ඉන්න තරුණ තරුණියන්ගේ ගණන ඒ දේවල් ගැන විශ්වාස කරන වැඩිහිටියන්ගේ ගණනට වඩා වැඩියි.’

හොල්මන් ගැන මිනිසුන්ට තියෙන විශ්වාසය එන්න එන්නම වැඩි වෙන නිසා යකුන් වැහුණු මිනිසුන් කරන දේවල් ඇතුළත් කතන්දර ජනප්‍රිය වෙලා තියෙන එක පුදුමයක් නෙවෙයි. “යකුන් මිනිසුන්ට ආවේශ වෙලා කරන දේවල් ඒ තරම් ජනප්‍රිය වෙන්න එක හේතුවක් වෙලා තියෙන්නේ ඇවිදින මළ මිනි, වෘක මිනිසුන් සහ වැම්පයර්ලා වගේ චරිත ඇතුළත් කතන්දර කාලයක් තිස්සේ මිනිසුන් අතර ජනප්‍රිය වෙලා තිබුණු නිසයි” කියලා එක පුවත්පතක සඳහන් වුණා.—The Wall Street Journal.

තවත් වාර්තාවක සඳහන් වුණේ මෙහෙමයි. “ලෝක ජනගහනයෙන් 25%ත් 50%ත් අතර පිරිසක් හොල්මන් ගැන විශ්වාස කරනවා. හුඟක් සංස්කෘතින්වල තියෙන පොත්වලත් හොල්මන් සම්බන්ධ දේවල් වැඩිපුර තියෙනවා.” සමාජ විද්‍යාව ගැන මහාචාර්යවරුන් දෙන්නෙක් කරපු සමීක්ෂණයකින් හෙළි වුණේ “ඇමරිකානුවන්ගෙන් 70%ත් 80ත්% අතර ප්‍රමාණයක් අඩුම තරමින් එක අද්භූත දෙයක් ගැනවත් විශ්වාස කරනවා” කියලයි.

භූතවාදය සහ අද්භූත බලයන් සම්බන්ධ දේවලින් වෙන්නේ විනෝදයක් ලැබෙන එක විතරද?

a අද්භූත බලයක් කියන්නේ “විද්‍යාවෙන්වත් භෞතික නීතිවලින්වත් විස්තර කරන්න බැරි දෙයක්” කියලා එක ශබ්දකෝෂයක තිබුණා.—Merriam-Webster’s Learner’s Dictionary.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න