ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g17 අංක 2 12-13 පි.
  • ස්පාඤ්ඤයට යමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ස්පාඤ්ඤයට යමු
  • 2017 පිබිදෙව්!
2017 පිබිදෙව්!
g17 අංක 2 12-13 පි.
සංචාරකයන් අතර හුඟක් ප්‍රසිද්ධ ස්පාඤ්ඤයේ ටොලෙඩෝ නගරය

ටොලෙඩෝ කියන්නේ ස්පාඤ්ඤයේ ඉතිහාසය සහ සම්ප්‍රදාය හොඳින් විදහාපෙන්වන නගරයක්. 1986දී ලෝක උරුමයක් විදිහටත් මෙය නම් කළා. මේ නගරය බලන්න සංචාරකයන් සිය දහස් ගණනක් හැම අවුරුද්දකම ස්පාඤ්ඤයට එනවා.

අපේ විත්ති

ස්පාඤ්ඤයට යමු

ස්පාඤ්ඤය ලකුණු කරලා තියෙන සිතියමක්

අප්‍රිකානු මහාද්වීපයට කිලෝමීටර් 14ක් විතර උතුරින් පිහිටි ස්පාඤ්ඤය සුන්දරත්වය දෝත දරාගත් රටක්. භූමියෙන් වැඩි හරියක්ම වැහිලා තියෙන්නේ සරුසාර තිරිඟු යායවල්, මිදිවතු සහ ඔලීව ගස්වලින්. භූගෝලීය විවිධත්වයත් එහේ ජීවත් වෙන විවිධ ජාතීනුත් රටට අලංකාරයක් ගෙන දෙනවා.

තුන්වෙනි සියවසේදී රෝම ජාතිකයන් ස්පාඤ්ඤය යටත් කරගෙන හිස්පානියා කියන නම ඒ රටට දුන්නා. ඒ කාලයේදී එහේ ජීවත් වුණේ විසිගොතික් සහ මුවර්ස් කියන ජනවර්ග දෙක විතරයි. පස්සේ කාලයක ෆිනීෂියානුවන්, ග්‍රීකවරුන් සහ කාතේජ්වරුන් ස්පාඤ්ඤයට සංක්‍රමණය වුණා.

රටේ දේශගුණය, රන්වන් වෙරළ තීරය, කලාත්මක සහ ඓතිහාසික ගොඩනැඟිලි සංචාරකයන්ගේ නෙත් සිත් ඇදගන්නවා. රස නහර පිනා යන ස්පාඤ්ඤ බොජුන්වලටත් සංචාරකයන්ගේ ලොකු ඉල්ලුමක් තියෙනවා. මාළු වර්ග, සලාද වර්ග, හැම් වර්ග සහ ඔලීව තෙල් දමා රස ගන්වපු එළවළු ස්පාඤ්ඤයේ වැඩිපුර ආහාරයට ගන්නවා. ඒ වගේම ස්පාඤ්ඤ ඔම්ලට්, ටපාස් කියන කෙටි ආහාර වර්ග සහ පඑලා කියන බත් වර්ගය ලෝකේ පුරාම ප්‍රසිද්ධයි. මෑත අවුරුද්දකදී සංචාරකයන් මිලියන 68කට වැඩිය ස්පාඤ්ඤයට ඇදී ආපු එක පුදුමයක් නෙමෙයි.

මුහුදු ආහාර පාවිච්චි කරලා හදන මරිස්කාඩා

මුහුදු ආහාර පාවිච්චි කරලා හදන මරිස්කාඩා

ෆ්ලැමෙන්කෝ නර්තනයේ යෙදෙමින්

ෆ්ලැමෙන්කෝ නර්තනය

ස්පාඤ්ඤ ජනයා හරිම මිත්‍රශීලීයි. හුඟදෙනෙක් රෝමානු කතෝලික ආගමේ වුණත් පල්ලිවලට යන අයගේ සංඛ්‍යාව හරිම අඩුයි. මෑතක ඉඳන් අප්‍රිකාවෙන්, ආසියාවෙන් සහ ලතින් ඇමරිකාවෙන් හුඟදෙනෙක් මේ රටේ පදිංචියට ඇවිත් තියෙනවා. එහේ ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඒ අයට බයිබලය ගැන කියලා දෙන්න ඉදිරිපත් වෙන්නේ කැමැත්තෙන්මයි.

2015 වසරේදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 10,500කට වැඩිදෙනෙක් නමස්කාරය සඳහා රැස්වෙන ශාලා 70ක් අලුත්වැඩියා කරන්න එහෙමත් නැත්නම් අලුතින් ඉදි කරන්න හවුල් වුණා. ඒවායින් සමහර ශාලා හදන්න ඉඩම් දීලා තිබුණේ නගර සභාවෙන්මයි. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ස්පාඤ්ඤ භාෂාවට අමතරව භාෂා 30කින් මෙහේ රැස්වීම් පවත්වනවා. 2016 වසරේදී යේසුස්ගේ මරණය සිහි කිරීම වෙනුවෙන් පවත්වපු විශේෂ රැස්වීමට 1,86,000කට වඩා වැඩිදෙනෙක් ඇවිත් හිටියා.

ඔයා දැනගෙන හිටියද?

ලෝකයේ වැඩියෙන්ම ඔලීව තෙල් නිපදවන්නේ ස්පාඤ්ඤයේ.

කැනරි දූපත්වල තියෙන මීටර් 3,718ක් උස ටෙයිඩ් කන්ද තමයි ස්පාඤ්ඤයේ උසම කන්ද. මේක ලෝකයේ තුන්වෙනි විශාලම ගිනි කන්දයි.

  • රාජ්‍ය භාෂාවන්: ස්පාඤ්ඤ, බාස්ක්, කැටලෝනියානු, ගැලිසියානු සහ වැලෙන්සියානු

  • ජනගහනය: 4,64,39,000

  • අගනුවර: මැඩ්‍රිඩ්

  • දේශගුණය: ගිම්හාන කාලයේදී අධික උෂ්ණත්වයක් සහ ශීත සෘතුවේදී තද ශීත දේශගුණයක්

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න