ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g17 අංක 5 14-15 පි.
  • කසක්ස්තානයට යමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කසක්ස්තානයට යමු
  • 2017 පිබිදෙව්!
2017 පිබිදෙව්!
g17 අංක 5 14-15 පි.
අස්තානා,කසක්ස්තානය

අස්තානා නුවර

අපේ විත්ති

කසක්ස්තානයට යමු

සිතියමේ පෙන්වන්නේ කසක්ස්තානය තියෙන තැන

අතීතයේදී කසක්ස්තානයේ වැසියන් පුරුදු වෙලා හිටියේ තැනින් තැනට ගිහින් ජීවිතේ ගත කරන්න. අදටත් සමහර එඬේරු ජීවත් වෙන්නේ ඒ විදිහට. ගිම්හාන කාලේදී එයාලගේ සත්තුන්වත් අරන් සීතල කඳුකරයට යන ඒ අය ශීත කාලේදී ආයෙත් උණුසුම් පහත් බිම්වලට යනවා.

කසක්ස්තානයේ දියුණු නගරවලත් අඩුවක් නැහැ. ඒත් ඒවායේ පදිංචි වුණා කියලා එයාලා එයාලගේ සම්ප්‍රදායික දේවල් අත්හරින්න කැමැත්තකුත් නැහැ. පැරණි සිරිත් විරිත්, කෑම බීම, අත්කම් භාණ්ඩවලට එයාලා දක්වන කැමැත්ත ඒකට උදාහරණයක්. එයාලටම ආවේණික කවි, සිංදු, සංගීත භාණ්ඩවලටත් එයාලා හුඟක් කැමතියි.

අතීත කසක්ස්තාන ජාතිකයන්ගේ සම්ප්‍රදායික නිවහන වුණේ යර්ට් කූඩාරම. සොබාදහමේ අලංකාරය නැති නාස්ති නොකර ඒක රැකගන්න එයාලට තිබුණු කැමැත්ත ඒ කූඩාරම්වලින් සංකේතවත් වුණා. එඬේරුන් තාමත් ඒ කූඩාරම් ජීවිතේට කැමතියි. නගරවල ජීවත් වෙන අයටත් විශේෂ අවස්ථාවලදී මේ කූඩාරම නැතුවම බැහැ. සංචාරකයන් වෙනුවෙන්ම හදපු සැපපහසු යර්ට් කූඩාරමුත් තියෙනවා. කසක්ස්තාන ජාතික කාන්තාවන් මැහුම් ගෙතුම්වලට කොච්චර දක්ෂද කියලා ඒ කූඩාරම්වල තියෙන සැරසිලි, බුමුතුරුණු වගේ දේවලින් හොඳින්ම පැහැදිලියි.

යර්ට් කූඩාරමක් ඇතුළේ ඉන්න පවුලක්

යර්ට් කූඩාරමක් ඇතුළේ

ගම්මානවල ඉන්න අය අශ්වයන්ව සලකන්නේ වටිනා සම්පතක් විදිහට. කසක්ස්තාන භාෂාවෙන් එක් එක් අශ්වයාට ආවේණික ලක්ෂණවලට අනුව උන්ව හඳුන්වන්න පුළුවන් වචන අඩුම තරමින් 21ක්වත් තියෙනවා. ඒ වගේම උන්ගේ පාට හඳුන්වන්න යොදාගන්න වචන සහ යෙදුම් 30කටත් වඩා තියෙනවා. අදටත් තෑග්ගක් විදිහට අශ්වයෙක්ව දෙන එක එයාලා සලකන්නේ හුඟක් වටින දෙයක් හැටියටයි. හොඳ අසරුවෙක් වෙන එක ගමේ තරුණයන්ට තියෙන සිහිනයක්. ඒ නිසා පුංචි කාලේ ඉඳන්ම එයාලා ඒකට පුහුණු වෙනවා.

සාම්ප්‍රදායික කසක්ස්තාන ආහාර වේලකට මස් නම් නැතුවම බැහැ. එයාලගේ කෑමවල මිරිස් නැති තරම්. අශ්ව කිරිවලින් හදපු ගුණයෙන් පිරි “කුමිස්” කියන පානයත් ඔටු කිරිවලින් හදපු “ශූබට්” කියන පානයත් ඒ රටේ හරිම ප්‍රසිද්ධයි.

කසක්ස්තානයේ අල්මා-අටාවල තියෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය බලන්න එන අයව සතුටින් පිළිගන්නවා.

හිම දිවියා

හිම දිවියා ගිම්හාන කාලයේ ජීවත් වෙන්නේ කසක්ස්තානයේ කඳුවලයි

ඔබ දැන සිටියාද?

කසක්ස්තානයේ ටියුලිප් මල් වර්ග අඩුම තරමින් 36ක්වත් වැවෙනවා. කසක්ස්තානයේ කලාත්මක නිර්මාණ බොහෝමයක ටියුලිප් මලේ හැඩය දකින්න තියෙනවා.

බෝල්කෑෂ් විලේ නැඟෙනහිර පැත්තේ වතුර ලුණු රසයෙන් යුත් වුණත් බටහිර පැත්තේ තියෙන වතුරවල ලුණු රසය නැති තරම්.

දඩයම් කරන අරමුණින් රාජාලීන් වගේ කුරුල්ලන්ව පුහුණු කරන එක තාමත් ප්‍රසිද්ධයි. රන් රාජාලීන්ව පුහුණු කරන්න එයාලා හරි දක්ෂයි.

මිනිසෙක්ගේ අත උඩ ඉන්න හිසට ආවරණයක් දාලා ඉන්න රාජාලියෙක්

රාජාලියාගේ හිසට දාලා තියෙන ආවරණය නිසා උන්ට මිනිසුන් ගැන තියෙන බය නැති වෙනවා

  • රාජ්‍ය භාෂාවන්: කසාක්, රුසියානු

  • ජනගහනය: 1,75,63,000

  • අගනුවර: අස්තානා

  • දේශගුණය: ගිම්හාන කාලේදී උණුසුම්, වියළි වගේම ශීත කාලේදී හිම වැටෙන ශීත දේශගුණයක්

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න