ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g17 අංක 6 10-11 පි.
  • නවසීලන්තයට යමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නවසීලන්තයට යමු
  • 2017 පිබිදෙව්!
2017 පිබිදෙව්!
g17 අංක 6 10-11 පි.
මිල්ෆර්ඩ් සවුන්ඩ්, නවසීලන්තය

මිල්ෆර්ඩ් සවුන්ඩ්

අපේ විත්ති

නවසීලන්තයට යමු

ලෝක සිතියමේ නවසීලන්තය තියෙන තැන

මීට අවුරුදු 800කට විතර කලින් පොලිනීසියාවේ දූපත්වල හිටිය මවුරි ගෝත්‍රිකයන් සැතපුම් දහස් ගණනක් සයුර තරණය කර දූපතකට ගොඩ බැස්සා. ඒ දූපත ඔවුන් කලින් හිටිය දූපත්වලට වඩා හාත්පසින්ම වෙනස්. ඔවුන් ගොඩ බැස්සේ කඳු යායවල්, හිමෙන් වැසී ගිය කඳු වැටි, උණු දිය උල්පත්වලින් පිරිණු සුන්දර නවසීලන්තයටයි. තවත් අවුරුදු 500කට විතර පස්සේ යුරෝපීය ජාතිකයන් පිරිසකුත් නවසීලන්තයට ආවා. ඒ නිසයි අද නවසීලන්තයේ යුරෝපීය සහ මවුරි ජාතිකයන්ගේ සිරිත් විරිත් දකින්න ලැබෙන්නේ. එහි වැසියන්ගෙන් 90%ක්ම ජීවත් වෙන්නේ නගරබදව. ලෝක සිතියමේ පහළින්ම පිහිටා ඇති අගනුවර විදිහට මේ රටේ අගනුවර වන වෙලිංටන් හඳුන්වනවා.

නවසීලන්තයේ උතුරු දූපතේ තියෙන උතුරන මඩ වළක්

උතුරු දූපතේ තියෙන උතුරන මඩ වළක්

නවසීලන්තය ටිකක් හුදෙකලාව පිහිටි රටක් වුණත් එහි ඇති ජෛව විවිධත්වයත් සුන්දර වටපිටාවත් නිසා වසරකට මිලියන 3ක විතර සංචාරකයන් පිරිසක් ඒ රටට ඇදී එනවා.

රීදි මීවන ශාක

මීටර 10කට වඩා උසට වැවෙන රීදි මීවන ශාක

ටකාහි කියන පියාඹන්න බැරි පක්ෂියා

1948 වන තුරු ටකාහි කියන පියාඹන්න බැරි පක්ෂියාව සැලකුවේ වඳ වී ගිය පක්ෂියෙක් විදිහට

නවසීලන්තයටම ආවේණික ටිකක් අමුතු තාලේ වන ජීවී විශේෂ කිහිපයක්ම ඒ රටේ දැකගන්න පුළුවන්. ලෝකයේ පියාඹන්න බැරි පක්ෂි විශේෂවලින් වැඩි ප්‍රමාණයක් ඉන්නේ නවසීලන්තයේ. අවුරුදු 100ක් විතර ජීවත් වන කටුසු විශේෂයක් වන ටුවටාරාගේ නිවහනත් නවසීලන්තයයි. රටටම ආවේණික ක්ෂිරපායි සතුන් විදිහට සැලකෙන්නේ වවුල් විශේෂ කීපයක් සහ තල්මසුන්, ඩොල්ෆින් වැනි ජීවීන් විතරයි.

නවසීලන්තයේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අවුරුදු 120ක් පුරා රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කරනවා. ඒ වගේම භාෂා 19කින් විතර බයිබලේ තියෙන තොරතුරු කියලා දෙනවා. න්‍යුවන්, රාරොටොංගන්, සැමෝවන්, ටොංගන් වගේ ගෝත්‍රික භාෂාත් ඒවාට ඇතුළත්.

මවුරි ගෝත්‍රිකයන් සම්ප්‍රදායික ඇඳුමින් සැරසී කරන නැටුමක්

මවුරි ගෝත්‍රිකයන් සම්ප්‍රදායික ඇඳුමින් සැරසී කරන නැටුමක්

ඔබ දැන සිටියාද?

මේ රටට කියන ඉංග්‍රීසි නම හැදිලා තියෙන්නේ නෙදර්ලන්තයේ පළාතක් වන “සීලන්ඩ්” කියන නමින්. මේ රට හඳුන්වන මවුරි වචනයේ තේරුම “දිගු සුදු වළාවන්ගෙන් පිරුණු දේශය.”

රටේ හුඟදෙනෙක් කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාව. රටේ මුල් භාෂාව වන මවුරි භාෂාවේ භාවිතයත් වැඩි වෙලා තියෙනවා. එය දැන් පාසැල්වලත් උගන්වනවා. jw.org කියන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නිල වෙබ් අඩවියේ තොරතුරු මවුරි භාෂාවෙනුත් ලබාගන්න පුළුවන්.

  • ජනගහනය: මිලියන 4.7

  • අගනුවර: වෙලිංටන්

  • භූමිය: උතුරු දූපතේ ගිනිකඳු සහ උණු දිය උල්පත් දකින්න තියෙන අතර දකුණු දූපතේ හිම කඳු දහස් ගාණක් දකින්න පුළුවන්

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න