ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g18 අංක 1 3 පි.
  • හොයාගන්නේ කොහොමද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හොයාගන්නේ කොහොමද?
  • 2018 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • ‘ප්‍රීතිමත් දෙවිට’ නමස්කාර කරන සෙනඟ සන්තෝෂවත්
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සන්තෝෂය අත් කරගත හැකි අයුරු
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පටුන
    2018 පිබිදෙව්!
  • යෙහෝවඃ වහන්සේට සේවය කිරීමේ දී ලැබෙන සැබෑ සන්තෝෂය
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2018 පිබිදෙව්!
g18 අංක 1 3 පි.
පාරක ඇවිද යන මිනිසෙක්

සැබෑ සතුටට මඟ

හොයාගන්නේ කොහොමද?

ඔයා සතුටින් ඉන්න කෙනෙක්ද? එහෙමනම් ඔයා සතුටින් ඉන්න හේතුව මොකක්ද? ඔයාගේ පවුලේ අය, රස්සාව, ආගම නිසාද? නැත්නම් හොඳට විභාගේ පාස් වෙලා හොඳ රස්සාවක් හොයාගන්න, අලුත් කාර් එකක් ගන්න සිහින මවන නිසාද?

අපි බලාපොරොත්තුවෙන් ඉන්න දෙයක් ලැබුණාම අපිට ලොකු සතුටක් දැනෙනවා. ඒත් ඒ සතුට හැමදාම තියෙනවාද? නැහැ. හුඟක් දේවලින් ලැබෙන සතුට හරිම තාවකාලිකයි.

ඒත් හැමදාම සතුටින් ඉන්න අපිට තියෙන ආසාව කවදාවත් නැති වෙන්නේ නැහැ. ඇත්තටම සතුට කියන්නේ මොකක්ද? ඒක හිතට ගතට තෘප්තියක් ගෙනෙන යම් කාලයක් පුරා පවතින හැඟීමක් කියලා විස්තර කරලා තියෙනවා. අත් කරගත්ත යම් දෙයක් නිසා කෙනෙක්ට පුංචි සතුටක් දැනෙන්නත් පුළුවන්, හදවත උතුරා යන තරමේ ලොකු සතුටක් දැනෙන්නත් පුළුවන්.

සතුට ලබාගන්න එක හරියට අවසානයක් නැති ගමනක් වගේ. මොකද කෙනෙක්ට සතුට ලබාගන්න තියෙන ආසාව යම් දේවල් අත් කරගත්තා කියලා අඩු වෙන්නේ නැහැ. ඒ නිසා කෙනෙක් හිතනවා නම් ‘මට මේක ලැබුණොත් නම් සතුටින් ඉන්න පුළුවන්’ කියලා ඒක තේරුමක් නැති දෙයක්.

උදාහරණෙකට හිතන්න, නිරෝගීව ඉන්න වෑයම් කරන කෙනෙක් ගැන. නිරෝගීව ඉන්න නම් එයා නිතිපතාම ව්‍යායාම් කරන්න ඕනේ. සමබර ආහාර ගන්න ඕනේ. ඒ වගේ දේවල් එයා දිගටම කරන්න ඕනේ. ඒ වගේ තමයි සතුට ලබාගන්නත් ඒ වෙනුවෙන් අපි දිගටම දේවල් කරන්න ඕනේ.

සතුට දිගටම තියාගන්න උදව් වෙන දේවල් මොනවාද? ඒවායින් කීපයක් ගැන දැන් අපි බලමු.

  • තියෙන දෙයින් සෑහීමට පත් වීම සහ ත්‍යාගශීලී වීම

  • මානසික සහ ශාරීරික නිරෝගිකම

  • ආදරය පෙන්වීම

  • සමාව දීම

  • ජීවිතේ නියම අරුත තේරුම්ගැනීම

  • බලාපොරොත්තුවක් ඇතුව සිටීම

අද කාලෙටත් ගැළපෙන වටිනා තොරතුරු ඇතුළත් පොතක සැබෑ “සන්තෝෂයට” මඟ හොයාගන්නේ කොහොමද කියලා සඳහන් වෙලා තියෙනවා. (ගීතාවලිය 119:1) ඔයා ඒ මාර්ගය හොයාගන්න කැමතිද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න