ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g19 අංක 2 6-7 පි.
  • නිහතමානී වෙන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිහතමානී වෙන්න
  • 2019 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • නිහතමානී කෙනෙක් මොන වගේද?
  • නිහතමානී වෙන්න ඕනෙ ඇයි?
  • නිහතමානී වෙන්න උගන්වන්න
  • යටහත් පහත්කම වර්ධනය කරගන්න
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යටහත්පහත් සේවකයන්ව යෙහෝවා දෙවියන්ට හුඟක් වටිනවා
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • නිහතමානී වෙන්න දරුවාට උදව් කරන්න
    2017 පිබිදෙව්!
  • අනුකරණය කිරීම සඳහා යටහත් පහත්කමේ ආදර්ශ
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2019 පිබිදෙව්!
g19 අංක 2 6-7 පි.
පිරිමි ළමයෙක් කුණු බක්කියට කුණු දමමින්

2වෙනි පාඩම

නිහතමානී වෙන්න

නිහතමානී කෙනෙක් මොන වගේද?

නිහතමානී කෙනෙක් අනිත් අයට ගරු කරනවා. අහංකාර විදිහට හැසිරෙන්නේවත් අනිත් අයගෙන් විශේෂ සැලකිල්ලක් බලාපොරොත්තු වෙන්නේවත් නැහැ. අනිත් අය ගැන අවංකවම සැලකිලිමත් වෙමින් එයාලගෙන් දේවල් ඉගෙනගන්න කැමැත්තෙන් ඉන්නවා.

නිහතමානිකම කියන්නේ දුර්වල ගුණාංගයක් කියලා සමහරු හිතනවා. ඒත් නිහතමානීව තමන් අතින් වෙන වැරදි හඳුනගෙන, තමන්ගේ සීමාවන් දැනගෙන වැඩ කරන්න කෙනෙක්ට ලොකු හයියක් තියෙන්න ඕනේ.

නිහතමානී වෙන්න ඕනෙ ඇයි?

  • හොඳ මිතුදම් ඇති කරගන්න උදව් වෙනවා. පොතක මෙහෙම කියනවා. ‘නිහතමානී අයට හොඳ යාළුවන් හොයාගන්න ලේසියි. අනිත් අය එක්ක හොඳ අදහස් හුවමාරුවක් සහ හොඳ ඇසුරක් පවත්වගන්නත් ඒ අයට පුළුවන්.’—The Narcissism Epidemic.

  • අනාගතයේදී ප්‍රයෝජන අද්දකින්න පුළුවන් වෙනවා. නිහතමානීව වැඩ කරද්දී දැනුත් අනාගතයේදීත් දරුවාට හුඟක් ප්‍රයෝජන ලැබෙනවා. උදාහරණෙකට රස්සාවක් හොයාගන්න ඒක එයාට උදව් වෙයි. වෛද්‍ය ලෙනාඩ් සැක්ස් කියන දේ බලන්න. ‘උඩඟු, තමන්ගේ සීමාවන් හඳුනගෙන නැති යෞවනයෙක්ට රස්සාවක් දෙන්න කවුරුත් කැමති වෙන එකක් නැහැ. ඒත් සම්මුඛ පරීක්ෂණය පවත්වන කෙනාට ගෞරවයෙන් සවන් දෙන කෙනෙක්ට රැකියාවක් දෙන්න කවුරු වුණත් කැමති වෙයි.’a

නිහතමානී වෙන්න උගන්වන්න

තමන් ගැන ඕනෑවට වඩා හිතන්නේ නැතුව ඉන්න දරුවාට උදව් කරන්න.

බයිබල් ප්‍රතිපත්තිය: “කෙනෙක් තමා ඉතා වැදගත් කෙනෙක් කියා සිතනවා නම් ඔහු රවටාගන්නේ තමාවමය.”—ගලාති 6:3.

  • බොරු බලාපොරොත්තු දෙන්න එපා. “ඔයාගේ හැම හීනයක්ම ඉටු වෙයි,” “ඔයාට කරන්න බැරි දෙයක් නෑ” වගේ දේවල් කියන්න එපා. දිරිගන්වන්න හිතාගෙන එහෙම කිව්වත් ඒකෙන් වෙන්නේ දරුවන්ට බොරු බලාපොරොත්තු දෙන එක විතරයි. ඉටු කරගන්න පුළුවන් ඉලක්ක වෙනුවෙන් මහන්සි වෙන්න දරුවන්ට උදව් කළොත් ජීවිතය ජය ගන්න එයාලට පුළුවන් වෙයි.

  • බොරුවට ප්‍රශංසා කරන්න එපා. “ඔයා නියමයි” කියලා දරුවාට කිසි හේතුවක් නැතුවම කිව්වොත් ඒක එයාට නිහතමානී වෙන්න උදව් වෙන්නේ නැහැ. ප්‍රශංසා කරද්දී හේතුව නිශ්චිතව කියන්න.

  • සීමාවක් නැතුව සමාජ ජාලා වෙබ් අඩවිවල ගැවසෙන්න දෙන්න එපා. හුඟක් වෙලාවට ඒ වෙබ් අඩවිවලින් වෙන්නේ මිනිසුන් එයාලගේ හපන්කම් ගැන පුරාජේරු නඟන එකයි. නිහතමානී අය නම් එහෙම කරන්නේ නැහැ.

  • වරදක් වුණු ගමන්ම සමාව ඉල්ලන්න පුහුණු කරන්න. වරද මොකක්ද කියලා තේරුම්ගන්නත් වරද පිළිගන්නත් දරුවාට උදව් කරන්න.

අගය කරන්න දරුවාට උගන්වන්න.

බයිබල් ප්‍රතිපත්තිය: ‘ඔබ තුළ ස්තුතිවන්තකම දක්නට ලැබිය යුතුයි.’—කොලොස්සි 3:15.

  • දෙවියන්ගේ නිර්මාණ අගය කරන්න. අවට තියෙන නිර්මාණ අගය කරන්න දරුවන්ට උගන්වන්න. ජීවිතේ පැවැත්මට නැතුවම බැරි වාතය, කෑම බීම වගේ දේවල් අපි මොන තරම් අගය කරන්න ඕනෙද කියලත් උගන්වන්න.

  • අනිත් අයව අගය කරන්න. අනිත් අය යම් පැතිවලින් තමන්ට වඩා උසස් කියලා තේරුම්ගන්න දරුවන්ට උදව් කරන්න. ඒ අයට තියෙන හැකියාවන්, දක්ෂතා ගැන ඊර්ෂ්‍යා නොකර එයාලගේ හොඳ ගුණාංග අගය කරන්නත් එයාලගෙන් දේවල් ඉගෙනගන්නත් දිරිගන්වන්න.

  • ස්තුති කරන්න. නිකම්ම ස්තුති කරනවා වෙනුවට මුළු හදවතින්ම ඒ දේ කරන්න දරුවන්ට උගන්වන්න. අවංකවම අගය කරන එක නිහතමානී වෙන්න උදව් වෙනවා.

අනිත් අය වෙනුවෙන් දේවල් කරන එක කොච්චර වටිනවාද කියලා උගන්වන්න.

බයිබල් ප්‍රතිපත්තිය: “නිහතමානීව අන් අය ඔබට වඩා උතුම් කියා සිතන්න. ඔබේම කාරණා ගැන පමණක් සිතමින් සිටිනවා වෙනුවට එකිනෙකා කෙරෙහිත් පෞද්ගලික සැලකිල්ල දක්වන්න.”—ෆිලිප්පි 2:3, 4.

  • ගෙදරදොරේ වැඩ කරන්න පුහුණු කරන්න. ගෙදරදොරේ වැඩ දරුවාට කරන්න දෙන්නේ නැත්නම් එයා හිතයි ඒ දේවල් කරන එක වැදගත් නැහැ කියලා. තමන්ට භාර දීපු වැඩේ කරලයි දරුවා සෙල්ලම් කරන්න ඕනේ. ගෙදරදොරේ වැඩ කරද්දී අනිත් අය ප්‍රයෝජන ලබන විදිහ ගැනත් ඒකෙන් අනිත් අයගේ ගෞරවය දිනාගන්න පුළුවන් කියලත් දරුවාට කියලා දෙන්න.

  • අනිත් අය වෙනුවෙන් දේවල් කරන එක හොඳ දෙයක් කියලා දරුවාට උගන්වන්න. අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් වෙන්න දරුවාට ඒක උදව් වෙනවා. ඒ නිසා උදව් ඕන අයව අඳුනගන්න කියලා එයාව දිරිගන්වන්න. එයාලට උදව් කරන්න පුළුවන් කොහොමද කියලත් දරුවා එක්ක කතා කරන්න. අනිත් අයට උදව් කරද්දී දරුවාව අගය කරන්න. එහෙම කරන්න එයාට උදව් කරන්න.

a The Collapse of Parenting කියන පොතෙන්.

පිරිමි ළමයෙක් කුණු බක්කියට කුණු දමමින්

දැන් ඉඳන්ම පුහුණු කරන්න

සාමාන්‍යයෙන් ගෙදරදොරේ ඕනෙම වැඩක් කරන දරුවෙක් වැඩිහිටියෙක් වුණාම අනිත් අයත් එක්ක පෑහිලා වැඩ කරනවා

ආදර්ශයෙන් උගන්වන්න

  • මටත් අනිත් අයගෙන් උදව් ඕන වෙලාවල් තියෙනවා කියලා මං දරුවන්ට කියලා තියෙනවාද?

  • අනිත් අය ගැන කතා කරද්දී මං ඒ අයව අගය කරනවාද නැත්නම් පහත් කරනවාද?

  • අනිත් අයට මං උදව් කරන්නේ කැමැත්තෙන්මයි කියලා දරුවන් දකිනවාද?

දෙමාපියන් කියන දේ

“දුව අපිට කිව්වා එයාගේ පන්තියේ ඉන්න නපුරු ළමයෙක් ගැන. පන්තියේ කවුරුත් එයාට කැමති නෑලු. මං දුවට කිව්වා සමහරවිට ඒ ළමයා හුඟක් ප්‍රශ්න එක්ක පොරබදිනවා ඇති කියලා. අපේ පවුල වගේ නෙවෙයි හුඟක් පවුල්වල ප්‍රශ්න තියෙනවා කියලත් මං කිව්වා. අනිත් අයට නැති සමහර දේවල් දුවට තිබුණත් එයා අනිත් අයට වඩා උසස් නැහැ කියලා තේරුම්ගන්න ඒක එයාට උදව් වුණා.”—කැරන්.

“අපි අපේ දුවලට කොයි වෙලෙත් කිව්වේ ඉස්කෝලේ වැඩ සතුටින් කරන්න කියලයි. අනිත් අය එක්ක සැසඳීම් කරන්නේ නැතුව, තරඟ කරන්නේ නැතුව එයාලට පුළුවන් උපරිමය කරන්න කියලා අපි එයාලව දිරිගැන්නුවා. අපි කවදාවත් එයාලව අනිත් අයත් එක්ක සසඳන්නේ නැහැ කියලත් අපි කිව්වා.”—මරියානා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න