ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g19 අංක 3 6-7 පි.
  • මානසික සෞඛ්‍යය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මානසික සෞඛ්‍යය
  • 2019 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • කේන්තිය
  • ස්තුතිවන්ත හැඟීම
  • තවත් බයිබල් ප්‍රතිපත්ති
  • කේන්ති ගන්න එක ගැන බයිබලයේ කියන්නේ මොනවාද?
    බයිබලයෙන් උත්තර
  • “වටහාගැනීමේ ශක්තිය ඇති මිනිසෙකුට ඉක්මනින් කේන්ති නොයයි”
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මගේ හැඟීම් පාලනය කරගන්නේ කොහොමද?
    2005 පිබිදෙව්!
  • කෝප වීම සෑම විටම වැරදිද?
    1994 පිබිදෙව්!
තව තොරතුරු
2019 පිබිදෙව්!
g19 අංක 3 6-7 පි.
කවුන්ටරයක් ළඟ සල්ලි ගෙවන්න නොඉවසිල්ලෙන් බලන් ඉන්න අය අතරේ කාන්තාවක් සහ එයාගේ දරුවා සන්සුන්ව ඉන්නවා

මානසික සෞඛ්‍යය

හානිකර සිතුවිලි හිතින් අයින් කරගන්න කියලත් යහපත් සිතුවිලි ඇති කරගන්න කියලත් බයිබලයේ කියලා තියෙනවා.

කේන්තිය

බයිබල් ප්‍රතිපත්තිය: “ඉක්මනින් කේන්ති නොගන්න තැනැත්තා බලවන්තයෙකුට වඩා ශක්තිමත්ය.”—හිතෝපදේශ 16:32.

ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? අපේ සිතුවිලි පාලනය කරගන්න ඉගෙනගද්දී ප්‍රයෝජන ලැබෙන්නේ අපිටමයි. කේන්ති ගන්න සාධාරණ හේතුවක් තිබුණත් අපි කේන්තිය පාලනය කරගත්තේ නැත්නම් ඒකෙන් ලොකු හානියක් වෙන්න පුළුවන්. පර්යේෂකයනුත් හොයාගෙන තියෙනවා කේන්තියෙන් ඉද්දී කියන කරන දේවල් ගැන හුඟක් අය පස්සේ පසුතැවෙනවා කියලා.

ඔයාට කරන්න පුළුවන් මොනවාද? කේන්තිය ඔයාව පාලනය කරන්න කලින් ඔයා කේන්තිය පාලනය කරගන්න. සමහරු හිතනවා කේන්තිය පාලනය කරගන්න එක බියගුලුකමක් කියලා. ඒත් ඒ අදහස වැරදියි. මොකද බයිබලයේ කියන්නේ “මිනිසෙකු තමාවම පාලනය කර නොගන්නේ නම් ඔහු පවුර කඩා බිඳ දැමූ නුවරක් මෙනි” කියලයි. (හිතෝපදේශ 25:28) ඉක්මන් වෙලා දෙයක් කියනවා කරනවා වෙනුවට ඇත්තටම වුණේ මොකක්ද කියලා තේරුම්ගන්න උත්සාහ කරන එක කේන්තිය පාලනය කරගන්න උදව් වෙනවා. බයිබලයේ කියනවා “වටහාගැනීමේ ශක්තිය ඇති මිනිසෙකුට ඉක්මනින් කේන්ති නොයයි” කියලා. (හිතෝපදේශ 19:11) අනිත් කෙනාට ඇහුම්කන් දීලා එයාගේ පැත්ත ගැන හොඳින් හිතලා බලන එකත් කේන්තිය පාලනය කරගන්න උදව් වෙනවා.

ස්තුතිවන්ත හැඟීම

බයිබල් ප්‍රතිපත්තිය: “ඔබ තුළ ස්තුතිවන්තකමද දක්නට ලැබිය යුතුයි.”—කොලොස්සි 3:15.

ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? හුඟක් අය පිළිගන්නවා ස්තුතිවන්ත හැඟීමක් ඇතුව ඉන්න අයට තමයි සතුටින් ඉන්න පුළුවන් කියලා. තමන් සතුව තිබුණු වටිනම දේ අහිමි වුණු අය පවා ඒක ඇත්තක් කියලා පිළිගන්නවා. අහිමි වුණු දේවල් ගැන ළත වෙනවා වෙනුවට තියෙන දේවල් ගැන හිතන එක සතුටින් ඉන්න උදව් වෙනවා කියලයි ඒ අය කියන්නේ.

ඔයාට කරන්න පුළුවන් මොනවාද? ඔයාට ස්තුතිවන්ත වෙන්න පුළුවන් දේවල් ගැන හැම දවසකම හොඳට හිතලා ඒවා සටහන් කරගන්න. උදාහරණෙකට හිරු නැඟ එන දසුනක්, ආදරේ කරන කෙනෙක් එක්ක කරපු මිහිරි සංවාදයක්, තව දවසක් ජීවත් වෙන්න ලැබුණ එක වගේ එච්චර හිතලා බලන්නේ නැති දේවල් ගැනත් හිතන්න. ඒ වගේ දේවල් ගැන හිතලා අගයක් ඇති කරගන්නවා නම් සතුටින් ඉන්න ඔයාට පුළුවන් වෙයි.

ඔයා ඔයාගේ පවුලේ අයව, යාළුවන්ව අගය කරන්නේ ඇයි කියලා හොඳට හිතලා බලන්න. ඒ ගැන එයාලට කියන්න. ලියුමකින් නැත්නම් මෙසේජ් එකකින් වුණත් ඒ දේ කරන්න පුළුවන්. ඒ අය එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න ඒක උදව් වෙයි. එයාලව සතුටු කරන්න ඔයා දෙයක් කරපු එක ගැන ඔයාටත් ලොකු සතුටක් දැනෙයි.—ක්‍රියා 20:35.

තවත් බයිබල් ප්‍රතිපත්ති

පුංචි දුවගේ ඇඳුම් නවන ගමන් අම්මා කෙනෙක් පටිගත කළ බයිබල් කියවීමකට ඇහුම්කන් දෙමින්

බයිබල් පොත්වල පටිගත කිරීම් ඔයාගේ භාෂාවෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. පටිගත කළ බයිබල් පොත් jw.org හරහා භාෂා 40කින් පමණ ලබාගන්න පුළුවන්

රණ්ඩු දබරවලට පැටලෙන්න එපා.

“රණ්ඩු දබර ඇති වන්නේ වේල්ලකින් වතුර බිඳී යන්නාක් මෙනි. එහෙයින් රණ්ඩුවක් හටගැනීමට පෙර එතැනින් අහක්ව යන්න.”—හිතෝපදේශ 17:14.

අනාගතය ගැන අනවශ්‍ය විදිහට කරදර වෙන්න එපා.

“හෙට දවස ගැන කිසිවිටක කනස්සලු නොවන්න. මන්ද හෙට දවසෙත් කරදර තිබෙයි. හැම දවසකම කරදර තිබෙන බව මතක තබාගන්න.”—මතෙව් 6:34.

හැඟීම්වලට වහල් නොවී හොඳට හිතලා බලලා වැඩ කරන්න.

“සිතීමේ හැකියාව ඔබව සුරකිනු ඇත. වටහාගැනීමේ හැකියාවද ඔබට ආරක්ෂාවක් වනු ඇත.”—හිතෝපදේශ 2:11.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න