ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g21 අංක 1 12-13 පි.
  • ලස්සන බලාපොරොත්තුවක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ලස්සන බලාපොරොත්තුවක්!
  • 2021 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දුෂ්ට මිනිසුන්ව විනාශ කරනවා
  • සාතන්ව විනාශ කරනවා
  • අසනීප, මරණය නැති කරනවා
  • පොළොව පාරාදීසයක් කරනවා
  • මැරුණු අයට ආයෙත් ජීවිතය දෙනවා
  • පොළොව සඳහා දෙවිගේ අරමුණ කුමක්ද?
    දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?
  • මිනිස් වර්ගයා සඳහා දෙවිගේ අරමුණ කුමක්ද?
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • ඔබට සන්තෝෂවත් අනාගතයක් භුක්ති විඳිය හැකියි!
    සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම
  • දෙවිගේ මිතුරන් පාරාදීසයක ජීවත් වෙන්න යනවා
    දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්!
තව තොරතුරු
2021 පිබිදෙව්!
g21 අංක 1 12-13 පි.
ලස්සන පාරාදීස පොළොවක මිනිස්සු සත්තුත් එක්ක සාමයෙන් ඉන්නවා. එයාලට ඇති තරම් කෑම තියෙනවා.

ලස්සන බලාපොරොත්තුවක්!

අනාගතයේදී අපිට ලස්සන කාලයක් දෙනවා කියලා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා. ඒ කාලේදී කිසිම කෙනෙක් දුක් විඳින්නේ නැහැ. හැමෝම ඉන්නේ සතුටින්. (ගීතාවලිය 37:11) ඇත්තටම ඒ පොරොන්දුව අපිට විශ්වාස කරන්න පුළුවන්ද? ඔව්. මොකද බයිබලේ කියන්නේ මිනිසුන් බොරු කිව්වත් ‘දෙවි කවදාවත් බොරු කියන්නේ නැහැ’ කියලයි. (ගණන් කතාව 23:19) අපේ නිර්මාතෘ අපි වෙනුවෙන් කරන්න යන දේවල් කීපයක් ගැන අපි මේ ලිපියෙන් බලමු.

දුෂ්ට මිනිසුන්ව විනාශ කරනවා

“දුෂ්ටයෝ තණකොළ මෙන් වැඩෙන්නෝය. නපුරු ක්‍රියා කරන්නෝ සශ්‍රීක වන්නෝය. නමුත් අන්තිමේදී ඔවුහු සදහටම විනාශ වී යන්නෝය.”—ගීතාවලිය 92:7.

අපි කලින් ලිපියෙනුත් බලපු විදිහට මේ ලෝකේ තියෙන දුෂ්ටකම් එන්න එන්නම වැඩි වෙනවා. හැබැයි ඒ ගැන පුදුම වෙන්න ඕනෙ නැහැ. මොකද බයිබලේ 2 තිමෝති 3:1-5 කියන්නේ “අවසාන කාලයේදී” මිනිසුන්ගේ දුෂ්ටකම් වෙන කවදාටත් වඩා වැඩි වෙනවා කියලයි. අවසාන කාලය කියද්දී එතන කතා කරන අවසානය මොකක්ද? ඒ, දුෂ්ට මිනිසුන්ගේ අවසානය. දිගින් දිගටම දෙවියන්ට අකීකරු වෙන අයව ඔහු ළඟදීම විනාශ කරනවා. ඊටපස්සේ මේ පොළොවේ ඉතුරු වෙන්නේ දෙවියන්ට කීකරු, යහපත් අය විතරයි.—ගීතාවලිය 37:29.

සාතන්ව විනාශ කරනවා

“සමාදානය ලබා දෙන දෙවි සාතන්ව ඔබේ පාද යට දමා පොඩි කරන්නේය.”—රෝම 16:20.

සාතන් සහ භූතයන් ඇතුළු හැම දුෂ්ටයෙක්ම විනාශ වුණාට පස්සේ මේ පොළොව සාමයෙන් පිරිලා ඉතිරිලා යනවා. එදාට කිසිම කෙනෙක් අපිව “බිය ගන්වන්නේ නැහැ” කියලා අපේ නිර්මාතෘ පොරොන්දු වෙලා තියෙනවා.—මීකා 4:4.

අසනීප, මරණය නැති කරනවා

‘දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය.’—එළිදරව් 21:4.

සාතන් නිසා, ආදම් සහ ඒව නිසා, අපේම පව්කාරකම නිසා ඇති වෙලා තියෙන හැම නරක දෙයක්ම දෙවියන් සම්පූර්ණයෙන්ම නැති කරලා දානවා. එදාට අපි දුක් විඳින්නේවත් ලෙඩ වෙන්නේවත් නැහැ. ඒ විතරක් නෙමෙයි කිසිම කෙනෙක් මැරෙන්නෙත් නැහැ. අපේ නිර්මාතෘට ආදරය කරන, ඔහුට කීකරු වෙන අයට හැමදාටම සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඒත් එයාලා ජීවත් වෙන්නේ කොහේද?

පොළොව පාරාදීසයක් කරනවා

“වැලි කතරද වියළි දේශයද සතුටෙන් පිනා යන්නේය. පාළුකරය කෙතේ මලක් මෙන් පිබිදී ප්‍රීතියෙන් ඉපිල යන්නේය.”—යෙසායා 35:1.

දෙවියන් ළඟදීම හැම නරක දෙයක්ම නැති කළාට පස්සේ මුළු පොළොවම ලස්සන පාරාදීසයක් වෙනවා. ඒ කාලේදී මල් වතුවලින්, ලස්සන උයන්වලින් පොළොව පිරිලා තියෙයි. රස නහර පිනවන කෑම ඇති තරම් ලැබෙයි. (ගීතාවලිය 72:16) එදාට සාගර, ඇළදොළ සහ ගංගා පිරිසිදු වෙන නිසා ජීවීන්ට කිසිම හානියක් වෙන්නේ නැහැ. “පරිසර දූෂණය” කියන වචනෙවත් අපිට මතක් වෙන එකක් නැහැ. මිනිස්සු හැමෝම තමන්ටම කියලා ගෙයක් දොරක් හදාගෙන සතුටින් ජීවත් වෙයි. ආයේ කවදාවත් දුප්පත්කම නිසා, ගෙයක් දොරක් නැති නිසා, කන්න බොන්න දෙයක් නැති නිසා මිනිස්සු දුක් විඳින්නේ නැහැ.—යෙසායා 65:21, 22.

මැරුණු අයට ආයෙත් ජීවිතය දෙනවා

“මිය ගිය අය නැවත ජීවත් වනු ඇත.”—යෙසායා 26:19.

මරණය නිසා වෙන් වුණු ඔයාගේ ආදරණීයයන්ව දකින්න ඔයා ආසයිද? සියලු බලැති දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා මැරුණු අයට ආයෙත් ජීවත් වෙන්න අවස්ථාව දෙනවා කියලා. ඒ අයව දකිද්දී ඔයාට කොච්චර සතුටක් දැනෙයිද? ඒ අය ඔයාව දකිද්දී එයාලට කොච්චර සතුටක් දැනෙයිද? ඇත්තටම ඒ පොරොන්දුව විශ්වාස කරන්න අපිට පුළුවන්. මොකද බාල, මහලු හුඟදෙනෙක්ට දෙවියන් ආයේ ජීවිතය දීපු අවස්ථා ගැන බයිබලේ තියෙනවා. ඒ වගේම යේසුස් මැරුණු අයට ආයේ ජීවිතය දෙනවා හුඟදෙනෙක් දැකලත් තියෙනවා.—ලූක් 8:49-56; යොහන් 11:11-14, 38-44.

දැන් මං ඉන්නේ හුඟක් සතුටින්

“දුක, මරණය, අසනීප නැති කාලයක් එනවා කියලා මුලින්ම දැනගත්තාම මට හිනා ගියා. මං කල්පනා කළා කොහොමද එහෙම දෙයක් වෙන්නේ කියලා. හැබැයි බයිබලේ තියෙන දේවල් ඉගෙනගද්දී මට තේරුණා ඒකේ තියෙන පොරොන්දු විශ්වාස කරන්න පුළුවන් කියලා. බයිබලය දෙවියන්ගෙන් ලැබුණු පොතක් කියලා මට දැන් හොඳටම විශ්වාසයි. ඉස්සර මගේ මූණේ කිසිම හිනාවක් තිබ්බේ නෑ. කොයි වෙලෙත් හිටියේ දුකෙන්. හැබැයි දැන් මං ඉන්නේ හුඟක් සතුටින්. අනිත් අයටත් ඒක පේනවා.”—රවී.

රවී.

තවත් දැනගන්න:

මිනිසුන්ට පාරාදීස පොළොවක හැමදාටම ජීවත් වෙන්න දෙවියන්ට තියෙන අරමුණ ගැන තව තොරතුරු දැනගන්න jw.org වෙබ් අඩවියේ බයිබල් ඉගැන්වීම් > බයිබලයෙන් උත්තර > ජීවිතය සහ මරණය යටතේ බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න