ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lr 19 පරි. 102-106 පි.
  • රණ්ඬු කරන එක හොඳයිද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • රණ්ඬු කරන එක හොඳයිද?
  • උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • සමාන තොරතුරු
  • ඔබේ බල්ලා දරුවන්ට අනතුරක්ද?
    1997 පිබිදෙව්!
  • ඔවුන්ව “ගර්ජනාවේ පුත්‍රයන්” ලෙස හැඳින්නුවා
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔයාට හැම වෙලේම පළවෙනියා වෙන්න ඕනෙද?
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • ‘ඇදහිල්ලේ යහපත් සටනෙහි යෙදෙන්න’
    2000 අපගේ රාජ්‍ය සේවාව
උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
lr 19 පරි. 102-106 පි.

19වෙනි පරිච්ඡේදය

රණ්ඩු කරන එක හොඳයිද?

හැම තිස්සෙම අනිත් අයත් එක්ක රණ්ඩු කරන ළමයෙක්ව ඔයා දන්නවාද?— ඔයා කැමති ඒ වගේ කෙනෙක් එක්ක ඉන්නද නැත්නම් අනිත් අය එක්ක සාමයෙන් ඉන්න කෙනෙක් එක්ක ඉන්නද?— යේසුස් මෙහෙම කිව්වා. ‘සාමය ඇති කරන්න වෙහෙසෙන අය සන්තෝෂවත්. මොකද ඒ අයව “දෙවිගේ පුත්‍රයන්” විදිහට හඳුන්වනවා.’—මතෙව් 5:9.

සමහර වෙලාවට අනිත් අය අපිට කේන්ති යන දේවල් කරනවා නේද?— ඒ වගේ වෙලාවට ඒ අයගෙන් පළිගන්න අපිට හිතෙන්න පුළුවන්. දවසක් යේසුස්ගේ ගෝලයන්ටත් ඒ වගේ දෙයක් වුණා.

එදා ඒගොල්ලන් හිටියේ යේසුස් එක්ක යෙරුසලමට යන ගමන්. විවේක ගන්න තැනක් හොයාගන්න යේසුස් ගෝලයන් කිහිපදෙනෙක්ව වේලාසනින්ම සමරිතානුවන්ගේ ගමකට යැව්වා. ඒත් සමරිතානුවන් වෙන ආගමක් අදහපු අය නිසා ගෝලයන්ට තැනක් දෙන්න ඒ කවුරුත් කැමති වුණේ නැහැ. ඒ විතරක් නෙවෙයි නමස්කාර කරන්න යෙරුසලමට යන කිසිම කෙනෙක්ට ඒ අය කැමති වුණෙත් නැහැ.

නියෝජිත යාකොබ් සහ යොහන් කේන්තියෙන් ඉන්නවා

යාකොබ්ටත් යොහන්ටත් ඕන වුණේ සමරිතානුවන්ට මොනවා කරන්නද?

ඒ දේ ඔයාට වුණා නම් ඔයාට කේන්ති යයිද? ඔයා ඒ අයගෙන් පළිගනියිද?— ඒ අයගෙන් පළිගන්න ඕන කියලා යාකොබ්ටත් යොහන්ටත් හිතුණු නිසා ඒ අය යේසුස්ගෙන් මෙහෙම ඇහුවා. ‘ස්වාමීනි, අපි ස්වර්ගයෙන් ගින්නක් එවන්න කියලා ඉල්ලලා මේ අයව විනාශ කරලා දානවාට කැමතිද?’ යේසුස් ඒ දෙන්නාව ගර්ජනාවේ පුත්‍රයන් විදිහට හඳුන්වලා තියෙන එක පුදුමයක් නෙවෙයි නේද! මිනිසුන්ට ඒ විදිහට සලකන එක වැරදියි කියලා යේසුස් ඒ දෙන්නාට කිව්වා.—ලූක් 9:51-56; මාක් 3:17.

සමහර වෙලාවට අනිත් අය අපිට නපුරු විදිහට සලකයි. සමහර ළමයි ඔයා එක්ක සෙල්ලම් කරන්න කැමති වෙන එකක් නැහැ. එයාලා ඔයාට කියයි “ඔයාව යාළුවෙක් කරගන්න අපි කැමති නැහැ” කියලා. එහෙම දෙයක් වුණොත් ඔයාට හුඟක් දුක හිතෙයි. සමහරවිට ඒ අයගෙන් පළිගන්නත් හිතෙයි. ඒත් එහෙම කරන එක හරිද?—

අපි බයිබලය අරන් හිතෝපදේශ 24:29 කියවලා බලමු. එතැන මෙහෙම කියනවා. ‘“කෙනෙක් මට විරුද්ධව දෙයක් කළොත් මමත් එයාට ඒ දේම කරනවා. අනිත් අය මට කරන දේම මමත් ඒ අයට කරනවා” කියලා කියන්න එපා.’

ඒ පදෙන් අදහස් වෙන්නේ මොකක්ද?— එකට එක කරන්න එපා කියලයි ඒකේ කියන්නේ. කෙනෙක් අපිට නපුරු විදිහට සැලකුවත් අපි ඒ කෙනාට නපුරු විදිහට සලකන්න හොඳ නැහැ. කෙනෙක් ඔයාත් එක්ක රණ්ඩුවක පැටලෙන්න ආවොත් මොකද කරන්නේ? එයා එක එක නම් කියලා ඔයාව කේන්ති ගස්සන්න හදයි. ඔයා මහා බයගුල්ලෙක් කියලා ඔයාට හිනා වෙයි. එහෙම වුණොත් ඔයා එයා එක්ක රණ්ඩු කරන්න ඕනෙද?—

අපි බලමු බයිබලයේ මොනවාද කියන්නේ කියලා. මතෙව් 5:39 කියන්නේ මෙහෙමයි. ‘දුෂ්ට අයට විරුද්ධව කිසිම දෙයක් කරන්න එපා. කෙනෙක් ඔයාගේ දකුණු කම්මුලට ගැහුවොත් ඔයාගේ අනිත් කම්මුලත් හරවන්න.’ යේසුස් ඇත්තටම ඒකෙන් අදහස් කළේ කෙනෙක් ඔයාගේ කම්මුලට ගැහුවොත් අනිත් කම්මුලත් හරවන්න කියලාද?—

යේසුස් අදහස් කළේ ඒක නෙවෙයි. කෙනෙක් අපේ කම්මුලට ගහන්නේ අපිව රණ්ඩුවට ඇදලා ගන්න. අපිත් කේන්ති අරන් ඒ කෙනාගේ කම්මුලට ගැහුවොත් මොනවා වෙයිද?— රණ්ඩුවක් පටන්ගනියි.

තමන්ගේ ගෝලයන් රණ්ඩුවලට පැටලෙනවාට යේසුස් කැමති වුණේ නැහැ. ඒ නිසා තමයි යේසුස් කිව්වේ කෙනෙක් කම්මුලට ගැහුවොත් අනිත් කම්මුලත් හරවන්න කියලා. අපි කේන්ති අරන් රණ්ඩුවල පැටලෙන්න හොඳ නැහැ. එහෙම කළොත් රණ්ඩුව පටන්ගත්ත කෙනායි අපියි අතරේ කිසිම වෙනසක් නැහැ.

මොකක් හරි ප්‍රශ්නයක් ඇති වේගන ආවොත් කරන්න ඕන හොඳම දේ මොකක්ද?— එතැනින් අයින් වෙලා යන එක තමයි හොඳම දේ. කෙනෙක් ඔයාව කිහිප සැරයක්ම තල්ලු කරන්න ඉඩ තියෙනවා. ඒත් ඔයා මුකුත් කරන්නේ නැතුව හිටියොත් ඒ කෙනා එහෙම කරන එක නතර කරයි. ඔයා එතැනින් අයින් වෙලා යන එකෙන් අදහස් වෙන්නේ නැහැ ඔයා බයගුල්ලෙක් කියලා. ඒ වෙනුවට හරි දේ කරන්න ඔයාට ලොකු ශක්තියක් තියෙනවා කියලා ඒකෙන් ඔප්පු වෙනවා.

ළමයෙක් ඇවිදගෙන් යනකොට තවත් ළමයෙක් එයාව රණ්ඬුවකට පටලවගන්න හදනවා

කවුරු හරි කෙනෙක් රණ්ඩුවට ආවොත් කරන්න ඕනෙ මොනවාද?

ඔයා රණ්ඩුවකට පැටලිලා ඒකෙන් දින්නා කියලා හිතන්න. ඊළඟට මොනවා වෙයිද?— පැරදුණු කෙනා එයාගේ යාළුවන්ව එක්කන් එයි. ඒ අය ඔයාට හොඳටම ගහලා පිහියකින් අනින්නත් ඉඩ තියෙනවා. රණ්ඩුවලට පැටලෙන්න එපා කියලා යේසුස් කිව්වේ ඇයි කියලා ඔයාට දැන් තේරෙනවාද?—

අනිත් අය රණ්ඩු කරනවා දැක්කොත් මොකද කරන්නේ? පැත්තක් ගන්න එක හොඳයිද?— බයිබලයේ කියන්නේ මොකක්ද කියලා බලමු. හිතෝපදේශ 26:17 මෙහෙම කියනවා. ‘මඟ දිගේ යද්දී අනුන්ගේ අඬදබරවලට මැදිහත් වෙලා කේන්ති ගන්න කෙනෙක් බල්ලෙක්ගේ කන් දෙක අල්ලාගන්න කෙනෙක් වගෙයි.’

පිරිමි ළමයෙක්  බල්ලෙක්ගේ කනෙන් අදින නිසා බල්ලාට තරහ ගිහින්

අනුන්ගේ රණ්ඩුවලට පැටලෙන එක බල්ලෙක්ගේ කන්වලින් අල්ලනවා වගේ. ඒ ඇයි? ඒකෙන් ඔයාට හානියක් වෙයි. ඒ නිසා ඒක කරන්න එපා!

බල්ලෙක්ගේ කන් දෙකෙන් ඇල්ලුවොත් මොකද වෙන්නේ? බල්ලාට කේන්ති ගිහින් ඔයාව හපන්න හදයි නේද? බල්ලා දඟලලා යන්න හදද්දී තවත් හයියෙන් ඌව අල්ලන් ඉන්න වෙයි. ඔයා ඌට යන්න ඇරියොත් ඌ ඔයාව හපයි. ඒත් ඌට යන්න නොදී හැමදාම එතැනට වෙලා ඌව අල්ලන් ඉන්න ඔයාට පුළුවන්ද?—

අනිත් අයගේ රණ්ඩුවලට අපි පැටලෙන්න ගියොත් සිද්ධ වෙන්නෙත් ඒ වගේම දෙයක් තමයි. රණ්ඩුව පටන්ගත්තේ කවුද කියලාවත් ඒකට හේතු වුණේ මොකක්ද කියලාවත් අපි දන්නේ නැහැ. සමහරවිට ගුටිකන කෙනා අනිත් කෙනාගේ බඩුවක් හොරකම් කරලා ඇති. අපි එයාට උදව් කරන්න ගියොත් අපි ඇත්තටම උදව් කරන්නේ හොරෙක්ට. ඒක හොඳ දෙයක් නෙවෙයි නේද?

කවුරු හරි රණ්ඩු කරනවා දැක්කොත් ඔයා මොකද කරන්න ඕනේ?— ඒක වෙන්නේ ඉස්කෝලේදී නම් ඔයාට පුළුවන් ඉක්මනට ගිහින් ටීචර්ට කියන්න. ඒක වෙන්නේ වෙන තැනක නම් ඔයාට පුළුවන් ඔයාගේ අම්මාට තාත්තාට හරි පොලීසියට හරි කෝල් කරන්න. අනිත් අය රණ්ඩු කළත් ඔයා සන්සුන්ව ඉන්න ඕනේ.

දෙන්නෙක් රණ්ඬු කරනවා තවත් කට්ටියක් බලාගෙන ඉන්න විදිහ ඇවිදගෙන යන පිරිමි ළමයෙක් දකිනවා

අනිත් අය රණ්ඩු කරනවා දැක්කොත් ඔයා කරන්න ඕනෙ මොනවාද?

යේසුස්ගේ ගෝලයන් රණ්ඩුවලට පැටලෙන්නේ නැතුව ඉන්න පුළුවන් හැම දේම කරනවා. එහෙම කරද්දී හරි දේ කරන්න අපිට ඇත්තටම ලොකු උවමනාවක් තියෙනවා කියලා පෙන්වන්න පුළුවන්. බයිබලයේ කියන්නේ මෙහෙමයි. ‘ස්වාමීන්ගේ දාසයෙක් විදිහට කටයුතු කරන්න කැමති කෙනෙක් දබර කරන්න අවශ්‍යතාවක් නැහැ. ඒ වෙනුවට හැමෝත් එක්කම මෘදුකමින් කටයුතු කරන්න ඕනේ.’—2 තිමෝති 2:24.

රණ්ඩු කරන්නේ නැතුව ඉන්න උදව් වෙන මේ බයිබල් පද අපි දැන් කියවලා බලමු. රෝම 12:17-21; 1 පේතෘස් 3:10, 11.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න