ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lr 48 පරි. 250-256 පි.
  • ඔයාටත් පුළුවන් පාරාදීසයේ ජීවත් වෙන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔයාටත් පුළුවන් පාරාදීසයේ ජීවත් වෙන්න
  • උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • සමාන තොරතුරු
  • හැමදාටම ජීවත් වෙන්න නම් අපි මොනවාද කරන්න ඕනේ?
    බයිබලයෙන් උත්තර
  • නව ලොවක සාමකාමී ජීවිතයක්
    නව ලොවක සාමකාමී ජීවිතයක්
  • පාරාදීස පොළොවක් අත ළඟයි!
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • පොළොව සඳහා දෙවිගේ අරමුණ කුමක්ද?
    දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?
තව තොරතුරු
උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
lr 48 පරි. 250-256 පි.

48වෙනි පරිච්ඡේදය

ඔයාටත් පුළුවන් පාරාදීසයේ ජීවත් වෙන්න

ආදම්වයි ඒවවයි දෙවි පදිංචි කළේ ඒදන් උයනේ. ඒ දෙන්නා දෙවිට අකීකරු වුණ නිසා මැරුණත් එයාලාගෙන් පැවත එන අපි හැමෝටම පාරාදීසයේ ජීවත් වෙන්න දෙවි අවස්ථාව දීලා තියෙනවා. ඒ ගැන බයිබලයේ මෙහෙම කියනවා. “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.”—ගීතාවලිය 37:29.

“අලුත් අහසක්” ගැනත් “අලුත් පොළොවක්” ගැනත් බයිබලයේ තියෙනවා. (යෙසායා 65:17; 2 පේතෘස් 3:13) “අහස” කියන්නේ දැන් තියෙන ආණ්ඩුවලට. හැබැයි “අලුත් අහස” කියන්නේ යේසුස් ක්‍රිස්තුස් සහ එයා එක්ක පාලනය කරන්න හවුල් වෙන අයගේ ආණ්ඩුවට. දෙවිගේ ඒ ධර්මිෂ්ඨ ආණ්ඩුව මේ මුළු පොළොවම සමාදානයෙන් පාලනය කරන කාලය කොච්චර ලස්සන කාලයක් වෙයිද!

“අලුත් පොළොව” කියන්නේ මොකක්ද?— බයිබලයේ “පොළොව” කියලා කියද්දී සමහර වෙලාවට ඒකෙන් අදහස් වෙන්නේ මිනිසුන්ව, මේ මහ පොළොව නෙමෙයි. (උත්පත්ති 11:1; ගීතාවලිය 66:4; 96:1) එහෙමනම් දෙවිට ආදරේ කරන හොඳ මිනිසුන්ට තමයි අලුත් පොළොව කියලා කියන්නේ. ඒ හොඳ මිනිසුන් ජීවත් වෙන්න යන්නේ මේ පොළොවේමයි.

අද ඉන්න දුෂ්ට මිනිසුන් නැති වෙලා යනවා. නෝවාගේ කාලයේ ආපු ජලගැල්මෙන් විනාශ වුණෙත් දුෂ්ට මිනිසුන් කියලා අපි දැනගත්තා. ඒ වගේ තමයි හර්–මගෙදොන් යුද්ධයේදීත් විනාශ වෙන්නේ දැන් ඉන්න දුෂ්ට මිනිසුන්. හර්–මගෙදොන්වලින් පස්සේ අලුත් පොළොවේ ජීවිතය මොන වගේ තියෙයිද කියලා අපි දැන් බලමු.

ඔයා කැමතිද හැමදාටම පාරාදීසයේ ජීවත් වෙන්න?— කිසිම දොස්තර කෙනෙක්ට බැහැ අපිව හැමදාටම ජීවත් කරවන්න. මැරෙන්නේ නැතුව ඉන්න බෙහෙතක් නැහැ. හැමදාටම ජීවත් වෙන්න නම් කරන්න පුළුවන් එකම දෙයයි තියෙන්නේ. ඒ තමයි දෙවිට ළං වෙන එක. ඒක කරන විදිහ යේසුස් අපිට කියලා දෙනවා.

ඒ ගැන දැනගන්න අපි දැන් යොහන් 17:3ට පෙරළමු. එතැන යේසුස් මෙහෙම කියනවා. ‘සදාකාල ජීවනය ලබාගන්න නම් එකම සැබෑ දෙවි වන ඔබවත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස්වත් දැන හඳුනා ගන්න ඕනේ.’

හැමදාටම ජීවත් වෙන්න නම් අපි මොනවා කරන්න ඕනෙ කියලාද යේසුස් කිව්වේ?— අපි යෙහෝවා දෙවිවයි අපි වෙනුවෙන් තමන්ගේ ජීවිතය දීපු දෙවිගේ පුතාවයි හොඳින් දැන හඳුනා ගන්න ඕනේ. බයිබලයේ තියෙන දේවල් හොඳින් ඉගෙනගන්නේ නැතුව ඒක කරන්න බැහැ. ‘උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු’ කියන මේ පොත බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්න අපිට උදව් වෙනවා.

යෙහෝවා දෙවිව දැන හඳුනා ගන්න එක හැමදාටම ජීවත් වෙන්න උදව් වෙන්නේ කොහොමද?— ජීවත් වෙන්න නම් හැම දවසකම කෑම ඕනෙ වගේ යෙහෝවා දෙවි ගැනත් අපි හැම දවසකම ඉගෙනගන්න ඕනේ. ‘මිනිසාගේ ජීවිතය රඳා පවතින්නේ කෑම වේලක් මත විතරක් නෙවෙයි, යෙහෝවා දෙවි කියන දේවල් මතයි’ කියලා බයිබලයේ කියනවා.—මතෙව් 4:4.

අපි යේසුස් ක්‍රිස්තුස්වත් දැන හඳුනා ගන්න ඕනේ. මොකද අපිව පාපයෙන් ගලවාගන්න දෙවි එව්වේ යේසුස්ව. ‘වෙන කිසිවෙකු තුළින් ගැලවීම ලබාගන්න බැහැ’ කියලත් ‘පුතාව [යේසුස්ව] විශ්වාස කරන කෙනාට සදහටම ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා’ කියලත් බයිබලයේ තියෙනවා. (ක්‍රියා 4:12; යොහන් 3:36) යේසුස්ව විශ්වාස කරනවා කියන්නේ මොකක්ද?— ඒ කියන්නේ යේසුස් නැතුව අපිට හැමදාටම ජීවත් වෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ කියලා විශ්වාස කරන එකටයි. අපි ඒක විශ්වාස කරනවාද?— එහෙමනම් අපි දිගටම යේසුස්ගෙන් ඉගෙනගන්නවා. ඒ වගේම යේසුස්ට කීකරු වෙනවා.

යේසුස්ගෙන් ඉගෙනගන්න පුළුවන් හොඳ විදිහක් තමයි මේ පොත ආයෙ ආයෙත් කියවන එක. මේ පොතේ තියෙන පින්තූර බලලා ඒවා ගැන හිතන එකත් ඒකට උදව් වෙනවා. ඒ පින්තූර එක්ක තියෙන ප්‍රශ්නවලට උත්තරේ හිතන්න. ඔයාගේ අම්මා හරි තාත්තා හරි එක්ක මේ පොත කියවන්න. එයාලා ඔයා ළඟ නැත්නම් වෙන වැඩිහිටියෙක් එක්ක හරි වෙන ළමයෙක් එක්ක හරි පොත කියවන්න. අලුත් පොළොවේ හැමදාටම ජීවත් වෙන්න කරන්න ඕන දේ ගැන යේසුස්ගෙන් ඉගෙනගන්න අනිත් අයට උදව් කරන්න ලැබෙන එක, හුඟක් හොඳ දෙයක් කියලා ඔයා හිතන්නේ නැද්ද?—

‘ලෝකය නැති වෙලා යනවා’ කියලා බයිබලයේ කියනවා. හැබැයි අලුත් පොළොවේ හැමදාටම ජීවත් වෙන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද කියලත් බයිබලයේ මෙහෙම කියලා තියෙනවා. ‘සදහටම ජීවත් වෙන්නේ දෙවිගේ කැමැත්ත කරන කෙනායි.’ (1 යොහන් 2:17) එහෙමනම් අලුත් පොළොවේ සදහටම ජීවත් වෙන්න අපි කරන්න ඕනෙ මොනවාද?— යෙහෝවා දෙවිවත් යේසුස් ක්‍රිස්තුස්වත් දැන හඳුනා ගන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි බයිබලයෙන් ඉගෙනගන්න දේවල් කරන්නත් ඕනේ. ඒකට මේ පොතෙන් ඉගෙනගත්ත දේවල් ඔයාට උදව් වෙනවා.

ලොකු කුඩා හැමෝම පාරාදීසයේ සතුන් එක්ක සාමයෙන් ඉන්නවා

යෙසායා 11:6-9ත් 65:25ත් කියවද්දී සතුන් සමාදානයෙන් ඉන්න යන විදිහ ඔයා දැනගනියි. මේ පින්තූරේ බලන්න. බැටළු පැටියාව, එළු පැටියාව, දිවියාව, වහු පැටියාව, සිංහයාව, උන් එක්ක ඉන්න දරුවන්ව ඔයාට පේනවාද? ඔයාට පුළුවන්ද ඒ බයිබල් පදවල කියලා තියෙන මේ පින්තූරේ ඉන්න අනිත් සතුන්ගේ නම් කියන්න?— බලන්න, ළමයෙක් නයෙක් එක්ක සෙල්ලම් කරනවා! පාරාදීසෙදී බය වෙන්න හේතුවක් නැහැ. (හොෂෙයා 2:18) ඒ ගැන මොකද හිතෙන්නේ?—

විවධ ජාතීන්වලට අයිති මිනිසුන් සමඟියෙන් සහ සුරක්ෂිතව පාරාදීසයේ සතුටින් ඉන්නවා

හැම ජාතියකම අය සමාදානයෙන් ඉන්න විදිහ බලන්න. යේසුස්ගේ ගෝලයන් වගේ එයාලාත් හැමෝටම ආදරෙන් සලකනවා. (යොහන් 13:34, 35) යුද්දෙට පාවිච්චි කරපු ආයුධවලින් වගා කටයුතු කරන්න උදව් වෙන උපකරණ හදනවා. පාරාදීසෙදී හැමෝම සමාදානයෙන්, සුරක්ෂිතව ඉන්නවා කියලා බයිබලයේ කියනවා. ඒ ගැන මේ බයිබල් පදවලින් දැනගන්න පුළුවන්. ගීතාවලිය 72:7; යෙසායා 2:4; 32:16-18; එසකියෙල් 34:25.

මිනිසුන් පාරාදීසයේ ගෙවල් හදාගෙන, පොළොව ආරක්ෂා කරගෙන, තමන්ම වගා කරපු දේවල් ප්‍රයෝජනයට අරන් සතුටින් ඉන්නවා

මිනිසුන් පොළොව රැකබලා ගෙන ඒක ලස්සන කරන විදිහ ඔයාට පේනවාද? ඈත හදන ලස්සන ගේ දිහා බලන්න. අලුත් එළවළු, පලතුරු දිහාත් බලන්න. කවුරුත් පොළොවට හානියක් කරන්නේ නැහැ. ඒ නිසා පොළොව ඒදන් උයන වගේ පාරාදීසයක් වෙලා. ඒ හැම දෙයක් ගැනම මේ බයිබල් පදවලින් දැනගන්න පුළුවන්. ගීතාවලිය 67:6; 72:16; යෙසායා 25:6; 65:21-24; එසකියෙල් 36:35.

මිනිසුන් නිරෝගීව, සතුටින් පාරාදීසයේ ඉන්නවා

ඔයාට පේනවාද මේ පින්තූරේ හැමෝම සතුටින් ඉන්න විදිහ? කවුරුත් අන්ධ නැහැ, ලෙඩින් නැහැ, කොර වෙලා නැහැ. ඒ අයට මුවෝ වගේ පනින්න පුළුවන්. එතැන ඉන්න සමහර අය නැවත නැඟිටවපු අය. මේ බයිබල් පදවල ඒ හැම දෙයක් ගැනම කියන දේ අපි බලමු. යෙසායා 25:8; 33:24; 35:5, 6; ක්‍රියා 24:15; එළිදරව් 21:3, 4.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න