-
1වෙනි කොටස බයිබල් සත්යයන්යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන්න සංවිධානය වූ සෙනඟක්
-
-
බව්තීස්ම වෙන්න ආශාවෙන් ඉන්න අය සඳහා ප්‍රශ්න
1වෙනි කොටස බයිබල් සත්‍යයන්
ඔයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබල් පාඩමක් කරපු නිසා ඔයාට දැන් සත්‍යය ගැන හොඳ දැනුමක් තියෙනවා. දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න වගේම දේවරාජ්‍යයේ පාලනය යටතේ පාරාදීස පොළොවක හැමදාම ජීවත් වීමේ බලාපොරොත්තුව ඇතුව ඉන්න ඔයාට ඒ තොරතුරු උදව් වෙන්න ඇති. බයිබලය ගැන ඔයාට තිබුණු විශ්වාසය දැන් තවත් ශක්තිමත් වෙලා. ඒ වගේම ක්‍රිස්තියානි සභාවේ අයව ආශ්‍රය කරන්න ලැබුණු එකෙන් ඔයා මේ වෙද්දී හුඟක් ආශීර්වාද අද්දැකලත් ඇති. යෙහෝවා දෙවියන් තමන්ගේ සෙනඟට සලකන විදිහ ගැන දැන් ඔයාගේ හිතේ ලොකු අගයක් තියෙනවා.—සෙක. 8:23.
දැන් ඔයා බව්තීස්ම වෙන්න සූදානමින් ඉන්න නිසා සභාවේ වැඩිමහල්ලන් මූලික බයිබල් සත්‍යයන් ගැන ඔයාට ආයෙත් මතක් කරද්දී ඒ තොරතුරු ඔයාට ප්‍රයෝජනවත් වෙයි. (හෙබ්‍රෙ. 6:1-3) යෙහෝවා දෙවියන්ව දැන හඳුනා ගන්න ඔයා දරපු වෙහෙසට දෙවියන්ගේ ආශීර්වාදය දිගටම ලැබෙන්න කියලත් දෙවියන් පොරොන්දු වෙලා තියෙන විදිහට සදහටම ජීවත් වෙන්න ඔයාට අවස්ථාව ලැබෙන්න කියලත් අපි ප්‍රාර්ථනා කරනවා.—යොහ. 17:3.
1. ඔයා බව්තීස්ම වෙන්න කැමති ඇයි?
2. යෙහෝවා දෙවියන් කියන්නේ කවුද?
• ‘යෙහෝවා දෙවි සැබෑ දෙවි. ස්වර්ගයේ හෝ පොළොවේ හෝ ඔහු හැර වෙන කිසි දෙවි කෙනෙක් නැත.’—ද්වි. 4:39.
• “යෙහෝවා නම් වූ ඔබ පමණක් මුළු පොළොවටම මහෝත්තම දෙවියි.”—ගීතා. 83:18.
3. ඔයා දෙවියන්ගේ නම පාවිච්චි කරන එක වැදගත් ඇයි?
• “එමනිසා ඔබ යාච්ඤා කළ යුත්තේ මෙයාකාරයටයි. ‘ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා!’”—මතෙ. 6:9.
• “යෙහෝවා යන දෙවිගේ නාමය කියා අයැදින සියලුදෙනාවම ගලවනු ලබන්නේය.”—රෝම 10:13.
4. බයිබලයේ යෙහෝවා දෙවියන්ව විස්තර කරලා තියෙන්නේ කොහොමද?
• “මුළු මහත් පොළොවම නිර්මාණය කළ යෙහෝවා දෙවි සදාකාලයෙන් සදාකාලයටම පවතින දෙවි කෙනෙකු කියා ඔබ දන්නේ නැද්ද?”—යෙසා. 40:28.
• “ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි.”—මතෙ. 6:9.
• “දෙවි ප්‍රේමයයි.”—1 යොහ. 4:8.
5. ඔයාට යෙහෝවා දෙවියන්ට දෙන්න පුළුවන් මොනවාද?
• “ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. එලෙසම ඔබේ මුළු ශක්තියම ඔහු වෙනුවෙන් වැය කරන්න. නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි.”—මාක් 12:30.
• “ඔබ නමස්කාර කළ යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවාටයි. ඔබේ පරිශුද්ධ සේවය පිරිනැමිය යුත්තේ ඔහුට පමණයි.”—ලූක් 4:8.
6. ඔයා යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න කැමති ඇයි?
• “මාගේ පුත්‍රය, මට නින්දා කරන්නාට මා උත්තර දෙන පිණිස ඔබ ප්‍රඥාවන්තව ක්‍රියා කර මාගේ සිත සතුටු කරන්න.”—හිතෝ. 27:11.
7. ඔයා යාච්ඤා කරන්නේ කාටද? කවුරු මාර්ගයෙන්ද?
• “ඇත්තෙන්ම මම [යේසුස්] ඔබට කියන්නේ, ඔබ පියාණන්ගෙන් ඉල්ලන ඕනෑම දෙයක් ඔහු මගේ නාමයෙන් ඔබට දෙන බවයි.”—යොහ. 16:23.
8. ඔයාට යාච්ඤා කරන්න පුළුවන් මොන වගේ දේවල් ගැනද?
• “එමනිසා ඔබ යාච්ඤා කළ යුත්තේ මෙයාකාරයටයි. ‘ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා! ඔබගේ රාජ්‍යය පැමිණේවා! ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා! දිනපතා අපට අවශ්‍ය ආහාර අපට ලබා දෙන්න. අපට වැරදි කළ අයට අප සමාව දී තිබෙන ආකාරයටම අපේ වැරදිවලටද අපට සමාව දෙන්න. වරදට පෙලඹීමට ඉඩ නොදී දුෂ්ටයාගෙන් අපව ගලවාගන්න.’”—මතෙ. 6:9-13.
• “අපට තිබෙන ස්ථිර විශ්වාසය නම් දෙවිගේ කැමැත්තට එකඟව අප යමක් ඉල්ලා යාච්ඤා කරන විට දෙවි ඒ සෑම දෙයකටම සවන් දෙන බවයි.”—1 යොහ. 5:14.
9. යෙහෝවා දෙවියන් කෙනෙක්ගේ යාච්ඤාවකට ඇහුම්කන් දෙන්නේ නැති වෙන්න බලපාන්න පුළුවන් මොන වගේ හේතුද?
• “ඔබ යෙහෝවා දෙවිගෙන් උපකාරය පැතුවද ඔහු ඔබට ඇහුම්කන් දෙන්නේ නැත. ඔබ නපුරු දේ කරන නිසා ඔහු ඔබ දෙස නොබලන්නේය.”—මීකා 3:4.
• “යෙහෝවා දෙවිගේ ඇස් ධර්මිෂ්ඨයන් දෙසටත් ඔහුගේ කන් ඔවුන්ගේ කන්නලව් වෙතටත් යොමු වී තිබේ. නමුත් යෙහෝවා දෙවි නපුරු දේවල් කරන අයව ප්‍රතික්ෂේප කරයි.”—1 පේතෘ. 3:12.
10. යේසුස් ක්‍රිස්තුස් කියන්නේ කවුද?
• “සීමොන් පේතෘස් පිළිතුරු දෙමින්, ‘ඔබ ක්‍රිස්තුස්. ජීවමාන දෙවිගේ පුත්‍රයා ඔබයි’ කියා කීවේය.”—මතෙ. 16:16.
11. යේසුස් පොළොවට ආවේ ඇයි?
• “මනුෂ්‍ය පුත්‍රයා පැමිණියේ සේවය ලබන්න නොවෙයි. ඔහු පැමිණියේ සේවය කරන්න හා බොහෝදෙනෙකුව මුදවාගැනීම සඳහා තම ජීවිතය පූජා කරන්නයි.”—මතෙ. 20:28.
• “දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය වෙනත් නුවරවලත් දේශනා කළ යුතුයි. මාව [යේසුස්ව] එවා තිබෙන්නේ ඒ සඳහායි.”—ලූක් 4:43.
12. යේසුස්ගේ ජීවිත පූජාව අගය කරනවා කියලා පෙන්වන්න ඔයාට පුළුවන් කොහොමද?
• “ඔහු මිය ගියේ ඔහුගේ මරණය නිසා ජීවත් වන සියලුදෙනා තවදුරටත් තමන් වෙනුවෙන් ජීවත් නොවී තමන් වෙනුවෙන් මිය ගොස් මරණයෙන් නැඟිටුවනු ලැබූ තැනැත්තා වන ඔහු උදෙසා ජීවත් වීම සඳහාය.”—2 කොරි. 5:15.
13. යේසුස්ට තියෙන්නේ මොන වගේ අධිකාරියක්ද?
• “ස්වර්ගයෙහිත් පොළොවෙහිත් සියලුම බලය මට දී තිබෙනවා.”—මතෙ. 28:18.
• “දෙවි ඔහුව කලින් සිටි තත්වයටත් වඩා උතුම් තත්වයකට පත් කළේ ඒ නිසාය. එලෙසම අන් සියලු නාමවලට වඩා උසස් නාමයක් දෙවි ඔහුට කාරුණිකව ලබා දුන්නේය.”—ෆිලි. 2:9.
14. යේසුස් පත් කරපු “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයයි කියලා ඔයා විශ්වාස කරනවාද?
• “ස්වාමියා විසින් තම මෙහෙකරුවන්ට නියම වේලාවට ආහාර දීම සඳහා ඔවුන් කෙරෙහි පත් කළ විශ්වාසවන්ත නුවණ ඇති දාසයා කවුද?”—මතෙ. 24:45.
15. දෙවියන්ගේ බලය පුද්ගලයෙක් කියලා බයිබලයේ සඳහන් වෙනවාද?
• “දේවදූතයා ඇයට මෙසේ පිළිතුරු දුන්නේය. ‘ඔබට මහෝත්තම දෙවිගේ මහත් බලය ලැබෙයි. දරුවා පිළිසිඳගන්නේ ඒ බලය ඔබ තුළ ක්‍රියාත්මක වන නිසයි. ඉපදෙන දරුවා ශුද්ධ කෙනෙක්. ඔහු දෙවිගේ පුත්‍රයායි.’”—ලූක් 1:35.
• “ඔබ දුෂ්ට වුණත් ඔබේ දරුවන්ට හොඳ තෑගි දෙන්න ඔබ දන්නවා. එසේනම් යමෙක් ස්වර්ගයෙහි සිටින පියාණන්ගෙන් ඔහුගේ බලය ඉල්ලුවොත් ඔහු ඊට වඩා කොතරම් වැඩියෙන් ඔහුට ඒ දේ ලබා දෙයිද!”—ලූක් 11:13.
16. දෙවියන් ඔහුගේ බලය යොදාගෙන තියෙන්නේ මොනවාටද?
• “යෙහෝවා දෙවිගේ අණ පරිදි අහස නිර්මාණය කර ඇත. ඔහුගේ හුස්මෙන් එහි ඇති සියල්ල සෑදුවේය.”—ගීතා. 33:6.
• “ඔබට දෙවිගේ බලය ලැබුණු විට . . . පොළොවේ දුර ඈත කෙළවරවලද මා ගැන සාක්ෂි දරයි.”—ක්‍රියා 1:8.
• “ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් කිසිම අනාවැකියක් යමෙකුගේ පෞද්ගලික අදහස් පදනම් කරගෙන ලියවී නැති බව ඔබ මුලින්ම තේරුම්ගත යුතුයි. මන්ද අනාවැකි පළ කරනු ලැබුවේ මිනිසුන්ගේ කැමැත්තට අනුව නොවේ. මිනිසුන් තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වී දෙවි ලබා දුන් මඟ පෙන්වීම්වලට එකඟව ඔවුහු කතා කළෝය.”—2 පේතෘ. 1:20, 21.
17 දෙවියන්ගේ රාජ්‍යය කියන්නේ මොකක්ද?
• “ස්වර්ගයේ දෙවි කිසිදාක විනාශ නොවන රාජ්‍යයක් පිහිටුවයි. එය වෙන සෙනඟක් අතට පත් නොවෙයි. එම රාජ්‍යය ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කර දමයි. නමුත් එය සදහටම පවතියි.”—දානි. 2:44.
18. දෙවියන්ගේ රාජ්‍යයෙන් ඔයාට ලැබෙන ආශීර්වාද මොනවාද?
• “දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.”—එළි. 21:4.
19. දෙවියන්ගේ රාජ්‍යයෙන් ලැබෙන ආශීර්වාද ළඟදිම අද්දකින්න ලැබෙනවා කියලා ඔයා දන්නේ කොහොමද?
• “ගෝලයෝ ඔහුව තනිව හමු වී ඔහුගෙන් මෙසේ ඇසුවෝය. ‘ඔබ පැවසූ ඒ දේ සිදු වන්නේ කවදාද? ඔබ පැමිණ සිටින කාලය හා පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය දැනගන්න කුමක් හෝ ලකුණක් තිබෙනවාද?’ එවිට යේසුස් ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නේය. ‘. . . ජාතියක් ජාතියකට විරුද්ධවත් රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවත් නැඟී සිටියි. එක් තැනක් පාසා තවත් තැනක ආහාර හිඟකම්ද භූමිකම්පාද සිදු වෙයි. රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි. එවිට අවසානය පැමිණෙයි.’”—මතෙ. 24:3, 4, 7, 14.
• “අවසාන කාලයේදී ඉතා අසීරු, අනතුරු සහිත කාලයක් පැමිණෙන බව ඔබ දැනගත යුතුයි. මන්ද මිනිස්සු තමන් ගැනම සිතන, මුදලට ලොල් වී සිටින, පුරසාරම් දොඩන, උඩඟු, දෙවිට අපහාස කරන, දෙමාපියන්ට අකීකරු වන, ස්තුතිවන්ත නොවන, ද්‍රෝහිකම් කරන අය වනු ඇත. ඔවුහු තමන්ගේම අය කෙරෙහිවත් කිසි සෙනෙහසක් නැති, කිසිම දෙයක් ගැන එකඟ නොවන, නින්දා කරන, තමන්වම පාලනය කරගත නොහැකි, දරුණු, යහපත්කමට කිසි ඇල්මක් නොදක්වන, අනුන්ව පාවා දෙන, හිතුවක්කාර, අහංකාර, දෙවිට වඩා විනෝදයට ඇල්මක් දක්වන අය වනු ඇත. මීට අමතරව මිනිසුන්ට පෙනෙන්න ඔවුන් දෙවි සඳහා භක්තියකින් කටයුතු කළත් ඔවුන් ඇත්තටම ක්‍රියා කරන්නේ ඒ භක්තියට පටහැනිවය.”—2 තිමෝ. 3:1-5.
20. දෙවියන්ගේ රාජ්‍යය ඔයාට හුඟක් වැදගත් කියලා ඔයා පෙන්වන්නේ කොහොමද?
• “නොකඩවා දෙවිගේ රාජ්‍යයටත් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලටත් මුල් තැන දෙන්න.”—මතෙ. 6:33.
• “යේසුස් තම ගෝලයන්ට මෙසේ කීවේය. ‘යමෙකු මා අනුව එන්න කැමති නම් ඔහු තම ජීවිතය දෙවිට කැප කර තම වධකණුව රැගෙන දිගටම මා අනුව එන්න අවශ්‍යයි.’”—මතෙ. 16:24.
21. සාතන් කියන්නේ කාටද? භූතයන් කියන්නේ කාටද?
• “ඔබේ පියා යක්ෂයායි. . . . ඒ තැනැත්තා නොමඟ ගිය දා සිට මිනී මරුවෙක්.”—යොහ. 8:44.
• “ඒ මහත් මකරාව පහතට හෙළනු ලැබුවේය. ඒ මකරා නම් යක්ෂයා කියාද සාතන් කියාද හඳුන්වන මුළු පොළොවම නොමඟ යවන මුල් සර්පයාය. ඔහුව පොළොවට හෙළන ලදි. ඔහුගේ දූතයෝද ඔහු සමඟ පහතට හෙළනු ලැබුවෝය.”—එළි. 12:9.
22. යෙහෝවා දෙවියන්ටත් ඔහුට නමස්කාර කරන අයටත් විරුද්ධව සාතන් කරලා තියෙන චෝදනා මොනවාද?
• “ස්ත්‍රිය සර්පයාට මෙසේ කීවාය. ‘උයනේ ගස්වල පලතුරු කන්න අපිට පුළුවන්. නමුත් උයන මැද තියෙන ගහේ පලතුරු කන්න අපිට බැහැ. “ඒ ගහට අත තබන්නවත් එහි පලතුරු කන්නවත් එපා. එසේ කළොත් ඔබ මිය යනවා” කියා දෙවි අපිට පැවසුවා.’ එවිට සර්පයා ස්ත්‍රියට මෙසේ කීවේය. ‘ඔබ කවදාවත් මිය යන්නේ නැහැ. එයින් කන දවසේම ඔබේ ඇස් ඇරෙන බවත් ඔබ හොඳ හා නරක දැනගෙන දෙවිට සමාන වන බවත් දෙවි දන්නේය.’”—උත්. 3:2-5.
• “එවිට සාතන් යෙහෝවා දෙවිට මෙසේ පිළිතුරු දුන්නේය. ‘මිනිසෙකු තම ජීවිතය බේරාගන්න මොනවාද නොකරන්නේ? ඔහු තමා සතු සියල්ල වුවත් ඒ වෙනුවෙන් පරිත්‍යාග කරයි. ඔහු තම ජීවිතය රැකගන්න වෙනත් ජීවිතයක් වුණත් දෙන්න සූදානම්.’”—යෝබ් 2:4.
23. සාතන් කරපු චෝදනා බොරුයි කියලා ඔප්පු කරන්න ඔයාට පුළුවන් කොහොමද?
• “ඔබේ මුළු හදවතින්ම . . . ඔහුට [දෙවිට] සේවය කරන්න.”—1 ලේක. 28:9.
• “අවසන් හුස්ම හෙළන තුරු මම දෙවිට විශ්වාසවන්තව සිටිමි.”—යෝබ් 27:5.
24. මිනිස්සු මැරෙන්නේ ඇයි?
• “එක් මිනිසෙකු පව් කළ නිසා මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය ඇතුල් විය. එහි ප්‍රතිඵලය මරණයයි. සියලුදෙනා තුළම මෙම පව්කාර ස්වභාවය තිබෙන නිසා මරණය සියලුදෙනාටම උරුම විය.”—රෝම 5:12.
25. මැරුණාට පස්සේ වෙන්නේ මොකක්ද?
• “ජීවත්ව සිටින අය තමන් කවදා හෝ මිය යන බව දනිති. නමුත් මිය ගිය අය කිසිවක් දන්නේ නැත.”—දේශ. 9:5.
26. මිය ගිය අය ගැන තියාගන්න පුළුවන් බලාපොරොත්තුව මොකක්ද?
• “ධර්මිෂ්ඨ අය වගේම අධර්මිෂ්ඨ අයත් නැවත නැඟිටින බව මට විශ්වාසයි.”—ක්‍රියා 24:15.
27. යේසුස් එක්ක පාලනය කරන්න කීදෙනෙක් ස්වර්ගයට යනවාද?
• “බලන්න, බැටළු පැටවා සියොන් කන්ද මත සිටගෙන සිටින ආකාරය මම දුටුවෙමි. ඔහු සමඟ එක්ලක්ෂ හතළිස් හාරදහස්දෙනෙක් සිටියෝය. ඔවුන්ගේ නළල් මත ඔහුගේ නාමයද ඔහුගේ පියාණන්ගේ නාමයද ලියා තිබිණ.”—එළි. 14:1.
-
-
2වෙනි කොටස ක්‍රිස්තියානි ජීවිතයයෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන්න සංවිධානය වූ සෙනඟක්
-
-
බව්තීස්ම වෙන්න ආශාවෙන් ඉන්න අය සඳහා ප්‍රශ්න
2වෙනි කොටස ක්‍රිස්තියානි ජීවිතය
යෙහෝවා දෙවියන් ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලත් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන්න පුළුවන් කොහොමද කියලත් ඔයා බයිබල් පාඩම කරද්දී දැනගත්තා. ඒ නිසා ඔයා ඉගෙනගත්ත ඒ දේවලට එකඟව ඔයාගේ ජීවිතේ සමහර දේවල් සකස් කරගන්න ඇති. ජීවිතය ගැන හිතපු විදිහත් ඔයා වෙනස් කරගන්න ඇති. යෙහෝවා දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන්න ඔයා දැන් තීරණය කරලා තියෙනවා. ඒ නිසා ශුභාරංචිය දේශනා කරන සේවකයෙක් විදිහට කටයුතු කරන්න ඔයාට දැන් සුදුසුකම් තියෙනවා කියලා කියන්න පුළුවන්. යෙහෝවා දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිති තවත් හොඳින් හිතට කාවද්දගන්නත් දෙවියන්ගේ අනුමැතිය තියෙන සේවකයෙක් වෙන්න ඔයා කරන්න ඕන දේවල් තේරුම්ගන්නත් මේ කොටසේ තියෙන ප්‍රශ්න ඔයාට උදව් වෙයි. දෙවියන් ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව කටයුතු කරමින් ජීවිතයේ හැම කාරණයකදීම යෙහෝවා දෙවියන්ව ගෞරවයට පත් කරන එක මොන තරම් වැදගත්ද කියලා තේරුම්ගන්නත් මේ තොරතුරු ඔයාට උදව් වෙනවා.—2 කොරි. 1:12; 1 තිමෝ. 1:19; 1 පේතෘ. 3:16, 21.
මේ වෙන කල් ඔයා බයිබලෙන් ඉගෙනගෙන තියෙන දේවල් නිසා යෙහෝවා දෙවියන්ගේ පාලනයට යටත් වෙන්නත් ඔහුගේ සංවිධානය එක්ක එකතු වෙලා වැඩ කරන්නත් අනිවාර්යයෙන්ම ඔයාට ලොකු ආසාවක් ඇති වෙලා ඇති. සභාව, පවුල් ජීවිතය සහ ආණ්ඩු බලධාරීන් සම්බන්ධයෙන් යෙහෝවා දෙවියන් පිහිටුවලා තියෙන සැලැස්ම ගැන ඔයාට අවබෝධයක් තියෙනවාද කියලත් ඒ සැලැස්මට එකඟව ඔයා වැඩ කරනවාද කියලත් තේරුම්ගන්න මේ කොටසේ තියෙන ප්‍රශ්න සහ බයිබල් පද ඔයාට උදව් වෙයි. ඒ වගේම මේ කොටසෙන් යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟට උගන්වන්නත් ඔවුන්ගේ විශ්වාසය ශක්තිමත් කරන්නත් දීලා තියෙන රැස්වීම් ඇතුළු හැම සැපයුමක් ගැනම ඔයාට ලොකු අගයක් ඇති වෙයි. ඒ නිසා ඔයා රැස්වීම්වලට යන්නත් ඒවාට සහභාගි වෙන්නත් පුළුවන් උපරිමයෙන් වෑයම් කරයි කියලා අපිට විශ්වාසයි.
ඒ වගේම දේශනා සේවයේ නිතිපතා හවුල් වෙන එකත් යෙහෝවා දෙවියන් ගැන සහ ඔහු මිනිසුන් වෙනුවෙන් කරන දේවල් ගැන අනිත් අයට උගන්වන එකත් කොයි තරම් වැදගත්ද කියලා අපි මේ කොටසෙන් සලකා බලනවා. (මතෙ. 24:14; 28:19, 20) ඒ විතරක් නෙවෙයි යෙහෝවා දෙවියන්ට කැප වෙන එක සහ බව්තීස්ම වෙන එක කොයි තරම් ලොකු වගකීමක්ද කියන එක ගැන තේරුම්ගන්නත් ඔයාට පුළුවන් වෙයි. යෙහෝවා දෙවියන් ඔයාට පෙන්නලා තියෙන මහත් කරුණාව ගැන ඔයාගේ හිතේ අගයක් ඇති කරගෙන ඒක ක්‍රියාවෙන් පෙන්වන්න ඔයා වෑයම් දරද්දී ඔහු අනිවාර්යයෙන්ම ඔයා ගැන සතුටු වෙනවා.
1. විවාහය සම්බන්ධයෙන් දෙවියන් ඇති කරලා තියෙන ප්‍රමිතිය මොකක්ද? කෙනෙකුට දික්කසාද වෙන්න ශුද්ධ ලියවිල්ලේ තියෙන එකම පදනම මොකක්ද?
• “ඔබ ඒ ගැන කලින් කියවා නැද්ද? දෙවි මිනිසුන්ව සෑදූ කාලයේදී ඔහු ඔවුන්ව පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන් සෑදුවා. ‘ඒ නිසා මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී තම බිරිඳට ඇලුම් වන්නේය කියාද ඔවුහු දෙදෙනා එක් කෙනෙකු මෙන් වන්නෝය’ කියාද ලියා තිබෙනවා. එසේ ඔවුන් එතැන් පටන් දෙදෙනෙකු නොව එක් කෙනෙකු මෙන් වෙනවා. දෙවි ඔවුන්ව එලෙස එක් කළ නිසා කිසි මිනිසෙක් ඔවුන්ව වෙන් නොකළ යුතුයි. . . . වේශ්‍යාකම නිසා මිස වෙන හේතුවකට තම බිරිඳව දික්කසාද කර වෙන ස්ත්‍රියක විවාහ කරගන්නා කෙනෙක් අනාචාරයේ යෙදෙන බවයි.”—මතෙ. 19:4-6, 9.
2. ස්වාමිපුරුෂයා සහ භාර්යාව විදිහට එකට ජීවත් වෙන යුවළක් නීතියෙන් විවාහ වෙන එක වැදගත් ඇයි? ඔයාගේ විවාහය නීත්‍යනුකූලව ලියාපදිංචි කරලාද තියෙන්නේ?
• “ආණ්ඩුවල බලධාරීන්ට කීකරුව යටත්ව සිටීමටත් ඕනෑම යහපත් ක්‍රියාවක් කිරීමට සූදානම් වී සිටීමටත් ඔවුන්ට නිරතුරුවම සිහිගැන්විය යුතුයි.”—තීත. 3:1.
• “විවාහය සියලුදෙනා ගෞරවයෙන් සැලකිය යුතු දෙයකි. එලෙසම විවාහයට කිසිදු කැළැලක් සිදු වීමට ඉඩ නොදිය යුතුයි. මන්ද වේශ්‍යාකමෙහි සහ අනාචාරයෙහි යෙදෙන සියලුදෙනාටම දෙවිගේ විනිශ්චය ලැබේ.”—හෙබ්‍රෙ. 13:4.
3. පවුලේ සතුට රැකගන්න ඔයාගේ පැත්තෙන් කරන්න ඕන දේ මොකක්ද?
• “මාගේ පුත්‍රය, ඔබේ පියාගෙන් ලැබෙන මඟ පෙන්වීම් හා හික්මවීම් පිළිගන්න. ඔබේ මවගේ උපදෙස්වලට පිටු නොපාන්න.”—හිතෝ. 1:8.
• “ක්‍රිස්තුස් සභාව නමැති ශරීරයේ . . . හිස වන්නා සේම ස්වාමිපුරුෂයාද තම භාර්යාවගේ හිස ලෙස කටයුතු කරයි. ස්වාමිපුරුෂයෙනි, ඔබේ භාර්යාවන්ට දිගටම ප්‍රේම කරන්න. ක්‍රිස්තුස් සභාවට ප්‍රේම කර ඒ වෙනුවෙන් තම ජීවිතය දුන් අයුරින්ම ඔබත් ඔවුන්ට ප්‍රේම කරන්න.”—එෆී. 5:23, 25.
• “පියවරුනි, ඔබේ දරුවන් තුළ කෝපයක් ඇති වන අයුරින් කටයුතු නොකරන්න. ඒ වෙනුවට යෙහෝවා දෙවිගෙන් ලැබෙන හික්මවීම් ලබා දීමෙන්ද දෙවි සිතන ආකාරයට සිතීමට ඉගැන්වීමෙන්ද ඔවුන්ව නිරතුරුව ඇතිදැඩි කරන්න.”—එෆී. 6:4.
• “දරුවෙනි, සියලු කාරණාවලදී ඔබේ දෙමාපියන්ට කීකරු වන්න. මන්ද එසේ කිරීමෙන් ස්වාමීන් සතුටු වෙයි.”—කොලො. 3:20.
• “භාර්යාවෙනි, ඔබේ ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටින්න.”—1 පේතෘ. 3:1.
4. ජීවිතය වටිනා දෙයක් විදිහට සලකන්න ඕනෙ ඇයි?
• “සියලුදෙනාටම ජීවිතයත් හුස්මත් අන් සියලු දේත් දෙන්නේ ඔහුයි [දෙවියි]. අපේ ජීවිතයත් පැවැත්මත් අප කරන සෑම දෙයක්මත් රඳා පවතින්නේ ඔහු මතයි.”—ක්‍රියා 17:25, 28.
5. නූපන් දරුවෙක්ගේ ජීවිතය නැති කරන එක වගේම වෙන ඕනම කෙනෙක්ගේ ජීවිතය නැති කරන එක වැරදියි කියලා කියන්නේ ඇයි?
• “මනුෂ්‍යයන් දෙදෙනෙකු පොරබඳින විට ගැබිනි මවකට පහරක් වැදී . . . මවට හෝ දරුවාට හෝ දරුණු අනතුරක් සිදු වුණොත් ජීවිතයකට ජීවිතයක්ද . . . වන්දියක් ලෙස දිය යුතුයි.”—නික්. 21:22-25.
• “මා කලලයක්ව සිටියදී ඔබට මාව පෙනුණේය. මාගේ අවයව සෑදෙන්නත් කලින් ඒ සියල්ල ගැන තොරතුරු ඔබේ ලියවිල්ලෙහි සටහන් කර තිබිණ.”—ගීතා. 139:16.
• ‘අහිංසකයන්ගේ ලේ වගුරුවන අත් යෙහෝවා දෙවි ද්වේෂ කරනවා.’—හිතෝ. 6:16, 17.
6. ලේ සම්බන්ධයෙන් දෙවියන් දීලා තියෙන නීතිය මොකක්ද?
• “ලේවලින්, බෙල්ල මිරිකා මැරූ සතුන්ගේ මස් ආහාරයට ගැනීමෙන් . . . නිරතුරුවම වැළකී සිටීම අවශ්‍යය.”—ක්‍රියා 15:29.
7. අපේ සහෝදර සහෝදරියන්ට ආදරය කරන එක හුඟක් වැදගත් ඇයි?
• “මම දැන් ඔබට අලුත් ආඥාවක් දෙන්න කැමතියි. එනම් ඔබ එකිනෙකාට ප්‍රේම කළ යුතුයි. මම ඔබට ප්‍රේම කළා වගේ ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. ඔබ අතරේ ප්‍රේමය ඇත්නම් ඔබ මගේ ගෝලයන් බව සියලුදෙනාම දැනගනියි.”—යොහ. 13:34, 35.
8. (අ) බෝ වන සාමාන්‍ය රෝගයක් හරි බෝ වන මාරාන්තික රෝගයක් හරි වැලඳිලා තියෙන කෙනෙක් අනිත් අයව සිප වැලඳගන්න එකෙන් වළකින්න ඕන ඇයි? (ආ) ඒ වගේ කෙනෙක් තමන්ව යම් කෙනෙකුගේ නිවසට ආරාධනා නොකිරීම ගැන අමනාප වෙන එක සුදුසු නැත්තේ ඇයි? (ඇ) ඒ වගේ රෝගයක් වැලඳිලා තිබුණු කෙනෙක් විවාහ වීමේ අරමුණින් සම්බන්ධයක් පටන්ගන්න කලින් රුධිර පරීක්ෂණයක් කරගන්න එක සුදුසු වෙන්නේ ඇයි? (ඈ) ඒ වගේ රෝගයක් වැලඳිලා තියෙන කෙනෙක් බව්තීස්ම වෙන්න කලින් ඒ ගැන වැඩිමහල් මණ්ඩලයේ සම්බන්ධීකාරකව දැනුවත් කරන්න ඕන ඇයි?
• “කිසි කෙනෙකුට කිසි ලෙසකින්වත් ණය නොවන්න. ඒ වෙනුවට එකිනෙකාට ප්‍රේමය පෙන්වන්න. . . . ‘ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න’ . . . ප්‍රේමය පෙන්වන කෙනෙක් තම අසල්වැසියාට විරුද්ධව කිසි නපුරු දෙයක් කරන්නේ නැත.”—රෝම 13:8-10.
• “ඔබේම කාරණා ගැන පමණක් සිතමින් සිටිනවා වෙනුවට එකිනෙකා කෙරෙහිත් පෞද්ගලික සැලකිල්ල දක්වන්න.”—ෆිලි. 2:4.
9. අනිත් අයට අපි සමාව දෙන එක දෙවියන් බලාපොරොත්තු වෙන්නේ ඇයි?
• “අන් අය කරන දේ ගැන අමනාපයක් ඇති වීමට සාධාරණ හේතු තිබෙන විටත් ඔවුන් ගැන ඉවසන්න. නිතරම ඔවුන්ට මුළු හදවතින්ම සමාව දෙන්න. යෙහෝවා දෙවි ඔබට මුළු හදවතින්ම සමාව දී තිබෙන ආකාරයටම ඔබත් සමාව දෙන්න.”—කොලො. 3:13.
10. සහෝදරයෙක් ඔයාට වංචාවක් කළොත් එහෙමත් නැත්නම් නින්දාවක් කළොත් ඔයා කරන්න ඕනෙ මොනවාද?
• “ඔබේ සහෝදරයා පාපයක් කළොත් ගොස් තනිව ඔහුව හමු වී ඔහුගේ වරද පෙන්වා දෙන්න. ඔහු ඔබ කියන දේ පිළිගත්තොත් ඔබේ සහෝදරයාව ඔබ දිනාගෙන තිබෙනවා. නමුත් ඔහු එය පිළිගන්නේ නැත්නම් තවත් එක් කෙනෙකු හෝ දෙදෙනෙකු සමඟ ඔහුව හමු වීමට යන්න. එසේ කළ යුත්තේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ හෝ සාක්ෂියෙන් සෑම කාරණයක්ම ස්ථිර වන නිසයි. ඔහු ඔවුන් කියන දේත් පිළිගන්නේ නැත්නම් සභාවට දැනුම් දෙන්න. ඔහු සභාව කියන දේත් පිළිගන්නේ නැත්නම් වෙනත් ජාතිකයෙකු හා බදු එකතු කරන්නෙකු හා සමානව ඔහුට සැලකිය යුතුයි.”—මතෙ. 18:15-17.
11. මේ වැරදි ක්‍රියා ගැන යෙහෝවා දෙවියන්ට හැඟෙන්නේ කොහොමද?
▪ වේශ්‍යාකම
▪ නමස්කාරයේදී රූප භාවිතය
▪ සමලිංගික ඇසුර
▪ සොරකම
▪ සූදුව
▪ බේබදුකම
• “කිසි ලෙසකින්වත් මුළා නොවන්න. වේශ්‍යාකම් කරන අයටවත් රූප වන්දනාවේ යෙදෙන අයටවත් අනාචාරයේ හැසිරෙන අයටවත් සමලිංගික පුරුෂයන්ටවත් ස්ත්‍රීන් ලෙස හැසිරෙමින් සමලිංගික ක්‍රියාවලට හවුල් වන පිරිමින්ටවත්, සොරුන්ටවත් කෑදරකමින් ක්‍රියා කරන අයටවත් බේබද්දන්ටවත් නින්දා කරන අයටවත් අනුන්ගේ දේ අයුතු ලෙස ගන්නා අයටවත් දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ නැත.”—1 කොරි. 6:9, 10.
12. වේශ්‍යාකම, ඒ කියන්නේ විවාහ වෙලා ඉන්න පුරුෂයෙක් සහ ස්ත්‍රියක් අතර සිද්ධ වෙන ලිංගික සම්බන්ධකම් හැර අනිත් සියලුම ලිංගික සම්බන්ධකම් සම්බන්ධයෙන් ඔයා අරන් තියෙන්නේ මොන වගේ අධිෂ්ඨානයක්ද?
• “වේශ්‍යාකම වෙතින් පලා දුවන්න.”—1 කොරි. 6:18.
13. අපි වෛද්‍ය නිර්දේශයක් නැතුව ඇබ්බැහි කරවන නැත්නම් මනසට බලපාන ස්වාභාවික සහ කෘත්‍රිම දේවල් පාවිච්චි කරන එක සුදුසු නැත්තේ ඇයි?
• “ඔබේ ශරීර ජීවමාන, ශුද්ධ මෙන්ම දෙවිට පිළිගත හැකි පූජාවක් ලෙස ඔප්පු කරන්න. . . . ඔබ එසේ කළොත් බුද්ධිමත් ලෙස දෙවිට පරිශුද්ධ සේවයක් පිරිනමන්න ඔබට හැකි වනු ඇත. තවදුරටත් අප ජීවත් වන මේ සමාජයේ රැල්ලට අනුව හැඩගැසීමෙන් වළකින්න. ඒ වෙනුවට ඔබේ පෞද්ගලිකත්වය මුළුමනින්ම වෙනස් කරගෙන අලුත් ආකාරයකින් සිතීමට පුරුදු වන්න. එසේ කිරීමෙන් දෙවිගේ යහපත් වූ ප්‍රසන්න වූ සම්පූර්ණ කැමැත්ත කුමක්ද කියා හොඳින් වටහාගැනීමට ඔබට හැකි වනු ඇත.”—රෝම 12:1, 2.
14. දෙවියන් අනුමත කරන්නේ නැති භූතවාදයට සම්බන්ධ ක්‍රියා මොනවාද?
• “ඔබ අතරේ සිටින කිසිම කෙනෙක් . . . පේන කියන්නවත් මන්තර ගුරුකම් කරන්නවත් නැකත් බලන්නවත් මායා බලයෙන් දේවල් කරන්නවත් ඔබ අතරේ සිටින කිසිම කෙනෙක් නොපෙලඹිය යුතුයි. කොඩිවින සහ හදිහූනියම් කරන්නවත් කට්ටඩියෙකුගේ හෝ ශාස්ත්‍ර බලන කෙනෙකුගේ උපකාර ලබන්නවත් මළවුන්ගෙන් තොරතුරු විචාරන්නවත් කිසිම කෙනෙක් නොපෙලඹිය යුතුයි. එවැනි දේවල් කරන කිසිවෙක් ඔබ අතරේ නොසිටිය යුතුයි.”—ද්වි. 18:10, 11.
15. බරපතළ වරදක් කරපු කෙනෙක් ආයෙත් දෙවියන්ගේ අනුමැතිය ලබාගන්න කැමති නම් ඉක්මනින්ම කරන්න ඕනෙ මොකක්ද?
• “මම මාගේ පාපය ඔබ ඉදිරියේ ප්‍රකාශ කළෙමි. මාගේ වරද තවදුරටත් නොසැඟුවෙමි. ‘මා කළ වැරදි යෙහෝවා දෙවි ඉදිරියේ පිළිගන්නෙමි’ කියා කීවෙමි.”—ගීතා. 32:5.
• “ඔබ අතරෙහි කෙනෙක් යම් අසනීපයකින් සිටීද? එවැනි අවස්ථාවකදී ඔහු සභාවෙහි සිටින වැඩිමහල්ලන්ව කැඳවිය යුතුයි. එවිට යෙහෝවා දෙවිගේ නාමයෙන් ඔහුට තෙල් ආලේප කරමින් ඔහු වෙනුවෙන් යාච්ඤා කිරීමට ඔවුන්ට පුළුවන. විශ්වාසයකින් යුතුව ඉදිරිපත් කරන යාච්ඤාව මගින් අසනීපයෙන් සිටින පුද්ගලයා සනීප වන අතර යෙහෝවා දෙවි ඔහුව නැවත ශක්තිමත් කරයි. එලෙසම ඔහු යම් පාපයක් කර ඇත්නම් ඒවා සඳහාත් ඔහුට සමාව ලැබේ.”—යාකො. 5:14, 15.
16. ක්‍රිස්තියානියෙක් බරපතළ වරදක් කරලා තියෙනවා කියලා ඔයා දන්නවා නම් ඔයා කරන්න ඕනෙ මොකක්ද?
• “යමෙකු යම් වරදකට අදාළ වන දෙයක් දැක ඇත්නම් හෝ දැන සිටිනවා නම් හෝ ඔහු එම වරදට සාක්ෂිකරුවෙකි. ඒ ගැන සාක්ෂි දරන්න කියා ප්‍රසිද්ධ නිවේදනයක් දුන් පසුවත් ඔහු ඒ ගැන සාක්ෂි නොදී සිටියොත් එය පාපයකි. ඔහු තම වරදට වග කිව යුතුයි.”—ලෙවී. 5:1.
17. කෙනෙක් තවදුරටත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් නෙවෙයි කියලා නිවේදනය කළොත් අපි ඒ කෙනා එක්ක කටයුතු කරන්න ඕනෙ කොහොමද?
• “යම් සහෝදරයෙක් වේශ්‍යාකම් කරන්නෙකු ලෙසද කෑදරකමින් ක්‍රියා කරන කෙනෙකු ලෙසද රූප වන්දනාවේ නිරත වන කෙනෙකු ලෙසද අනුන්ට නින්දා කරන්නෙකු ලෙසද බේබද්දෙකු ලෙසද අනුන්ගෙන් අයුතු ලෙස දේවල් ලබාගන්නෙකු ලෙසද කටයුතු කරනවා නම් ඔබ තවදුරටත් ඔහු සමඟ ආශ්‍රය නොකළ යුතුයි. එවැනි මිනිසෙකු සමඟ ඔබ එකට ඉඳ ආහාර වේලක්වත් නොගත යුතුයි.”—1 කොරි. 5:11.
• “ඔබව හමු වීමට පැමිණෙන කෙනෙකු එම ඉගැන්වීම්වලට එකඟව කටයුතු කරන්නේ නැත්නම් ඔහුව ඔබේ නිවෙස්වලට පිළි නොගන්න. ඔහු සමඟ කිසිවක් කතා නොකරන්න.”—2 යොහ. 10.
18. ඔයාගේ හොඳම යාළුවෝ වෙන්න ඕනෙ යෙහෝවා දෙවියන්ට ආදරේ කරන අය විතරයි කියලා කියන්නේ ඇයි?
• “ප්‍රඥාවන්ත අය සමඟ ඇසුරු කරන්න. එවිට ඔබත් ප්‍රඥාවන්ත වන්නෙහිය. නමුත් අඥානයන්ව ඇසුරු කරන්නා විපතට පත් වෙයි.”—හිතෝ. 13:20.
• “මුළා නොවන්න. නරක ආශ්‍රය නිසා ඔබේ හොඳ පුරුදු නැති වී යයි.”—1 කොරි. 15:33.
19. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දේශපාලන කාරණාවලදී පැති ගන්නේ නැත්තේ ඇයි?
• “මම [යේසුස්] මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවී සිටිනවා වගේම ඔවුනුත් මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවී සිටිනවා.”—යොහ. 17:16.
20. ඔයා ආණ්ඩු බලධාරීන්ට කීකරු වෙන්න ඕනෙ ඇයි?
• “සියලුදෙනාම උසස් බලධාරීන්ට යටත් විය යුතුයි. සියලුම බලතල දෙවි සතු වන නිසා එම බලධාරීන්ට යම් බලතල ලබා දී තිබෙන්නේ දෙවිය.”—රෝම 13:1.
21. ආණ්ඩු බලධාරීන් දෙවියන් අනුමත කරන්නේ නැති දෙයක් කරන්න කිව්වොත් ඔයා කරන්නේ මොකක්ද?
• “අප කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිටයි.”—ක්‍රියා 5:29.
22. රැකියාවක් තෝරාගද්දී ලෝකයේ අයට සමාන නොවී ඉන්න කියන ප්‍රතිපත්තිය අදාළ කරගන්න ඔයාට උදව් වෙන බයිබල් පද මොනවාද?
• “ඒ සෙනඟ තවදුරටත් එකිනෙකාට විරුද්ධව කඩු ඔසවන්නේවත් යුද්ධයට පුහුණු වන්නේවත් නැත.”—මීකා 4:3.
• “මාගේ සෙනඟෙනි, ඇයව [මහ බැබිලෝනිය] අත්හැර පිටතට එන්න. ඇගේ පාපවලට ඇය සමඟ හවුල් වන්නවත් ඇය මුහුණ දෙන පීඩාවලට හසු වන්නවත් ඔබ කැමති නැත්නම් ඇයව අත්හැර පිටතට එන්න.”—එළි. 18:4.
23. ඔයා හිතන විදිහට විනෝද වෙන්න තෝරාගන්න සුදුසු මොන වගේ දේවල්ද? සුදුසු නැත්තේ මොන වගේ දේවල්ද?
• “යෙහෝවා දෙවි . . . සැහැසියාවට කැමැත්තක් දක්වන අයට ඔහු ද්වේෂ කරන්නේය.”—ගීතා. 11:5.
• “දුෂ්ට දේවල් පිළිකුල් කරන්න. අත් නෑර යහපත් දේවලට ඇලුම් වන්න.”—රෝම 12:9.
• “සැබෑ, ගෞරවනීය, ධර්මිෂ්ඨ, පවිත්‍ර, ප්‍රේමයට දායක වන, ඔබින, නිර්මල මෙන්ම ප්‍රශංසනීය දේවලට ඔබේ මනස නිරතුරුවම යොමු කරන්න.”—ෆිලි. 4:8.
24. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෙනත් ආගම්වල නමස්කාර කටයුතුවලට සම්බන්ධ වෙන එක සුදුසු නැත්තේ ඇයි?
• “‘යෙහෝවා දෙවිගේ මේසයට’ සහ භූතයන්ගේ මේසයට යන දෙකටම හවුල් වෙන්න ඔබට නුපුළුවන.”—1 කොරි. 10:21.
• “‘එහෙයින් ඔවුන් අතරින් පිටතට ඇවිත් ඔවුන්ගෙන් වෙන් වන්න’ කියා යෙහෝවා දෙවි කියන්නේය. ‘තවදුරටත් අපවිත්‍ර දේවලට අත නොගසන්න.’ ‘එවිට මම ඔබව පිළිගන්නෙමි.’”—2 කොරි. 6:17.
25. යම් උත්සවයකට සහභාගි වෙන එක සුදුසුද නැද්ද කියලා තීරණය කරන්න ඔයාට උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති මොනවාද?
• “ඔවුහු ඒ සෙනඟ සමඟ මිත්‍රකම් ඇති කරගත්තෝය. ඒ සෙනඟගේ ක්‍රියා ඔවුහුද අනුගමනය කළෝය. ඔවුන්ගේ පිළිමවලට නමස්කාර කළෝය. එය ඔවුන්ට උගුලක් මෙන් විය.”—ගීතා. 106:35, 36.
• “මිය ගිය අය කිසිවක් දන්නේ නැත.”—දේශ. 9:5.
• “මම මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවී සිටිනවා වගේම ඔවුනුත් මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවී සිටිනවා.”—යොහ. 17:16.
• “ඔබ දෙවිව නාඳුනන මේ සමාජයේ මිනිසුන් කැමති දේවල් කරමින් ඇති තරම් කාලයක් ජීවත් වී ඇත. ඒ කාලයේදී ඔබ නින්දිත ලෙස හැසිරෙමින් කාමාශාවෙන්ද අධික වයින් පානයෙන්ද ඝෝෂාකාරී උත්සවවලට හවුල් වීමෙන්ද තරඟයට මත්පැන් බීමෙන්ද රූප වන්දනාවට සම්බන්ධ පිළිකුල්සහගත ක්‍රියා කරමින්ද සිටියහුය.”—1 පේතෘ. 4:3.
26. උපන් දින උත්සව පවත්වන එක සුදුසුද නැද්ද කියලා තේරුම්ගන්න ඔයාට උදව් වෙන්නේ බයිබලයේ සඳහන් මොන සිද්ධීන්ද?
• “තුන්වන දවසේ පාරාවෝගේ උපන් දිනය විය. ඔහු තම සියලු සේවකයන්ට භෝජන සංග්‍රහයක් පිළියෙල කළේය. ඔහු තම සේවකයන් ඉදිරියේ කුසලාන දරන්නන්ගේ ප්‍රධානියාවද රොටි සාදන්නන්ගේ ප්‍රධානියාවද නිදහස් කළේය. ඉන්පසු ඔහු කුසලාන දරන්නන්ගේ ප්‍රධානියාව කුසලාන දරන තනතුරට නැවත පත් කළ අතර . . . රොටි සාදන්නන්ගේ ප්‍රධානියාව ඔහු එල්ලා දැමුවේය.”—උත්. 40:20-22.
• “හෙරොද්ගේ උපන් දිනය සමරද්දී හෙරෝදියස්ගේ දුව නටමින් හෙරොද්ව කොතරම් සතුටු කළාද කිවහොත්, ඇය ඉල්ලන ඕනෑම දෙයක් ඇයට දීමට ඔහු දිවුරා පොරොන්දු විය. එවිට ඇය තම මවගේ පෙලඹවීම මත, ‘මට යොහන් බව්තීස්තගේ හිස තැටියක තබා දෙන්න’ කියා ඉල්ලුවාය. ඔහු මිනිසුන් යවා සිරභාරයේ සිටි යොහන්ගේ හිස ගසා දැමීමට අණ කළේය.”—මතෙ. 14:6-8, 10.
27. වැඩිමහල්ලන් දෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙන්න ඕනෙ කියලා ඔයා හිතන්නේ ඇයි?
• “ඔබ අතරෙහි පෙරමුණ ගෙන ක්‍රියා කරන අයට කීකරු වන්න. එලෙසම ඔවුන්ට යටත් වී සිටින්න. ඔබ එසේ කළොත් ඔවුන්ට තම කාර්යය සුසුම්ලමින් නොව ප්‍රීතියෙන් කිරීමට හැකි වේ. මන්ද ඔබ ගැන ගණන් දිය යුතු අය ලෙස ඔවුහු ඔබ ගැන සෝදිසියෙන් සිටිති. තම කාර්යය සුසුම්ලමින් කිරීමට සිදු වුවහොත් එයින් ඔබට හානියක් සිදු වේ.”—හෙබ්‍රෙ. 13:17.
28. පෞද්ගලිකවත් පවුලක් හැටියටත් නිතිපතා බයිබලය කියවන්නත් අධ්‍යයනය කරන්නත් කාලය වෙන් කරන්න ඕනෙ ඇයි?
• “යෙහෝවා දෙවිගේ නීතිය කියවීමෙන් ඔහු මහත් ප්‍රීතියක් ලබන්නේය. ඔහු දිවා රෑ දෙවිගේ නීතිය කියවා ඒ ගැන ගැඹුරින් කල්පනා කරන්නේය. ඔහු දිය දහරා අසල සිටෙව්වාවූ, නියම වාරයට පල හටගන්නාවූ, කොළ මැලවී නොයන්නාවූ ගසක් මෙන් වන්නේය. ඔහු කරන සෑම දෙයක්ම සාර්ථක වන්නේය.”—ගීතා. 1:2, 3.
29. රැස්වීම්වලට යන්නත් ඒවාට සහභාගි වෙන්නත් ඔයා කැමති ඇයි?
• “මාගේ සහෝදරයන්ට මම ඔබේ නාමය ප්‍රකාශ කරන්නෙමි. සභාව මැදදී ඔබට ප්‍රශංසා කරන්නෙමි.”—ගීතා. 22:22.
• “ප්‍රේමය පෙන්වීමට හා යහපත් ක්‍රියා කිරීමට එකිනෙකාව පොලඹවමු. සමහරුන් පුරුදු වී සිටින ආකාරයට එකට රැස්වීම සඳහා අපට තිබෙන අවස්ථාවන් අතපසු නොකිරීමටද අප වගබලා ගත යුතුයි. එලෙසම අපි එකිනෙකාව දිරිගන්වමු. ඒ මහත් දවස ළඟා වන බව අපට පැහැදිලිව පෙනෙන නිසා වැඩි වැඩියෙන් එසේ කරමු.”—හෙබ්‍රෙ. 10:24, 25.
30. යේසුස් අපිට පවරලා තියෙන වැදගත්ම කාර්යය මොකක්ද?
• “ගොස් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න. . . . [ඔවුන්ව] බව්තීස්ම කරන්න. මා ඔබට අණ කළ සෑම දෙයක්ම පිළිපදින්න ඔවුන්ට උගන්වන්න.”—මතෙ. 28:19, 20.
31. දේවරාජ්‍යයේ වැඩකටයුතු වෙනුවෙන් සම්මාදම් කරද්දීත් අපේ සහෝදර සහෝදරියන්ට උදව් කරද්දීත් යෙහෝවා දෙවියන් සතුටු වෙන්නේ අපි ඒක කොහොම කළොත්ද?
• “ඔබ සතු වටිනා දේවල්ද ඔබේ අස්වැන්නේ මුල්ම පලදාවද යෙහෝවා දෙවිට ලබා දී ඔහුව ගෞරවයට පත් කරන්න.”—හිතෝ. 3:9.
• “මෙහිදී කොපමණ ප්‍රමාණයක් දෙනවාද කියා එකිනෙකා තම තමාගේ සිතින් තීරණය කර ඒ අනුව දීම සුදුසුය. අකමැත්තෙන් හෝ වෙනත් කෙනෙකුගේ බල කිරීම නිසා හෝ දීමෙන් ප්‍රයෝජනයක් නැත. මන්ද දෙවි ප්‍රේම කරන්නේ සතුටු සිතින් දෙන තැනැත්තාටය.”—2 කොරි. 9:7.
32. ක්‍රිස්තියානීන් විදිහට මොන වගේ දේවලට මුහුණ දෙන්න වෙයිද?
• “දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති රැකීම නිසා පීඩා විඳින අය සන්තෝෂවත්. මන්ද ස්වර්ග රාජ්‍යය හිමි වන්නේ ඔවුන්ටයි. මා නිසා මිනිසුන් ඔබට නින්දා පීඩා කළත් ඔබට විරුද්ධව බොරු චෝදනා නැඟුවත් සියලු ආකාර දුෂ්ට දේ පැවසුවත් ඔබ සන්තෝෂවත් බව මතක තබාගන්න. ස්වර්ගයෙහි ඔබට මහත් ත්‍යාගයක් තිබෙයි. ඒ නිසා ප්‍රීති වන්න, ප්‍රීතියෙන් ඉපිල යන්න. ඔබට කලින් සිටි අනාගතවක්තෘවරුන්ටත් ඔවුන් එලෙසම පීඩා කළ බව මතක තබාගන්න.”—මතෙ. 5:10-12.
33. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට බවිතීස්ම වෙන්න ලැබෙන එක විශේෂ වරප්‍රසාදයක් කියලා කියන්න පුළුවන් ඇයි?
• “ඔබේ වදන් මට අසන්න ලැබුණු විට මම එය හොඳින් සිතට ගත්තෙමි. ඉන් මම ඉමහත් සතුටක් ලැබුවෙමි. මන්ද . . . යෙහෝවා දෙවියනි, මම ඔබේ නාමය දරමි.”—යෙරෙ. 15:16.
-
-
බව්තීස්ම වෙන්න ඉන්න අයත් එක්ක පවත්වන අන්තිම සාකච්ඡාවයෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන්න සංවිධානය වූ සෙනඟක්
-
-
බව්තීස්ම වෙන්න ආශාවෙන් ඉන්න අය සඳහා ප්‍රශ්න
බව්තීස්ම වෙන්න ඉන්න අයත් එක්ක පවත්වන අන්තිම සාකච්ඡාව
කැප වෙලා ඉන්න අයව බව්තීස්ම කරන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පවත්වන චාරිකා සහ තුන්දින සමුළුවලදියි. බව්තීස්ම වෙන්න ඉදිරිපත් වෙලා ඉන්න අය වෙනුවෙන් දේශනය ඉදිරිපත් කරන සහෝදරයා ඒ දේශනය අවසානයේදී ඔවුන්ට නැඟිටින්න ආරාධනා කරලා ඔවුන්ගෙන් මෙහෙම අහනවා.
1. ඔයා යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් ගැලවීම ලබා දෙන්න දෙවියන් ඇති කරලා තියෙන සැලැස්ම පිළි අරන්, ඔයාගේ පව් ගැන පසුතැවිලි වෙලා, යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන්න ඔයාගේ ජීවිතය කැප කරලා තියෙනවාද?
2. බව්තීස්ම වෙනවා කියන්නේ ඔයා යෙහෝවා දෙවියන්ගේ සංවිධානයත් එක්ක එකතු වෙලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට දෙවියන්ට සේවය කරනවා කියන එකයි. ඔයා ඒක තේරුම් අරගෙන ඉන්නවාද?
බව්තීස්ම වෙන්න ඉන්න අය ස්ථිර විශ්වාසයකින් ඒ ප්‍රශ්නවලට ඔව් කියලා උත්තර දෙන එකෙන් යේසුස්ගේ ජීවිත පූජාව විශ්වාස කරනවා කියලත් තමන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම යෙහෝවා දෙවියන්ට කැප කරලා තියෙනවා කියලත් ‘ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරනවා.’ (රෝම 10:9, 10) බව්තීස්ම වෙන්න ඉන්න අය දෙවියන්ට යාච්ඤා කරලා ඒ ප්‍රශ්න දෙක ගැන හොඳින් හිතලා බැලුවොත් බව්තීස්ම වෙන දවසේදී තමන්ගේ හිතට එකඟව ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන් වෙනවා.
යෙහෝවා දෙවියන්ට විතරක් නමස්කාර කරනවා කියලත් ඔහුගේ කැමැත්තට ජීවිතේ මුල් තැන දෙනවා කියලත් පොරොන්දු වෙමින් යාච්ඤාවක් මාර්ගයෙන් ඔහුට ඔයාගේ ජීවිතේ ඔයා කැප කරලා තියෙනවාද?
කල් දාන්නේ නැතුව ලැබෙන මුල්ම අවස්ථාවේදීම බව්තීස්ම වෙන්න ඕනෙ කියලා ඔයාට දැන් හොඳටම ස්ථිරයිද?
බව්තීස්ම වෙන අවස්ථාවේදී අඳින්න සුදුසු මොන වගේ ඇඳුම්ද? (1 තිමෝ. 2:9, 10; යොහ. 15:19; ෆිලි. 1:10)
අපි තෝරාගන්න ඇඳුම් පැළඳුම්වලින් අපේ ‘විනීතකම,’ සහ අපි ‘හොඳ සිහිකල්පනාවෙන් ක්‍රියා කරන’ අය කියලා පේන්න තියෙන්න ඕනේ. ඒ වගේම අපි “දෙවිට ගැඹුරු ගෞරවයක් හා භක්තියක්” තියෙන අය කියලත් පේන්න තියෙන්න ඕනේ. ඒ නිසා බව්තීස්ම අපේක්ෂකයන් ශරීරය නුසුදුසු විදිහට නිරාවරණය වන, ඇඟටම හිර වුණු, ඇඟ විනිවිද පෙනෙන ඇඳුම් අඳින එක සුදුසු නැහැ. ඒ වගේම අකුරු හෝ ලාංඡන තියෙන ඇඳුම් සුදුසු වෙන්නෙත් නැහැ. ඒ නිසා පිරිසිදුව පිළිවෙලකට සහ අවස්ථාවට ගැළපෙන විදිහට ඇඳුම් පැළඳුම් තෝරාගන්න ඕනේ.
බව්තීස්ම වෙන අවස්ථාවේදී කෙනෙක් හැසිරෙන්න ඕනෙ කොහොමද? (ලූක් 3:21, 22)
ඒ සම්බන්ධයෙන් යේසුස් අපිට හොඳ ආදර්ශයක්. ඔහු බව්තීස්ම වෙන එක සැලකුවේ ජීවිතයේ වැදගත් පියවරක් හැටියටයි. ඔහුට ඒ ගැන හැඟුණු විදිහෙන් සහ ඔහු කටයුතු කරපු විදිහෙන් ඒක පැහැදිලි වෙනවා. බව්තීස්ම වෙන ස්ථානයේ ඉඳන් නුසුදුසු විහිළු කරන එක, සෙල්ලම් කරන එක, බව්තීස්ම තටාකයේ පිහිනන එක වගේ මේ වැදගත් අවස්ථාවට අගෞරවයක් වෙන විදිහේ දේවල් කරන එක සුදුසු නැහැ. එහෙමත් නැත්නම් ලොකු ජයග්‍රහණයක් ලැබුවා වගේ සතුට පළ කරන එකත් සුදුසු නැහැ. මේක හරිම ප්‍රීතිමත් අවස්ථාවක් වුණත් ඒ ප්‍රීතිය අපි පෙන්වන්න ඕනෙ ගෞරවනීය විදිහටයි.
නිතිපතා රැස්වීම්වලට යන එකත් සභාවේ අයත් එක්ක කිට්ටුවෙන් ආශ්‍රය කරන එකත් ඔයා යෙහෝවා දෙවියන්ට කැප වෙද්දී දීපු පොරොන්දුව ඉටු කරන්න උදව් වෙන්නේ කොහොමද?
බව්තීස්ම වුණාට පස්සෙත් දිගටම පෞද්ගලික අධ්‍යයනය කරන එකත් නොකඩවා සේවයේ හවුල් වෙන එකත් වැදගත් වෙන්නේ ඇයි?
-