ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lff 4 පාඩම
  • දෙවියන් කවුද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවියන් කවුද?
  • හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • තවත් හොයමු
  • ඉගෙනගත්ත දේ
  • තව දැනගන්න
  • දෙවිගේ නම දැනගන්න ඕනේ ඇයි?
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවියන්ගේ නම
    2017 පිබිදෙව්!
  • දෙවියන්ගේ නම මොකක්ද?
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • දෙවිගේ නාමය
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
තව තොරතුරු
හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
lff 4 පාඩම
4වෙනි පාඩම. රෑ අහසේ තියෙන තරු සහ මන්දාකිනි දුරේක්ෂයකින් පේන විදිහ.

4වෙනි පාඩම

දෙවියන් කවුද?

මුද්‍රිත පිටුව
මුද්‍රිත පිටුව
මුද්‍රිත පිටුව

දන්න කාලේ ඉඳලා මිනිස්සු එක එක දෙවි දේවතාවන්ට වන්දනාමාන කරනවා. හැබැයි බයිබලයේ කතා කරනවා “අනිත් හැම දෙවි කෙනෙක්ටම වඩා උතුම්” දෙවි කෙනෙක් ගැන. (2 ලේකම් 2:5) ඒ කවුද? අනිත් දෙවිවරුන්ට වඩා ඔහු උතුම් කියලා කියන්නේ ඇයි? ඔයා දෙවියන් ගැන මොන දේවල් දැනගන්නවාටද ඔහු කැමති? මේ පාඩමෙන් ඒ ගැන දැනගන්න.

1. දෙවියන්ගේ නම මොකක්ද? ඒක අපි දැනගන්නවාට ඔහු කැමතියි කියලා අපි දන්නේ කොහොමද?

දෙවියන්ම තමන් කවුද කියලා අපිට හඳුන්වලා දෙනවා. ඒක තියෙන්නේ බයිබලයේ. දෙවියන් කියනවා “මම යෙහෝවා. මගේ නාමය ඒකයි” කියලා. (යෙසායා 42:5, 8 කියවන්න.) “යෙහෝවා” කියන්නේ හෙබ්‍රෙව් භාෂාවේ නමක්. විද්වතුන් කියන විදිහට ඒකේ තේරුම “තමන්ගේ අරමුණ, තමන් අදහස් කරන දේ ඉටු කරන තැනැත්තා” කියන එක. යෙහෝවා දෙවියන් කැමතියි අපි ඔහුගේ නම දැනගන්නවාට. (නික්මයාම 3:15) එහෙම කියන්නේ ඇයි? දෙවියන් ඔහුගේ නම බයිබලයේ 7,000 වාරයකටත් වැඩිය ඇතුළත් කරලා තියෙනවා.a යෙහෝවා කියන නම අයිති “ස්වර්ගයේ සහ පොළොවේ ඉන්න සැබෑ දෙවියන්ට” විතරයි.—ද්විතීය කතාව 4:39.

2. බයිබලයේ යෙහෝවා දෙවියන් ගැන කියන්නේ මොනවාද?

මිනිස්සු ගොඩක් දෙවි දේවතාවන් ඇදහුවත් බයිබලයේ කියන්නේ සැබෑ වූ එකම දෙවියන් යෙහෝවා කියලා. ඒකට හේතු කීපයක්ම තියෙනවා. යෙහෝවා දෙවියන් තමයි “මුළු පොළොවටම ඉන්න උසස්ම දෙවියන්.” ඔහුට වඩා උසස් කෙනෙක් නැහැ. (ගීතාවලිය 83:18 කියවන්න.) ඔහු තමයි “සියලු බලැති” දෙවියන්. ඒ නිසා ඕනෙම දෙයක් කරන්න බලය ඔහුට තියෙනවා. විශ්වය, පොළොව සහ පොළොවේ තියෙන “හැම දෙයක්ම නිර්මාණය කළේ” ඔහුයි. (එළිදරව් 4:8, 11) පටන්ගැන්මක්වත් අවසානයක්වත් නැති යෙහෝවා දෙවියන් විතරයි හැමදාටම ඉඳලා තියෙන්නේ.—ගීතාවලිය 90:2.

තවත් හොයමු

දෙවියන්ව හඳුන්වන්න පාවිච්චි කරන යෙදුම්වලට වඩා ඔහුගේ පෞද්ගලික නම කොච්චර විශේෂයිද කියලා දැනගන්න. දෙවියන් ඔහුගේ නම ඔයාට හෙළි කළේ කොහොමද සහ ඒ ඇයි කියලත් දැනගන්න.

රෑ අහස දිහා බලාගෙන ඉන්න කෙනෙක්. යෙහෝවා කියන නම.

3. විවිධ විදිහට හැඳින්නුවත් දෙවියන්ට තියෙන්නේ එක නමක්

කෙනෙක්ගේ නම සහ එයාව හඳුන්වන්න පාවිච්චි කරන වෙනත් යෙදුම් අතර තියෙන වෙනස දැනගන්න වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

වීඩියෝ: ‘දෙවියන්ට තියෙන්නේ එක නමයි’ (0:41)

  • “ස්වාමීන්” වගේ යෙදුම් සහ නමක් අතරේ තියෙන වෙනස මොකක්ද?

මිනිස්සු ගොඩක් දෙවිවරුන්ව සහ ස්වාමිවරුන්ව අදහනවා කියලා බයිබලයෙත් කියලා තියෙනවා. ගීතාවලිය 136:1-3 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • “දෙවිවරුන්ගෙත් දෙවියන්” සහ “ස්වාමිවරුන්ගෙත් ස්වාමීන්” කවුද?

4. යෙහෝවා දෙවියන් කැමතියි ඔයා ඔහුගේ නම දැනගෙන ඒක පාවිච්චි කරනවාට

ඔයා යෙහෝවා දෙවියන්ගේ නම දැනගන්නවාට ඔහු කැමතියි කියලා කියන්නේ ඇයි? වීඩියෝ එක බලලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

වීඩියෝ: ‘දෙවියන්ට නමක් තියෙනවාද? - කෙටි වීඩියෝව’ (3:11)

‘දෙවියන්ට නමක් තියෙනවාද? - කෙටි වීඩියෝ’ එකේ කෑල්ලක්. කෙනෙක් එයාගේ බයිබලයෙන් ගීතාවලිය 83:18 යෙහෝවා කියන දෙවියන්ගේ නම බලනවා.
  • මිනිස්සු යෙහෝවා කියන ඔහුගේ නම දැනගන්නවාට දෙවියන් කැමතිද? ඇයි ඔයා එහෙම කියන්නේ?

යෙහෝවා දෙවියන් කැමතියි මිනිස්සු ඔහුගේ නම පාවිච්චි කරනවාට. රෝම 10:13 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • යෙහෝවා කියන දෙවියන්ගේ නම පාවිච්චි කරන එක කොච්චර වැදගත්ද?

  • කෙනෙක්ට ඔයාගේ නම මතකයි නම්, නම කියලා කතා කරනවා නම් ඔයාට කොහොමද දැනෙන්නේ?

  • ඔයා යෙහෝවා දෙවියන්ගේ නම පාවිච්චි කරද්දී ඔහුට කොහොම දැනෙනවා ඇද්ද?

5. යෙහෝවා දෙවියන් කැමතියි ඔයා ඔහුගේ යාළුවෙක් වෙනවාට

කාම්බෝජයේ හිටපු සෝටැන් කියන කාන්තාව කියනවා දෙවියන්ගේ නම දැනගත්තාම එයාට “දැනුණ සතුට විස්තර කරන්න වචන නැහැ” කියලා. වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

වීඩියෝ: ‘මම සැබෑ දෙවිව සෙව්වා’ (8:18)

‘මම සැබෑ දෙවිව සෙව්වා’ කියන වීඩියෝ එකෙන් පින්තූර කීපයක්. 1. කැලේක ගහක් යට වාඩි වෙලා ඉන්න සෝටැන් අහස දිහා බලාගෙන සැබෑ දෙවියන්ට යාච්ඤා කරනවා. 2. දෙවියන්ගේ නම යෙහෝවා කියලා හැරල් සෝටැන්ට කියලා දෙනවා.
  • දෙවියන්ගේ නම දැනගත්ත එකෙන් සෝටැන්ගේ ජීවිතේ වෙනස් වුණේ කොහොමද?

කෙනෙක්ගේ යාළුවෙක් වෙන්න කලින් ඔයා මුලින්ම එයාගේ නම දැනගන්නවා. යාකොබ් 4:8අ කොටස කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • යෙහෝවා දෙවියන් ඔයාට කරන ආරාධනය මොකක්ද?

  • දෙවියන්ගේ නම දැනගෙන, ඒක පාවිච්චි කරන එක ඔහුට තව කිට්ටු වෙන්න ඔයාට උදව් වෙන්නේ කොහොමද?

සමහරු මෙහෙම කියනවා: “දෙවියන්ව කොහොම හැඳින්නුවත් කමක් නෑ.”

  • දෙවියන්ගේ නම යෙහෝවා කියලා ඔයාට විශ්වාසද?

  • දෙවියන් කැමතියි අපි ඔහුගේ නම පාවිච්චි කරනවාට කියන දේ ඔයා පැහැදිලි කරන්නේ කොහොමද?

ඉගෙනගත්ත දේ

එකම සැබෑ දෙවියන්ගේ නම යෙහෝවා. ඒ නම දැනගෙන, ඒක පාවිච්චි කරනවාට දෙවියන් කැමතියි. එහෙම කරද්දී ඔහුගේ යාළුවෙක් වෙන්න අපිට පුළුවන්.

ඔයා හිතන්නේ මොකක්ද?

  • මිනිස්සු අදහන අනිත් හැම දෙවි කෙනෙක්ටම වඩා යෙහෝවා දෙවියන් විශේෂයි කියන්නේ ඇයි?

  • අපි දෙවියන්ගේ නම පාවිච්චි කරන්න ඕනෙ ඇයි?

  • ඔයා යෙහෝවා දෙවියන්ගේ යාළුවෙක් වෙනවාට ඔහු කැමතියි කියලා කියන්න පුළුවන් ඇයි?

ඔයාට කරන්න දෙයක්

තව දැනගන්න

දෙවි කෙනෙක් ඉන්නවා කියලා පැහැදිලි වෙන සාක්ෂි 5ක් ගැන දැනගන්න.

“දෙවි කෙනෙක් ඉන්නවාද?” (වෙබ් ලිපිය)

දෙවියන්ට පටන්ගැන්මක්වත් අවසානයක්වත් නැහැ කියලා විශ්වාස කරන්න පුළුවන් ඇයි?

“දෙවියන්ව නිර්මාණය කළේ කවුද?” (2014 අගෝස්තු 1 ‘මුරටැඹ’)

ඉස්සර කාලේ දෙවියන්ගේ නම ශබ්ද කරපු විදිහ අපි හරියටම දන්නේ නැහැ. ඒත් අපි ඒ නම පාවිච්චි කරන්න ඕනෙ ඇයි කියලා දැනගන්න.

“යෙහෝවා කියන්නේ කවුද?” (වෙබ් ලිපිය)

දෙවියන්ව කොහොම හැඳින්නුවත් කමක් නැද්ද? ඔහුට තියෙන්නේ එක නමක් කියලා කියන්නේ ඇයි කියලා දැනගන්න.

“දෙවියන්ට නම් කීයක් තියෙනවද?” (වෙබ් ලිපිය)

a දෙවියන්ගේ නමේ තේරුම ගැන තව විස්තරත් ඒක සමහර බයිබල්වලින් අයින් කරන්න හේතුත් දැනගන්න ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ උපග්‍රන්ථය A4 බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න