ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lff 17 පාඩම
  • යේසුස් මොන වගේ කෙනෙක්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් මොන වගේ කෙනෙක්ද?
  • හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • තවත් හොයමු
  • ඉගෙනගත්ත දේ
  • තව දැනගන්න
  • යේසුස් කියන්නේ කවුද?
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • පියාණන් ගැන එළිදරව් කරන්න පුත්‍රයා කැමතියි
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් ක්‍රිස්තුස් කවුද?
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • යේසුස් පොළොවේ හිටපු කාලේ මොනවාද කළේ?
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
තව තොරතුරු
හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
lff 17 පාඩම
17වෙනි පාඩම. යේසුස් ඔහුගේ අත් දික් කරලා අසනීප කෙනෙක්ව සුව කරනවා.

17වෙනි පාඩම

යේසුස් මොන වගේ කෙනෙක්ද?

මුද්‍රිත පිටුව
මුද්‍රිත පිටුව
මුද්‍රිත පිටුව

යේසුස් පොළොවේ ඉන්න කාලේ ඔහු කියපු කරපු දේවල් ගැන ඉගෙනගද්දී ඔහුගේ යාළුවෙක් වෙන්න අපිට ආස හිතෙනවා. යේසුස්ට තිබුණ ලස්සන ගතිගුණ නිසා ඔහුගේ තාත්තා වන යෙහෝවාගේ යාළුවෙක් වෙන්නත් අපිට ආස හිතෙනවා. යේසුස්ට තිබුණේ මොන වගේ ලස්සන ගතිගුණද? අපිටත් පුළුවන්ද යේසුස් වගේ වෙන්න?

1. යේසුස් ඔහුගේ තාත්තා වගේ කියලා කියන්නේ ඇයි?

යේසුස් ස්වර්ගයේ ඉද්දී අවුරුදු බිලියන ගාණක් තිස්සේ ඔහුගේ ආදරණීය තාත්තා වැඩ කරන විදිහ දිහා බලලා ගොඩක් දේවල් ඉගෙනගත්තා. ඒ නිසා යේසුස් හිතන්නේ, වැඩ කරන්නේ ඔහුගේ තාත්තා හිතන සහ වැඩ කරන විදිහටමයි. යේසුස්ට මිනිස්සු ගැන දැනෙන්නෙත් දෙවියන්ට මිනිස්සු ගැන දැනෙන විදිහටමයි. (යොහන් 5:19 කියවන්න.) යේසුස්ගේ ගතිගුණ ඔහුගේ තාත්තාගේ ගතිගුණවලට කොච්චර ළඟින් යනවාද කියලා කියනවා නම් යේසුස්ම මෙහෙම කිව්වා. “මාව දැකලා තියෙන කෙනා මගේ තාත්තාවත් දැකලා තියෙනවා.” (යොහන් 14:9) ඔයා යේසුස්ගේ ගතිගුණ ගැන ඉගෙනගන්න තරමට යෙහෝවා දෙවියන් කොයි වගේ කෙනෙක්ද කියලා දැනගන්නත් ඔයාට පුළුවන්. උදාහරණෙකට යේසුස් මිනිස්සුන්ට ආදරේ, අනුකම්පාව පෙන්නපු විදිහෙන් යෙහෝවාට ඔයා ගැන දැනෙන විදිහ තේරුම්ගන්න පුළුවන්.

2. යේසුස් යෙහෝවාට ආදරෙයි කියලා පෙන්නුවේ කොහොමද?

යේසුස් මෙහෙම කිව්වා. “ලෝකයම දැනගන්න ඕනෙ මං තාත්තාට ආදරෙයි කියලා. ඒ නිසයි තාත්තා මට කරන්න කියපු දේ මං ඒ විදිහටම කරන්නේ.” (යොහන් 14:31) යේසුස් පොළොවේ ඉද්දී කොච්චර අමාරු දේවල්වලට මුහුණ දුන්නත් ඔහු යෙහෝවාට කීකරු වුණා. යේසුස් ඔහුගේ තාත්තාට කොච්චර ආදරේද කියලා ඒකෙන් පැහැදිලි වුණා. යේසුස් තාත්තාට ගොඩක් ආදරේ කරපු නිසා තාත්තා ගැන නිතරම කතා කළා වගේම තාත්තාගේ යාළුවන් වෙන්න අනිත් අයට උදව් කළා.—යොහන් 14:23.

3. යේසුස් මිනිස්සුන්ට ආදරෙයි කියලා පෙන්නුවේ කොහොමද?

බයිබලයේ කියනවා යේසුස්ට “වැඩියෙන්ම ආදරේ දැනුණේ මිනිස්සු” ගැනයි කියලා. (හිතෝපදේශ 8:31, පාදසටහන) යේසුස් තමන් ගැනවත් හිතන්නේ නැතුව මිනිස්සුන්ට උදව් කරලා ඒ ආදරේ පෙන්නුවා. ඔහු කරපු ආශ්චර්යයන්වලින් ඔහුගේ බලය විතරක් නෙමෙයි මිනිස්සු ගැන ඔහුට කොච්චර ආදරයක්, අනුකම්පාවක් දැනුණාද කියලත් පැහැදිලි වුණා. (මාක් 1:40-42) ඔහු හැමෝටම එක වගේ කරුණාවන්තව සැලකුවා. යේසුස් කියපු දේවල්වලින් මිනිස්සුන්ට ලොකු සහනයක්, බලාපොරොත්තුවක් ලැබුණා. ඔහු මිනිස්සුන්ට කොච්චර ආදරේ කළාද කියනවා නම් එයාලා වෙනුවෙන් දුක් විඳලා මැරෙන්න වුණත් කැමති වුණා. විශේෂයෙන්ම ඔහු උගන්නපු දේවලට කීකරු වෙන අය ගැන යේසුස්ට තියෙන්නේ ලොකු ආදරයක්.—යොහන් 15:13, 14 කියවන්න.

තවත් හොයමු

යේසුස් කොයි වගේ කෙනෙක්ද කියලා තව විස්තර දැනගන්න. ඔහු වගේ ආදරෙන්, ත්‍යාගශීලීව වැඩ කරන්න පුළුවන් කොහොමද කියලා දැනගන්න.

4. යේසුස් ඔහුගේ තාත්තාට ගොඩක් ආදරෙයි

දෙවියන් ගැන අපිට තියෙන ආදරේ පෙන්නන විදිහ අපිට යේසුස්ගෙන් ඉගෙනගන්න පුළුවන්. ලූක් 6:12 සහ යොහන් 15:10; 17:26 කියවන්න. ඒ එක එක පදය කියෙව්වාට පස්සේ මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • යේසුස් යෙහෝවා දෙවියන්ට ආදරෙයි කියලා පෙන්නුවා වගේ අපිට යෙහෝවාට ආදරෙයි කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

යේසුස් යාච්ඤා කරනවා.

යේසුස් ස්වර්ගයේ හිටපු ඔහුගේ තාත්තාට ගොඩක් ආදරේ කළා. ඒ නිසා යාච්ඤාවෙන් නිතරම ඔහුත් එක්ක කතා කළා

5. මිනිස්සුන්ගේ දුක යේසුස්ට දැනුණා

යේසුස් තමන් ගැන හිතනවාට වඩා අනිත් අය ගැන නිතරම හිතුවා. ඔහු මහන්සියෙන් හිටපු වෙලාවලදීත් මිනිස්සු වෙනුවෙන් කාලේ දුන්නා. එයාලා වෙනුවෙන් දේවල් කළා. මාක් 6:30-44 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • යේසුස් අනිත් අය ගැන හිතුවා කියලා පැහැදිලි වෙන්නේ කොහොමද?—31, 34, 41 සහ 42 පද බලන්න.

  • යේසුස් මිනිස්සුන්ට උදව් කළේ ඇයි?—34 පදය බලන්න.

  • යෙහෝවා දෙවියන් වැඩ කරන විදිහටමයි යේසුස් වැඩ කරන්නේ. ඉතින් මේ සිද්ධියෙන් අපිට යෙහෝවා ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද?

  • යේසුස් වගේ අනිත් අය ගැන හිතලා වැඩ කරන්න අපිට පුළුවන් කොහොමද?

 රොටි පහක් සහ කුඩා මාළු දෙන්නෙක්ගෙන් යේසුස් ආශ්චර්යවත් විදිහට දහස් ගාණකට කන්න දෙනවා. යේසුස්ගේ ගෝලයෝ කෑම ටික කාන්තාවන් සහ දරුවන් ඇතුළු මිනිස්සුන්ට බෙදලා දෙනවා.

6. යේසුස් හරිම ත්‍යාගශීලියි

යේසුස්ට ගොඩක් දේවල් තිබුණේ නැහැ. ඒත් ඔහුට තිබුණ දේවල් ලෝභ නැතුව අනිත් අය එක්ක බෙදාගත්තා. එහෙම කරන්න කියලා ඔහු අපිටත් කිව්වා. ක්‍රියා 20:35 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • යේසුස් කියපු විදිහට අපිට සතුටින් ඉන්න පුළුවන් කොහොමද?

වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

වීඩියෝ: ‘ලැබීමට වඩා දීමෙන් වැඩි සතුටක් ලැබෙනවා - කෙටි වීඩියෝව’ (4:00)

  • අපිට ගොඩක් දේවල් තිබුණේ නැතත් අපිට අනිත් අයට දේවල් දෙන්න පුළුවන් කොහොමද?

ඔයා දැනගෙන හිටියාද?

යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරද්දී ඒක යේසුස්ගේ නමින් දෙවියන්ට භාර දෙන්න කියලා බයිබලයේ කියනවා. (යොහන් 16:23, 24 කියවන්න.) එහෙම කරද්දී අපි පෙන්නනවා යෙහෝවාගේ යාළුවන් වෙන්න යේසුස් අපිට උදව් කරපු එක අපි අගය කරනවා කියලා.

සමහරු මෙහෙම කියනවා: “අපි විඳින දුක දෙවියන්ට පේන්නේ නෑ.”

  • යෙහෝවා දෙවියන්ට අපේ දුක දැනෙනවා කියලා යේසුස් වැඩ කරපු විදිහෙන් පැහැදිලි වෙන්නේ කොහොමද?

ඉගෙනගත්ත දේ

යේසුස් යෙහෝවාට ගොඩක් ආදරෙයි. ඔහු මිනිස්සුන්ටත් ආදරෙයි. යේසුස් වැඩ කරන්නේ ඔහුගේ තාත්තා වගේමයි. ඒ නිසා යේසුස් ගැන දැනගන්න තරමටම ඔයාට පුළුවන් වෙනවා යෙහෝවාව අඳුරගන්න.

ඔයා හිතන්නේ මොකක්ද?

  • යේසුස් යෙහෝවා දෙවියන්ට ආදරෙයි කියලා පෙන්නුවා වගේ යෙහෝවාට ආදරෙයි කියලා අපිට පෙන්නන්න පුළුවන් කොහොමද?

  • යේසුස් වගේ මිනිස්සුන්ට ආදරෙන් සලකන්න අපිට පුළුවන් කොහොමද?

  • ඔයා වැඩියෙන්ම ආස යේසුස්ගේ මොන ගුණාංගයටද?

ඔයාට කරන්න දෙයක්

තව දැනගන්න

ඔයාට ආදර්ශයට ගන්න පුළුවන් යේසුස්ගේ සමහර ගුණාංග ගැන බලන්න.

“යේසුස්ව ආදර්ශයට ගන්න නම් . . . ” (‘මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්,’ 317වෙනි පිටුව)

යේසුස්ගේ නමින් යාච්ඤා කරන්න ඕනෙ ඇයි කියලා දැනගන්න.

“යේසුස්ගේ නාමයෙන් යාච්ඤා කළ යුත්තේ ඇයි?” (2008 පෙබරවාරි 1 ‘මුරටැඹ’)

යේසුස්ගේ පෙනුම ගැන බයිබලයේ මොනවා හරි කියනවාද?

“යේසුස්ගේ පෙනුම මොන වගේද?” (වෙබ් ලිපිය)

යේසුස් කාන්තාවන්ට සලකපු විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

“දෙවි ඉදිරියේ ගෞරවනීය තැනක්” (2012 සැප්තැම්බර් 1 ‘මුරටැඹ’)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න