ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lff 36 පාඩම
  • හැම දේකදීම අවංක වෙමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හැම දේකදීම අවංක වෙමු
  • හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • තවත් හොයමු
  • ඉගෙනගත්ත දේ
  • තව දැනගන්න
  • හැම කාරණයකදීම අවංක වෙන්න
    දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු
  • සෑමවිටම අවංකව කටයුතු කරමු
    “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”
  • අවංකකමේ වටිනාකම
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අවංක වීමෙන් ලැබෙන ප්‍රයෝජන
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
තව තොරතුරු
හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
lff 36 පාඩම
36වෙනි පාඩම. කෙනෙක් ලියවිල්ලකට අත්සන් කරනවා.

36වෙනි පාඩම

හැම දේකදීම අවංක වෙමු

මුද්‍රිත පිටුව
මුද්‍රිත පිටුව
මුද්‍රිත පිටුව

හැමෝම කැමතියි එයාලාගේ යාළුවෝ අවංකයි නම්. යෙහෝවා දෙවියනුත් බලාපොරොත්තු වෙනවා ඔහුගේ යාළුවන් අවංකව වැඩ කරයි කියලා. ඒත් වංක මිනිස්සුන්ගෙන් වට වෙලා ඉද්දී එහෙම කරන එක ලේසි නැහැ. හැම දේකදීම අවංකව වැඩ කරන එකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

1. අපි අවංක වෙන්න ඕනෙ ප්‍රධානම හේතුව මොකක්ද?

අනිත් අය එක්ක අවංකව වැඩ කරද්දී අපි යෙහෝවාට ආදරෙයි කියලත් ඔහුට ගෞරව කරනවා කියලත් පෙන්නනවා. අපි හිතන, කරන හැම දෙයක් ගැනම යෙහෝවා දන්නවා. (හෙබ්‍රෙව් 4:13) ඉතින් අපි අවංකව දේවල් කරන්න තීරණය කරනකොට ඔහු ඒක දකිනවා විතරක් නෙමෙයි ඒ ගැන සතුටු වෙනවා. බයිබලයේ කියනවා “අනුන්ව රවට්ටන අය යෙහෝවාට පිළිකුලක්. ඔහු කිට්ටු යාළුවෙක් වෙන්නේ අවංක අයටයි” කියලා.—හිතෝපදේශ 3:32.

2. අපි අවංකව වැඩ කරන්න ඕනෙ සමහර පැති මොනවාද?

අපි “එකිනෙකා එක්ක ඇත්ත කතා කරයි” කියලා යෙහෝවා බලාපොරොත්තු වෙනවා. (සෙකරියා 8:16, 17) පවුලේ අය එක්ක, වැඩ කරන තැන ඉන්න අය එක්ක, සහෝදර සහෝදරියන් එක්ක, බලධාරීන් එක්ක කතා කරද්දී අපි බොරු කියන්නේ නැහැ. එයාලව රවට්ටන්නේ නැහැ. අවංකව වැඩ කරන අය හොරකම් කරන්නෙවත් වංචා කරන්නෙවත් නැහැ. (හිතෝපදේශ 24:28 සහ එෆීස 4:28 කියවන්න.) එයාලා හොර කරන්නේ නැතුව බදු ගෙවනවා. (රෝම 13:5-7) “හැම දේකදීම අවංකව වැඩ කරන්නයි අපිට ඕනේ.”—හෙබ්‍රෙව් 13:18.

3. අවංකව වැඩ කරන එකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

සභාවේ ඉන්න අපි එක් එක් කෙනා අවංකව වැඩ කරද්දී අපිට එකිනෙකා ගැන බයක්, සැකයක් ඇති වෙන්නේ නැහැ. ආදරණීය පවුලක තියෙන සුරක්ෂිත හැඟීම සභාවෙත් අපිට දැනෙනවා. අවංකව වැඩ කරද්දී අපිට අපි ගැනම හොඳ හැඟීමකුත් ඇති වෙනවා. “ගැලවීම ලබා දෙන දෙවියන් උගන්නන දේවල් කොච්චර අලංකාරයිද කියලා”පෙන්නන්නත් අපිට පුළුවන් වෙනවා. (තීතස් 2:10) ඒක දැක්කාම අනිත් අයටත් දෙවියන්ට සේවය කරන්න ආසාවක් ඇති වෙයි.

තවත් හොයමු

ඔයා අවංකව වැඩ කරද්දී යෙහෝවාට දැනෙන්නේ කොහොමද කියලත් ඒකෙන් ඔයාට ලැබෙන ප්‍රයෝජන මොනවාද කියලත් දැනගන්න. විවිධ අවස්ථාවලදී ඔයාට අවංක වෙන්න පුළුවන් කොහොමද කියලත් බලන්න.

4. අවංක අය ගැන යෙහෝවා සතුටු වෙනවා

ගීතාවලිය 44:21 සහ මලාකි 3:16 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • ඇත්ත හංගන්න පුළුවන් කියලා හිතන එක මෝඩ දෙයක් කියලා ඔයා හිතන්නේ ඇයි?

  • අමාරු අවස්ථාවලදී වුණත් ඔයා ඇත්ත කියනවා නම් ඒ ගැන යෙහෝවාට කොහොම දැනෙනවා ඇද්ද?

පොඩි දරුවෙක් එයාගේ තාත්තාට දෙයක් විස්තර කරනවා. ජූස් වීදුරුවක් එතන තියෙන මේසයේ හැලිලා තියෙනවා.

දරුවන් ඇත්ත කියද්දී දෙමාපියන්ට සතුටක් දැනෙනවා. ඒ වගේ අපි ඇත්ත කියද්දී යෙහෝවා සතුටු වෙනවා

5. හැම වෙලේම අවංකව වැඩ කරන්න

ගොඩක් අය හිතනවා හැම වෙලේම අවංකව වැඩ කරන එක කරන්න බැරි දෙයක් කියලා. ඒත් අපි හැම වෙලේම අවංකව වැඩ කරන්න ඕනෙ ඇයි කියලා බලන්න. වීඩියෝ එක බලන්න.

වීඩියෝ: ‘ප්‍රීතියෙන් ඉන්න උදව් වෙන දේවල් මොනවාද? - නිදොස් හෘදය සාක්ෂියක්’ (2:32)

‘ප්‍රීතියෙන් ඉන්න උදව් වෙන දේවල් මොනවාද? - නිදොස් හෘදය සාක්ෂියක්’ කියන වීඩියෝ එකේ දර්ශනයක්. ලොකු පාඩුවක් වෙන දෙයක් එයා අතින් වුණා කියලා බොස්ට කිව්වාට පස්සේ ඒ දෙන්නා අතට අත දෙනවා.

හෙබ්‍රෙව් 13:18 කියවලා මේ අවස්ථාවලදී අපිට අවංකව වැඩ කරන්න පුළුවන් කොහොමද කියලා කතා කරන්න.

  • පවුලේ අය එක්ක ඉද්දී.

  • රස්සාවේදී නැත්නම් ඉස්කෝලේදී.

  • වෙනත් අවස්ථාවලදී.

6. අවංක වෙන එක අපිට ප්‍රයෝජනවත්

බැලූ බැල්මට පේන්නේ අවංක වෙන එකෙන් පාඩුවක් වෙනවා කියලයි. ඒත් ඇත්තටම ඒකෙන් ගොඩක් ප්‍රයෝජන ලැබෙනවා. ගීතාවලිය 34:12-16 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • අවංකව වැඩ කරන එකෙන් ඔයාගේ ජීවිතේට හොඳක් වෙන්නේ කොහොමද?

1. තේ එකක් බොන ගමන් සැමියායි, බිරිඳයි කතා කරනවා. 2. ගරාජ් එකක වැඩ කරන කෙනෙක්ට එයාගේ බොස් ප්‍රශංසා කරනවා. 3. කාර් එකක ඉන්න කෙනෙක් එයාගේ හැඳුනුම්පත පොලීසියේ නිලධාරියෙක්ට පෙන්නනවා.
  1. අවංකකම විවාහ බැඳීම ශක්තිමත් කරනවා

  2. අවංක සේවකයන් බොස්ගේ විශ්වාසය දිනාගන්නවා

  3. අවංක පුරවැසියන්ට බලධාරීන් ගරු කරනවා

සමහරු මෙහෙම කියනවා: “පොඩි බොරුවක් කිව්වාට කමක් නෑ.”

  • ලොකු පොඩි හැම බොරුවක්ම යෙහෝවා පිළිකුල් කරනවා කියලා ඔයා විශ්වාස කරන්නේ ඇයි?

ඉගෙනගත්ත දේ

යෙහෝවා දෙවියන් කැමතියි ඔහුගේ යාළුවන් එයාලා කියන කරන හැම දේකදීම අවංකව වැඩ කරනවාට.

ඔයා හිතන්නේ මොකක්ද?

  • අවංකව වැඩ කරන්න පුළුවන් අවස්ථා මොනවාද?

  • ඇත්ත හංගන්න පුළුවන් කියලා හිතන එක මෝඩ දෙයක් කියන්නේ ඇයි?

  • හැම වෙලාවෙම අවංකව වැඩ කරන්න ඔයා කැමති ඇයි?

ඔයාට කරන්න දෙයක්

තව දැනගන්න

අවංක වෙන්න දරුවන්ට කියලා දෙන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද?

‘ඇත්ත කතා කරන්න’ (1:44)

පොරොන්දු ඉටු කරන එකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

‘පොරොන්දු ඉටු කිරීමෙන් ආශීර්වාද ලැබෙයි’ (9:09)

අපි ගෙවන බදු වැරදි විදිහට පාවිච්චි කළත් අපි බදු ගෙවන්න ඕනෙ ඇයි?

“ඔබ බදු ගෙවිය යුතුද?” (2011 සැප්තැම්බර් 1 ‘මුරටැඹ’)

වංචනික දේවල් කරපු කෙනෙක් එයාගේ ජීවිතේ වෙනස් කරගන්න පෙලඹුණේ ඇයි?

“මං දැනගත්තා යෙහෝවා දෙවියන් සමාව දෙන දෙවි කෙනෙක් කියලා” (2015 මැයි 1 ‘මුරටැඹ’)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න