කීකරුකම
කීකරු වෙන එක කොයි තරම් වැදගත්ද?
නික් 19:5; ද්වි 10:12, 13; දේශ 12:13; යාකො 1:22
බයිබල් සිද්ධීන්:
1සාමු 15:17-23—සාවුල් දෙවියන්ට අකීකරු වුණ නිසා සාමුවෙල් එයාට තදින්ම උපදෙස් දුන්නා. දෙවියන්ට කීකරු වෙන එක කොච්චර වැදගත්ද කියලා එයා මතක් කළා
හෙබ්‍රෙ 5:7-10—යේසුස් හැම වෙලේම ඔහුගේ තාත්තාට කීකරු වුණා. ඒත් පොළොවේදී ඔහුට අසාධාරණකම් වෙද්දී දෙවියන්ට කීකරු වෙන්න ඔහුට ඉගෙනගන්න වුණා
බලධාරීන් දෙවියන් අකමැති දෙයක් කරන්න කියද්දී අපි මොනවාද කරන්න ඕනේ?
බයිබල් සිද්ධීන්:
දානි 3:13-18—නෙබුකද්නෙෂර් රජ කිව්වා එයා හදපු රූපෙට නමස්කාර කරන්නේ නැති අයව මරනවා කියලා. ඒත් හෙබ්‍රෙව් තරුණයන් තුන්දෙනා එයා කියපු දේ කළේ නැහැ
මතෙ 22:15-22—දෙවියන් අකමැති දෙයක් කරන්න කිව්වොත් හැරෙන්න අනිත් හැම දේකදීම අපි බලධාරීන්ට කීකරු වෙන්න ඕනෙ කියලා යේසුස් කිව්වා
ක්‍රියා 4:18-31—දේශනා කරන එක නවත්තන්න කියලා බලධාරීන් කිව්වත් නියෝජිතයන් ඒකට කීකරු වුණේ නැහැ
යෙහෝවාට දිගටම කීකරු වෙලා ඉන්න නම් අපි මොනවාද කරන්න ඕනේ?
ද්වි 6:1-5; ගීතා 112:1; 1යොහ 5:2, 3
ගීතා 119:11, 112; රෝම 6:17ත් බලන්න
බයිබල් සිද්ධීන්:
එස්රා 7:7-10—දෙවියන්ගේ නීතියට කීකරු වෙන්නත් ඒක සෙනඟට උගන්වන්නත් එස්රා මුළු හිතින්ම අධිෂ්ඨාන කරගත්තා
යොහ 14:31—යේසුස් ඔහුගේ තාත්තා කරන්න කියපු දේවල් ඒ විදිහටම කරන්නේ ඇයි කියලා කිව්වා
යෙහෝවාටයි, යේසුස්ටයි කීකරු වෙන්න අපි තුළ පෙලඹීමක් ඇති කරන්න ඕනෙ මොකක්ද?
කීකරු වෙන එකෙන් දෙවියන් ගැන අපිට විශ්වාසයක් තියෙනවා කියලා පේන්නේ කොහොමද?
රෝම 1:5; 10:16, 17; යාකො 2:20-23
ද්වි 9:23ත් බලන්න
බයිබල් සිද්ධීන්:
උත් 6:9-22; හෙබ්‍රෙ 11:7—යෙහෝවා “කියපු විදිහටම” නෝවා නැව හැදුවා. ඒකෙන් එයාට යෙහෝවා ගැන කොච්චර විශ්වාසයක් තිබුණාද කියලා පේනවා
හෙබ්‍රෙ 11:8, 9, 17—යෙහෝවා ආබ්‍රහම්ට ඌර්වලින් යන්න කිව්වාමත් එයාගේ පුතාව පූජා කරන්න කිව්වාමත් ආබ්‍රහම් කීකරු වුණා. ඒකෙන් එයාට තිබුණ විශ්වාසය මොන තරම්ද කියලා තේරෙනවා
කීකරු වෙන අයට යෙහෝවා දෙන පොරොන්දුව මොකක්ද?
යෙරෙ 7:23; මතෙ 7:21; 1යොහ 3:22
බයිබල් සිද්ධීන්:
ලෙවී 26:3-6—යෙහෝවා පොරොන්දු වෙනවා තමන්ට කීකරු වෙන අයව බලාගන්නවා කියලා
ගණන් 13:30, 31; 14:22-24—කාලෙබ් මුළු හිතින්ම යෙහෝවාට කීකරු වුණ නිසා ඔහු එයාට ආශීර්වාද කළා
අකීකරු වෙන අයට මොනවාද වෙන්නේ?
බයිබල් සිද්ධීන්:
උත් 2:16, 17; 3:17-19—ආදම් සහ ඒව අකීකරු වුණ නිසා එයාලට පාරාදීසයත් පරිපූර්ණ ජීවිතයත් හැමදාටම ජීවත් වෙන්න තිබුණ අවස්ථාවත් නැති වුණා
ද්වි 18:18, 19; ක්‍රියා 3:12, 18, 22, 23—මෝසෙස්ට වඩා ශ්‍රේෂ්ඨ අනාගතවක්තෘ කෙනෙක් එනවා කියලා යෙහෝවා කියලා තිබුණා. ඒ කෙනාට අකීකරු වෙන අයට දඬුවම් විඳින්න වෙනවා කියලත් ඔහු කිව්වා
යූද් 6, 7—කැරලිගහපු දේවදූතයනුත් සොදොම්, ගොමෝරා නගරවල අයත් අකීකරු වුණ නිසා යෙහෝවා එයාලට දඬුවම් කළා
අපි යේසුස්ට කීකරු වෙන්න ඕනෙ ඇයි?
බයිබල් සිද්ධියක්:
යොහ 12:46-48; 14:24—යේසුස් කිව්වා ඔහු කියන දේවල් පිළිගන්නේ නැති අයට විනිශ්චයක් ලැබෙනවා කියලා
අපි පෙරමුණ අරගෙන වැඩ කරන අයට කීකරු වෙන්නේ ඇයි?
භාර්යාවන් ස්වාමිපුරුෂයන්ට කැමැත්තෙන්ම යටත් වෙන්න ඕනෙ ඇයි?
දරුවන් දෙමාපියන්ට කීකරු වෙන්නේ ඇයි?
හිතෝ 23:22; එෆී 6:1; කොලො 3:20
බයිබල් සිද්ධීන්:
උත් 37:3, 4, 8, 11-13, 18—යෝසෙප්ගේ අයියලා එයාට වෛර කළා. ඒත් තාත්තා එයාලව බලන්න යන්න කිව්වාම එයා කීකරු වුණා
ලූක් 2:51—යෝසෙප් සහ මරියා පව්කාරකම උරුම කරගෙන හිටියත් යේසුස් එයාලට දිගටම කීකරු වුණා