ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w08 10/1 4-6 පි.
  • යේසුස් ගැන සඳහන් අනාවැකි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් ගැන සඳහන් අනාවැකි
  • 2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඉටුවීමට නියමිත අනාවැකි
  • ගැලවුම්කරුගේ පැමිණීම ඔවුන් අපේක්ෂාවෙන් සිටියා
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා තම මෙසියානු සේවකයා උසස් කරයි
    යෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන II
  • ගැලවුම්කරු ගැන සඳහන් අනාවැකිවලින් යේසුස් තමයි ගැලවුම්කරු කියලා ඔප්පු වෙනවාද?
    බයිබලයෙන් උත්තර
  • ඔවුන්ට ගැලවුම්කරුව හමු වුණා
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w08 10/1 4-6 පි.

යේසුස් ගැන සඳහන් අනාවැකි

පැමිණීමට නියමිත ගැලවුම්කරු වන යේසුස් ගැන යෙසායා ඇතුළු තවත් බොහෝ අනාගතවක්තෘවරුන් අනාවැකි පවසා තිබුණා. යේසුස්ගේ කාලයේ සිටි යුදෙව්වන් මෙම අනාවැකි සලකා බැලූ නිසා ගැලවුම්කරුගේ පැමිණීම ගැන ‘අපේක්ෂාවෙන් සිටියා.’ (ලූක් 3:15) එම අනාවැකිවල ගැලවුම්කරුගේ ජීවිතය හා බැඳී තොරතුරු සඳහන් කර තිබුණා. කිසිම මිනිසෙකුට එවැනි අනාවැකි සිතින් උපදවාගෙන පවසන්න බැරි අතර යේසුස්ට අත්විඳීමට සිදු වන ලෙස එවැනි සිද්ධීන් කලින් පෙළගස්වා තබන්නත් බැහැ.

යේසුස්ගේ උපත. යේසුස් කන්‍යාවකගෙන් උපත ලබන බව යෙසායා අනාවැකියක් පැවසුවා. එය ඉටු වූ ආකාරය ගැන බයිබල් ලේඛකයෙකු වූ මතෙව් පැවසුවේ මෙයයි. “මේ සියල්ල සිදු වූයේ යෙහෝවා තම අනාගතවක්තෘ ලවා පැවසූ මේ දේ ඉටු වන පිණිසය. ‘බලන්න! කන්‍යාව ගැබ්ගෙන පුතෙකු බිහි කරන්නීය.’” (මතෙව් 1:22, 23; යෙසායා 7:14) එමෙන්ම දාවිත්ගේ පියා වූ යෙස්සේගේ පෙළපතින් යේසුස් පැමිණෙන බවත් යෙසායා පැවසුවා. ඒ නිසා යේසුස් අයත් වන්නේ දාවිත්ගේ පෙළපතටයි. (මතෙව් 1:6, 16; ලූක් 3:23, 31, 32) ‘යෙහෝවා දෙවි යේසුස්ට ඔහුගේ පිය වූ දාවිත්ගේ සිංහාසනය දෙන්නේය’ කියා ගාබ්‍රියෙල් දේවදූතයා මරියාට පැවසුවේ ඒ නිසයි.—ලූක් 1:32, 33; යෙසායා 11:1-5, 10; රෝම 15:12.

යේසුස්ගේ ජීවිතය. “යෙහෝවාගේ ආත්මය මා කෙරෙහි ඇත. මන්ද ඔහු මා අභිෂේක කර තිබෙන්නේ දිලිඳුන්ට ශුභාරංචිය ප්‍රකාශ කරන පිණිසය.” මේ කොටස ඇතුළත් යෙසායාගේ ලියවිල්ල නාසරෙත් නුවර තිබූ යුදෙව්වන්ගේ ආගමික ස්ථානයේදී යේසුස් විසින් ප්‍රසිද්ධියේ කියවනු ලැබුවා. එහි සඳහන් වූ අනාවැකිය තමා සම්බන්ධයෙන් ලියැවී තිබුණු නිසා “ඔබ මේ දැන් ඇසූ ශුද්ධ ලියවිලි පාඨය අද ඉටු වී ඇත” කියා ඔහු ඒ අවස්ථාවේදී පැවසුවා. (ලූක් 4:17-21; යෙසායා 61:1, 2) යේසුස් මිනිසුන්ට කාරුණිකව සලකමින් රෝගීන්ව සුව කළත් තමා වෙතට අවධානය ඇද නොගන්නා බව යෙසායා අනාවැකි පවසා තිබුණා. එය ඉටු වූ ආකාරය ගැන මතෙව් වාර්තා කරන්නේ මෙයයි. ‘බොහෝදෙනෙක්ද ඔහු පසුපස ගියහ. ඔහු ඒ සියල්ලන්ව සුව කළද, තමන්ව ප්‍රසිද්ධ නොකරන ලෙස ඔහු ඔවුන්ට තදින් අණ කළේය. මෙසේ වූයේ අනාගතවක්තෘ යෙසායා මාර්ගයෙන් කියන ලද දෙය ඉටු වන පිණිසය. ඔහු දබර කරන්නේවත් කෑගසන්නේවත් තැළුණු බට ගසක් පොඩි කරන්නේවත් නැත.’—මතෙව් 8:16, 17; 12:10-21; යෙසායා 42:1-4; 53:4, 5.

යේසුස් අද්දුටු වේදනා. බොහෝ ඊශ්‍රායෙල්වරුන් ගැලවුම්කරු වන යේසුස්ව පිළි නොගන්නා බවත් ඒ වෙනුවට යේසුස් ඔවුන්ව “බාධාවට පත් කරන ගලක්” මෙන් වන බවත් යෙසායා පැවසුවා. (1 පේතෘස් 2:6-8; යෙසායා 8:14, 15) එම අනාවැකිය සත්‍යයක් වුණා. යේසුස් කොතරම් බලවත් ක්‍රියා කළත් යුදෙව්වන් ‘ඔහු කෙරෙහි ඇදහිල්ල තැබුවේ නැහැ.’ “මෙසේ සිදු වූයේ අනාගතවක්තෘ යෙසායා කී මේ වදන් ඉටු වන පිණිසය. එනම්, ‘යෙහෝවා, අප ඇසූ දේ කෙරෙහි ඇදහිල්ල තැබුවේ කවුද?’” (යොහන් 12:37, 38; යෙසායා 53:1) බොහෝ යුදෙව්වන් යේසුස් කෙරෙහි ඇදහිල්ල තැබුවේ නැත්තේ ඇයි? ඊට බලපෑ එක් හේතුවක් නම් යේසුස් රෝම පාලනයෙන් යුදෙව්වන්ව ගලවාගෙන දාවිත්ගේ රාජ්‍යය පොළොවේ පිහිටුවයි කියා ඔවුන් විශ්වාස කිරීමයි. නමුත් යේසුස් දුක් විඳ මිය ගිය නිසා බොහෝ යුදෙව්වන් ඔහුව ගැලවුම්කරු ලෙස පිළිගත්තේ නැහැ. නමුත් යේසුස් රජෙකු ලෙස පෙනී සිටීමට පෙර දුක් විඳිය යුතු බව අනාගතවක්තෘ යෙසායා පවසා තිබුණා.

“තළන්නන්ට මගේ පිට දුන්නෙමි. මගේ මුහුණට නින්දා කරන්නටද කෙළ ගසන්නටද මම ඉඩ දුනිමි” කියා යේසුස් තමා ගැනම පවසන දෙය, අනාවැකියක් ලෙස යෙසායා වාර්තා කර තිබෙනවා. එම අනාවැකිය ඉටු වූ ආකාරය ගැන මතෙව් මෙවැනි දෙයක් පවසනවා. ‘ඔවුහු ඔහුගේ මුහුණට කෙළ ගසා, අත මිට මොළවා ඔහුට පහර දුන්’ අතර ‘අන් අය ඔහුට කම්මුල් පහර දුන්නා.’ (යෙසායා 50:6, NW; මතෙව් 26:67) එමෙන්ම ‘ඔහුට කොතරම් පීඩා කළත් ඔහු සියල්ල නිහඬව දරාගන්නවා’ කියාත් යෙසායා පැවසුවා. මේ අනාවැකියත් ඉටු වුණා. යේසුස්ට විරුද්ධව තිබූ බොරු චෝදනා සම්බන්ධයෙන් පිලාත් යේසුස්ගෙන් විමසූ විට යේසුස් ‘ඔහුට පිළිතුරු දුන්නේ නැහැ.’ ඒ නිසා ‘ආණ්ඩුකාරයා [පිලාත්] බොහෝ සෙයින් පුදුම වුණා.’—යෙසායා 53:7, NW; මතෙව් 27:12-14; ක්‍රියා 8:28, 32-35.

යේසුස්ගේ මරණය. යේසුස්ගේ මරණය ගැනත් ඉන්පසුව සිදු වන දේවල් ගැනත් යෙසායා පැවසූ අනාවැකි ඒ ආකාරයෙන්ම ඉටු වුණා. ඔහු පැවසුවේ යේසුස්ව ‘භූමිදානය කරනු ලබන්නේ දුෂ්ටයන් හා ධනවතුන් සමඟ’ බවයි. (යෙසායා 53:9, NW) මෙම අනාවැකිය ඉටු වූයේ කෙසේද? යේසුස්ව ඇණ ගසනු ලැබුවේ කොල්ලකරුවන් සමඟයි. (මතෙව් 27:38) නමුත් පසුව අරිමාතියේ විසූ ධනවතෙක් වූ යෝසෙප්, යේසුස්ගේ දේහය අලුත් සොහොනක තැන්පත් කළා. (මතෙව් 27:57-60) ගැලවුම්කරුගේ මරණයෙන් ඉටු වන ඉතා වැදගත් කාරණයක් ගැනත් යෙසායා අනාවැකියක් පැවසුවා. ඔහු පැවසුවේ “ධර්මිෂ්ඨ සේවකයා දැනුමෙන් ක්‍රියා කරන නිසා බොහෝදෙනෙකුව ධර්මිෂ්ඨ කරනු ලබයි. ඔහු ඔවුන්ගේ පාපවලට වන්දි ගෙවන්නේය” කියායි. මෙසේ යේසුස්ගේ ජීවිත පූජාවෙන් තම පාපවලට සමාව ලබාගැනීමේ ප්‍රස්තාව කීකරු මිනිසුන්ට හිමි වුණා.—යෙසායා 53:8, 11, NW; රෝම 4:25.

ඉටුවීමට නියමිත අනාවැකි

පොරොන්දු වී තිබූ ගැලවුම්කරුව හඳුන්වා දීමට යේසුස් ඇතුළු ඔහුගේ අනුගාමිකයන් වැඩියෙන්ම යොදාගත්තේ යෙසායාගේ අනාවැකියි. නමුත් යෙසායාගේ පොතට අමතරව බයිබලයේ වෙනත් පොත්වලත් අනාගතය ගැන සඳහන් වෙනවා. බයිබලයේ පැරණි ගිවිසුමේ ඇති බොහෝ පොත්වල යේසුස් ගැනත් ඔහුගේ රාජ්‍යය ගැනත් එම රාජ්‍යයෙන් ඉටු කරන යහපත් දේවල් ගැනත් අනාවැකි සඳහන් වෙනවා.a (ක්‍රියා 28:23; එළිදරව් 19:10) එම අනාවැකි අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියා යේසුස් විශ්වාස කළා. ඒ නිසයි එදා ජීවත් වූ යුදෙව්වන්ට ඔහු මෙසේ පැවසුවේ. “මා ආවේ නීතිය හෝ අනාගතවාක්‍යය නැති කර දමන්නයයි නොසිතන්න. මා ආවේ ඒවා සම්පූර්ණ කිරීමට මිස නැති කර දැමීමට නොවේ. මන්ද, සැබවින්ම මම ඔබට කියමි, අහස හා පොළොව පහව ගියත්, සියල්ල සිදු වන තුරු නීතියෙන් කුඩාම අකුරක්වත් අකුරකින් අංශුමාත්‍රයක්වත් කිසිසේත් පහ වී යන්නේ නැත.”—මතෙව් 5:17, 18.

මීට අමතරව යේසුස් ඔහු ජීවත් වූ කාලය අවට ඉටු විය යුතු අනාවැකිත් ඉදිරියේදී ඉටුවීමට නියමිත අනාවැකිත් සඳහන් කළා. (දානියෙල් 9:27; මතෙව් 15:7-9; 24:15) එමෙන්ම යේසුස් සහ ඔහුගේ අනුගාමිකයන් මේ කාලයේදී ඉටු විය යුතු අනාවැකි ගැනත් ඉදිරියේදී ඉටු වන දේවල් ගැනත් අනාවැකි පැවසුවා. එවැනි අනාවැකි අපේ කාලයේදී ඉටු වී ඇති ආකාරය ගැන අපි ඊළඟ ලිපියෙන් සලකා බලමු.

[පාදසටහන]

a යේසුස් සම්බන්ධයෙන් ඉටු වූ අනාවැකි පිළිබඳව වැඩි තොරතුරු දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 200වන පිටුව බලන්න.

[4වන පිටුවේ පින්තූරය]

‘කන්‍යාව පුතෙකු බිහි කරයි’

[5වන පිටුවේ පින්තූරය]

‘මගේ මුහුණට නින්දා කරන්න ඉඩ දුනිමි’

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න