ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w08 10/1 15 පි.
  • “දෙවිව අනුකරණය කරන්න”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “දෙවිව අනුකරණය කරන්න”
  • 2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • මිනිසාට දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් සිටිය හැක්කේ කෙසේද?
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අන් අයට “දයානුකම්පාව” පෙන්වමු
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවියන් මොන වගේ කෙනෙක්ද?
    2013 පිබිදෙව්!
  • සදාකාල ජීවනය පොරොන්දු වූ තැනැත්තාව ආදර්ශයට ගන්න
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w08 10/1 15 පි.

දෙවිට ළං වෙන්න

“දෙවිව අනුකරණය කරන්න”

එෆීස 4:32–5:2

කරුණාව, දයානුකම්පාව, සමාව දීම, ප්‍රේමය වැනි ගුණාංග අද විදහාපෙන්වන්නේ ස්වල්පදෙනෙක් වීම කනගාටුවට කරුණක්. එම ගුණාංග විදහාපාන්න ඔබ කොතරම් උත්සාහ කළත් එය කිරීමට නොහැකි බව ඔබට හැඟී තිබෙනවාද? සමහරවිට කෙනෙක් අතීතයේදී මුහුණ දුන් කටුක අද්දැකීම් හෝ තමන් තුළ ඇති නරක පුරුදු නිසා තමාට යහපත් ගුණාංග වර්ධනය කරගන්න බැහැ කියා සිතන්න පුළුවන්. නමුත් අපට යහපත් ගුණාංග වර්ධනය කරගත හැකි බව අපේ නිර්මාතෘ හොඳින්ම දන්නවා කියා බයිබලයේ සඳහන් වෙනවා. එය දැන සිටීම සහනයක් නොවේද?

“එබැවින් ඔබ ප්‍රේමණීය දරුවන් වන බැවින් දෙවිව අනුකරණය කරන්නන් වන්න” කියා බයිබලයෙහි සඳහන් වෙනවා. (එෆීස 5:1) ඉන් පැහැදිලි වෙන්නේ තමන්ට නමස්කාර කරන අයට යහපත් ගුණාංග විදහා පෙන්වීමට ඇති හැකියාව ගැන දෙවිට කොතරම් විශ්වාසයක් තිබෙනවාද යන්නයි. එයට හේතුව යෙහෝවා දෙවි තමන්ගේ ගුණාංග විදහා පෙන්වීමේ හැකියාව ඇතුව මිනිසාව නිර්මාණය කර තිබීමයි.a (උත්පත්ති 1:26, 27) “දෙවිව අනුකරණය කරන්නන් වන්න” කියා බයිබලයෙහි සඳහන් වී තිබෙන දෙය හරියට යෙහෝවා දෙවි මෙලෙස කියනවා හා සමානයි. ‘ඕගොල්ලන් අතින් යම් අඩු පාඩු සිදු වුණත් මගේ ගුණාංග විදහා පෙන්වමින් මාව සතුටට පත් කරන්න ඕගොල්ලන්ට පුළුවන් බව මට විශ්වාසයි.’

එෆීස 5:1 ආරම්භ වන්නේ “එබැවින්” යන වචනයෙනුයි. ඉන් පෙනී යන්නේ එය ඊට කලින් සඳහන්ව ඇති බයිබල් පදයට එනම් එෆීස 4:32ට සම්බන්ධ බවයි. එහි අපට අනුකරණය කළ හැකි දෙවිගේ ගුණාංග කිහිපයක් සඳහන් වෙනවා. ඒවා නම් කරුණාව, දයානුකම්පාව සහ සමාව දීමයි. දෙවිව අනුකරණය කිරීමට කැමති සියලුදෙනාම අන් අය කෙරෙහි සැබෑ ප්‍රේමයක් දැක්විය යුතු බව එෆීස 5:2හි සඳහන් වෙනවා. කරුණාව පෙන්වීම, දයානුකම්පාව දැක්වීම හා අන් අයට සමාව දීම සම්බන්ධයෙන් අපට හොඳම ආදර්ශය තබා ඇත්තේ යෙහෝවා දෙවියි.

අපි දෙවිව අනුකරණය කළ යුත්තේ ඇයි? ඉහත සලකා බැලූ බයිබල් පදයේ සඳහන් වුණේ “ප්‍රේමණීය දරුවන් වන බැවින් දෙවිව අනුකරණය කරන්නන් වන්න” කියායි. යෙහෝවා දෙවි තමාට නමස්කාර කරන අයව සලකන්නේ තමාගේම දරුවන් හැටියටයි. කුඩා පිරිමි දරුවෙක් තමන්ගේ පියාව අනුකරණය කිරීමට උත්සාහ කරනවා හා සමානව සැබෑ ක්‍රිස්තියානීන්ද උත්සාහ කරන්නේ යෙහෝවා දෙවිව අනුකරණය කිරීමටයි.

තමන්ව අනුකරණය කරන්න කියා යෙහෝවා දෙවි කිසි කෙනෙකුට බල කරන්නේ නැහැ. එය ඔබේ පෞද්ගලික තීරණයක්. (ද්විතීය කතාව 30:19, 20) කොහොමවුණත් ඔබට දෙවිගේ ගුණාංග විදහා පෙන්වීමේ හැකියාව තිබෙන බව අමතක කරන්න එපා. දෙවිව අනුකරණය කිරීමට නම් ඔහුව හොඳින් දැන හඳුනාගත යුතුයි. දෙවි ගැනත් ඔහුගේ කදිම ගුණාංග ගැනත් ඉගෙනගෙන ඔහුව අනුකරණය කිරීමට මිලියන ගණනකට ශුද්ධ බයිබලය උපකාරවත් වී තිබෙනවා. එය ඔබටත් උපකාරවත් වන බවට සැකයක් නැහැ.

[පාදසටහන]

a දෙවි මිනිසාව නිර්මාණය කර තිබෙන්නේ ඔහුගේ ගතිලක්ෂණ විදහා පෙන්වීමේ හැකියාව ඇතුව නිසා කොලොස්සි 3:9, 10හි අපව දිරිගන්වා තිබෙන්නේ දෙවිගේ ගතිලක්ෂණවලින් සමන්විත අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න කියායි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න