ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w08 10/1 16-17 පි.
  • ඊර්ෂ්‍යාව කොතරම් භයානකද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඊර්ෂ්‍යාව කොතරම් භයානකද?
  • 2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • සහෝදරයෝ යෝසෙප්ට වෛර කරයි
    මගේ බයිබල් කතන්දර පොත
  • “මම දැක්ක හීනය ගැන ඔබට කියන්න මට ඉඩ දෙන්න”
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “දෙවිගේ තැන ගන්න මට අයිතියක් නැහැ”
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා යෝසෙප්ව අමතක කළේ නැහැ
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
තව තොරතුරු
2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w08 10/1 16-17 පි.

ඔබේ දරුවන්ට උගන්වන්න

ඊර්ෂ්‍යාව කොතරම් භයානකද?

ඊර්ෂ්‍යාව කියන්නේ මොකක්ද කියලා අපි මුලින්ම බලමු. අනික් අය ඔයාගේ යාළුවෙකුව අගය කරලා එයා හරිම ලස්සනයි, හරිම හොඳයි කියලා කියද්දී ඔයාට ඒ යාළුවාව ඇසුරු කරන එක අමාරු වෙලා තියෙනවාද?a—ඔයා කාට හරි ඊර්ෂ්‍යා කළොත් තමයි එහෙම වෙන්නේ.

දෙමව්පියන් එක දරුවෙකුට වැඩි සැලකිල්ලක් දක්වද්දී අනික් දරුවන් තුළ ඊර්ෂ්‍යාවක් ඇති වෙන්න පුළුවන්. ඊර්ෂ්‍යාව නිසා ලොකු ප්‍රශ්නයකට මුහුණ දීපු පවුලක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. ඔවුන් මුහුණ දීපු ප්‍රශ්නය ගැනත් ඉන් අපට ගත හැකි පාඩම ගැනත් අපි දැන් සලකා බලමු.

යාකොබ් නම් මනුෂ්‍යයාට හිටපු 11වෙනි පුතාගේ නම යෝසෙප්. එයාගේ අයියලා එයාට ඊර්ෂ්‍යා කළා. ඔයා දන්නවාද ඒ ඇයි කියලා?—ඒකට හේතුව වුණේ යාකොබ් අනික් දරුවන්ට වඩා යෝසෙප්ට ආදරේ කිරීමයි. උදාහරණයකට යාකොබ් යෝසෙප්ට ලස්සන ඇඳුමක් මහලා දුන්නා. යෝසෙප් ඉපදුණේ යාකොබ් වැඩියෙන්ම ආදරේ කරපු බිරිඳ වන රාකෙල්ට නිසාත් යෝසෙප් ඉපදෙද්දී යාකොබ් හිටියේ “මහලු” වයසේ නිසාත් ඔහු යෝසෙප්ට හුඟක් ආදරේ කළා.

බයිබලයේ සඳහන් වෙන්නේ යෝසෙප්ගේ තාත්තා එයාට හුඟක් ආදරේ කරන බව දැක්කම එයාගේ සහෝදරයෝ එයාට වෛර කළා කියලයි. එක දවසක් යෝසෙප් කිව්වා එයාගේ තාත්තයි සහෝදරයොයි එයාට “නැමී ආචාර කරනවා” හීනෙන් දැක්කා කියලා. එතකොට එයාගේ සහෝදරයෝ තවත් “ඊර්ෂ්‍යා කරන්න” පටන්ගත්තා. ඒ විතරක් නෙවෙයි ඒ වගේ දෙයක් කියපු එක ගැන එයාගේ තාත්තත් එයාට බැන්නා කියලා බයිබලයේ සඳහන් වෙනවා.—උත්පත්ති 37:1-11, නව ලොව පරිවර්තනය, NW.

දවසක් යාකොබ් යෝසෙප්ට කිව්වා බැටළුවන්ටයි එළුවන්ටයි කෑම දෙන්න දුර ඈත ප්‍රදේශයකට ගිය එයාගේ අයියලා හොඳින් ඉන්නවාද කියලා ගිහින් බලලා එන්න කියලා. ඒ වෙද්දී යෝසෙප්ට වයස අවුරුදු 17යි. ඔයා දන්නවාද යෝසෙප්ව දැක්කම එයාගේ අයියලා මොනවද කරන්න හැදුවේ කියලා?—ඒ අයට ඕනේ වුණා යෝසෙප්ව මරන්න. හැබැයි ඒ අය අතර හිටපු රූබෙන් සහ යූදා ඒකට කැමති වුණේ නැහැ.

ඊජිප්තුවට යමින් හිටපු වෙළෙන්දන්ව දැක්කම යූදා අනික් සහෝදරයන්ට කිව්වා යෝසෙප්ව “විකුණමු” කියලා. අනික් අයත් ඒකට කැමති වුණා. ඊට පස්සේ ඒ අය එළුවෙකුව මරලා යෝසෙප්ගේ ඇඳුම් අරගෙන ලේවල පොඟවලා ඒක එයාගේ තාත්තා ළඟට අරන් ගියා. ඒක දැකපු යාකොබ් අඬමින් “මගේ යෝසෙප්ව නපුරු වන මෘගයෙක් කෑලිවලට ඉරා දමන්න ඇති!” කියලා කිව්වා.—උත්පත්ති 37:12-36.

කාලයක් යද්දී ඊජිප්තුවේ පාලකයා වූ පාරාවෝ දැකපු හීන දෙකක අර්ථය යෝසෙප් පහදා දුන් නිසා පාරාවෝ එයාට හුඟක් කැමති වුණා. එයා මුලින්ම දැක්කේ හොඳට හැදුණු එළදෙනුන් හත්දෙනෙකුවයි කෙට්ටු එළදෙනුන් හත්දෙනෙකුවයි. දෙවෙනි හීනෙන් දැක්කේ හොඳට වැඩුණු ගොයම් කරල් හතකුයි වේළිලා ගිය ගොයම් කරල් හතකුයි. යෝසෙප් කිව්වා ඒ හීන දෙකෙන්ම අදහස් වෙන්නේ ඉදිරියේදී අවුරුදු හතක සාරවත් කාලයකුත් ඊටපස්සේ අවුරුදු හතක සාගතයකුත් එන එක කියලා. ඒ නිසා සාගත අවුරුදු හතට ඕනෙ කරන ආහාර රැස් කරන්න පාරාවෝ යෝසෙප්ව පත් කළා.

සාගත කාලය ආවම යෝසෙප්ගේ පවුලේ අයටත් කෑම ඕනෙ වුණා. ඒ නිසා යාකොබ් එයාගේ පුතාලා දහදෙනාට කිව්වා ඊජිප්තුවට ගිහින් කෑම අරන් එන්න කියලා. ඒගොල්ලන් ඊජිප්තුවට ගියත් යෝසෙප්ව අඳුනගත්තේ නැහැ. ඒ නිසා යෝසෙප්ට ඕනෙ වුණා එයාගේ සහෝදරයන් දැන් හොඳ අය වෙලාද කියලා දැනගන්න. පස්සේ එයාට තේරුණා එයාගේ සහෝදරයන් එයාට නපුරු විදිහට සලකපු එක ගැන දුක් වෙනවා කියලා. ඒ නිසා එයාගේ සහෝදරයන්ට එයාව හඳුන්වලා දුන්නා. ඒ අවස්ථාවේදී ඒ හැමෝම කොච්චර සතුටු වෙන්න ඇද්ද!—උත්පත්ති 40-45 පරිච්ඡේද දක්වා.

මේ බයිබල් කතන්දරයෙන් ඊර්ෂ්‍යාව ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?—ඊර්ෂ්‍යාව නිසා ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. තමාගේම සහෝදරයාව මරන්න පවා කෙනෙක් පෙලඹෙන්න පුළුවන්. අපි දැන් ක්‍රියා 5:17, 18 සහ ක්‍රියා 7:54-59 කියවලා ඊර්ෂ්‍යාව නිසා මිනිසුන් යේසුස්ගේ ගෝලයන්ට මොනවද කළේ කියලා බලමු.— ඒක කියෙව්වට පස්සේ ඔයාට තේරෙයි අපි කවදාවත් අනික් අයට ඊර්ෂ්‍යා කරන්න හොඳ නැත්තේ ඇයි කියලා.—

යෝසෙප් අවුරුදු 110ක් ජීවත් වුණා. එයාට දරු මුණුපුරු මිණිපිරියන් හුඟක් හිටියා. අනික් අයට ආදරේ කරන්න ඕනේ කියලත් අනික් අයට ඊර්ෂ්‍යා කරන එක වැරදියි කියලත් එයා අනිවාර්යයෙන්ම ඒ අයට කියලා දෙන්න ඇති.—උත්පත්ති 50:22, 23, 26.

a ඔබ මෙම ලිපිය කියවන්නේ දරුවෙක් සමඟ නම් (—) යොදා ඇති තැන්වලදී ටිකකට නතර වී දරුවාගෙන් ඒ ගැන අදහස් විමසන්න.

ප්‍රශ්න:

  • ඊර්ෂ්‍යා කරනවා කියන්නේ මොකක්ද?

  • ඊර්ෂ්‍යාව නිසා යෝසෙප්ගේ අයියලා එයාට කළේ මොකක්ද?

  • යෝසෙප් එයාගේ සහෝදරයන්ට සමාව දුන්නේ ඇයි?

  • මේ කතන්දරයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න