ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w09 2/1 6 පි.
  • දෙවිට නමක් තිබෙනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවිට නමක් තිබෙනවාද?
  • 2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • දෙවියන්ගේ නම
    2017 පිබිදෙව්!
  • දෙවියන්ගේ නම මොකක්ද?
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • ඔබ දෙවියන්ගේ නම දන්නවාද? ඒක පාවිච්චි කරනවාද?
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිගේ නම දැනගන්න ඕනේ ඇයි?
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w09 2/1 6 පි.

දෙවිට නමක් තිබෙනවාද?

බොහෝදෙනා පවසන්නේ . . .

▪ “දෙවිගේ නම දෙවියන්වහන්සේ.”

▪ “දෙවිට නමක් නැහැ.”

යේසුස් පැවසුවේ . . .

▪ “ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමය විශුද්ධ වේවා.” (මතෙව් 6:9) දෙවිගේ නාමයට යාච්ඤා කරන්න කියා යේසුස් තම ගෝලයන්ට ඉගැන්වූයේ දෙවිට නමක් තිබෙන බව යේසුස් දැන සිටි නිසයි.

▪ “ඔබ මට දැක්වූ ප්‍රේමය ඔවුන් තුළ තිබෙන පිණිසත්, මා ඔවුන් සමඟ එක්සත්ව සිටින පිණිසත් මම ඔබේ නාමය ඔවුන්ට දැන්වීමි, තවත් දන්වන්නෙමි.” (යොහන් 17:26) ඉන් පැහැදිලි වන්නේ යේසුස් දෙවිගේ නාමය අන් අයට දැනුම් දුන් බවයි.

▪ ‘යෙහෝවා දෙවිගේ නාමයෙන් එන තැනැත්තා ආශීර්වාද ලද්දේය! යි ඔබ කියන තුරු ඔබ මාව කිසිසේත් දකින්නේ නැත.’ (ලූක් 13:35; ගීතාවලිය 118:26) යේසුස් දෙවිගේ නාමය දැන සිටියා පමණක් නොව එය භාවිත කළා.

විම ඔහුගේ නාමය අපට දැනුම් දී තිබෙනවා. එය බයිබලයේ සඳහන් වෙන්නේ මෙලෙසයි. “මාගේ නාමය යෙහෝවාය.”a (යෙසායා 42:8, නව ලොව පරිවර්තනය) පැරණි බයිබල් පිටපත්වල දෙවිගේ නාමය වාර දහස් ගණනක් සඳහන් වී තිබෙනවා. එමෙන්ම බයිබලයේ සඳහන් නම් අතරින් වැඩියෙන්ම සඳහන් වී තිබෙන්නේ යෙහෝවා යන දෙවිගේ නාමයයි.

“දෙවිගේ නාමය කුමක්ද” කියා ඇසූ විට සමහර අය පිළිතුරු දෙන්නේ “දෙවියන්වහන්සේ” කියායි. එය නිවැරදි පිළිතුරක් ලෙස සැලකිය හැකිද? එය තේරුම්ගැනීමට මෙම නිදර්ශනය සලකා බලන්න. “පියාගේ නම කුමක්ද” කියා දරුවෙකුගෙන් ඇසූ විට ඔහු පියාගේ නම “තාත්තා” කියා පැවසුවහොත් එය නිවැරදි පිළිතුර ලෙස සැලකිය හැකිද? බැහැ. ඊට හේතුව “තාත්තා” කියන්නේ පදවියක් මිස නමක් නොවීමයි. ඒ හා සමානව “දෙවියන්” කියන්නෙත් පදවියක් මිස නමක් නොවේ.

දෙවි අපට ඔහුගේ නාමය දැනුම් දී තිබෙන්නේ අපි ඔහුව වඩාත් හොඳින් දැන හඳුනා ගන්නවාට දෙවි කැමති නිසයි. පුද්ගලයෙකුව තාත්තා, මහත්මයා, සීයා වැනි යෙදුම්වලින් හැඳින්විය හැකියි. නමුත් ඒ පුද්ගලයා ගැන සෑම තොරතුරක්ම අපේ මතකයට නැඟෙන්නේ ඒ පුද්ගලයාගේ නාමයෙනුයි. ඒ හා සමානව සර්වපරාක්‍රම දෙවි, නිර්මාතෘ සහ පියාණන් යන යෙදුම්වලින් දෙවි ගැන යම් තොරතුරු හෙළි වුණත් ඔහු සම්බන්ධයෙන් සියලුම තොරතුරු හෙළි වන්නේ ඔහුගේ නාමයෙන් පමණයි. ඒ නිසා දෙවිව හොඳින් දැන හඳුනා ගැනීමට නම් ඔබ ඔහුගේ නාමය දැනගැනීම අත්‍යවශ්‍යයි.

දෙවිගේ නම දැනගැනීමත් එය භාවිත කිරීමත් ඉතා වැදගත්. “යෙහෝවාගේ නාමයට අයැදින සියලුදෙනාව ගලවනු ලබන්නේය” කියා බයිබලයේ සඳහන් වෙන්නේ ඒ නිසයි.—රෝම 10:13; යෝවෙල් 2:32.

[පාදසටහන]

a දෙවිගේ නාමයේ අර්ථය සහ ඇතැම් බයිබල් පරිවර්තනවලින් දෙවිගේ නාමය ඉවත් කර තිබීමට හේතුව දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 195-197 දක්වා පිටු බලන්න.

[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

පුද්ගලයෙකුව තාත්තා, මහත්මයා, සීයා වැනි යෙදුම්වලින් හැඳින්විය හැකියි. නමුත් ඒ පුද්ගලයා ගැන සෑම තොරතුරක්ම අපේ මතකයට නැඟෙන්නේ ඒ පුද්ගලයාගේ නාමයෙනුයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න