- 
	                        
            
            1. අමරණීය ආත්මය2009 මුරටැඹ | නොවැම්බර් 1
- 
                            - 
                                        1. අමරණීය ආත්මයඉගැන්වීම ඇරඹුණේ කෙසේද?එක් විශ්වකෝෂයක මෙසේ සඳහන් වෙනවා. “ග්‍රීක දර්ශනවාදී අදහස් දැරූ ක්‍රිස්තියානීන් අමරණීය ආත්මයක් තිබෙන බව විශ්වාස කළා. ඔවුන් සිතුවේ දරුවෙකු පිළිසිඳ ගන්නා අවස්ථාවේදීම දෙවි ඒ දරුවා තුළට ආත්මයක් ඇතුළත් කරන බවයි.”—ද නිව් එන්සයික්ලෝපීඩියා බ්‍රිටැනිකා (1988), 11වන වෙළුම, 25වන පිටුව. බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද?‘මිය ගිය අය කිසිවක් නොදනිති. මිනිස් ලොවෙහි සිදු වන කිසි දෙයකට ඔවුන් සහභාගි නොවනු ඇත.’—දේශනාකාරයා 9:5, 6, නව අනුවාදය. දෙවි මුල් මිනිසාව නිර්මාණය කළ ආකාරය ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ස්වාමිවූ දෙවි භූමියේ දූවිල්ලෙන් මනුෂ්‍යයා සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම හෙළූවේය. එවිට මනුෂ්‍යයා ජීවමාන ප්‍රාණයක් විය.”—උත්පත්ති 2:7, පැරණි අනුවාදය. මුල් මිනිසා වූ ආදම්ව දෙවි නිර්මාණය කළ අවස්ථාවේදී දෙවි ඔහු තුළට අමරණීය ආත්මයක් ඇතුළත් කළ බවක් ඉහත බයිබල් පදයෙහි සඳහන් වෙන්නේ නැහැ. එහි සඳහන් වන්නේ දෙවි ආදම්ට ජීවනයේ හුස්ම දුන් බවයි. නමුත් ඇතැම් බයිබල් පරිවර්තනවල “ජීවනයේ හුස්ම” “ආත්මය” ලෙස පරිවර්තනය කර තිබෙනවා. ඒත් ජීවනයේ හුස්ම කියන්නේ අමරණීය ආත්මයකට නොවේ. එය මිනිසුන්ව ජීවත් කරවන බලයයි. එය නැති වුණොත් මිනිසෙකුට තවදුරටත් පවතින්න බැහැ. ඉන් අපට පැහැදිලි වන්නේ අමරණීය ආත්මයක් නැති බවයි.—ගීතාවලිය 104:29; යෝබ් 34:14, 15. අමරණීය ආත්මය නමැති ඉගැන්වීම නිසා මෙම ප්‍රශ්නය මතු වී තිබෙනවා. මරණින් පසු දුෂ්ටයන්ගේ ආත්මවලට සිදු වන්නේ කුමක්ද? මෙම ප්‍රශ්නයට පිළිතුරක් වශයෙන් ඔවුන් නරකාදිය නමැති ඉගැන්වීම හඳුන්වා දුන්නා. මෙම බයිබල් පද කියවා බලන්න. උත්පත්ති 7:22; දේශනාකාරයා 3:19 නිවැරදි ඉගැන්වීම:අමරණීය ආත්මයක් නැහැ 
 
- 
                                        
- 
	                        
            
            2. නරකාදිය2009 මුරටැඹ | නොවැම්බර් 1
- 
                            - 
                                        2. නරකාදියඉගැන්වීම ඇරඹුණේ කෙසේද?“නරකාදිය නමැති ඉගැන්වීම පැතිරවීමට ග්‍රීක දර්ශනවාදීන් අතරින් ප්ලේටෝ වැඩි දායකත්වයක් දැරුවා” කියා එක් පොතක සඳහන් වෙනවා.—ද හිස්ට්‍රි ඔෆ් හෙල්, 50වන පිටුව. “ග්‍රීක දර්ශනවාදය පිළිබඳව හැදෑරූ ක්‍රිස්තියානීන් තම විශ්වාසයන් පහදා දීම සඳහා දර්ශනවාදී අදහස් යොදාගැනීමට පටන්ගත්තේ දෙවන සියවසේ සිටයි. ඒ සඳහා ඔවුන් වැඩියෙන්ම යොදාගත්තේ ග්‍රීක දර්ශනවාදියෙකු වූ ප්ලේටෝගේ අදහස්” බව එක් විශ්වකෝෂයක සඳහන් වෙනවා.—ද නිව් එන්සයික්ලෝපීඩියා බ්‍රිටැනිකා (1988) 25වන වෙළුම, 890වන පිටුව. “නරකාදියක් තිබෙන බව පල්ලිවලින් උගන්වනවා. පව්කාරයන් මිය ගිය සැණින් ඔවුන්ගේ ආත්ම නරකාදියේ ‘නොනිවෙන ගින්නෙන්’ සදහටම වධ වේදනා විඳිනවා. එහිදී ඔවුන් විඳින ලොකුම වේදනාව වන්නේ දෙවිගෙන් ඈත් වීමයි” කියා එක් පොතක සඳහන් වෙනවා.—කැටිකිසම් ඔෆ් ද කැතලික් චර්ච්, 1994 සංස්කරණය, 270වන පිටුව. බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද?‘ජීවත්වන්නෝ තමුන් නසින්ට ඕනෑ බව දනිති. මළාහු කිසිවක් නොදනිති. මක්නිසාද නුඹ යන මිනී වළෙහි වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.’—දේශනාකාරයා 9:5, 10, පැරණි අනුවාදය. මිය ගිය අයගේ තත්වය විස්තර කිරීමට හෙබ්‍රෙව් භාෂාවෙන් යොදාගෙන තිබෙන්නේ ෂෙයෝලය යන වචනයයි. එම වචනයෙන් අදහස් වෙන්නේ මිය ගිය අයට කිසිවක් නොදැනෙන බවයි. මිය ගිය අය “කිසිවක් නොදනිති” කියා ඉහත බයිබල් ඡේදයේ සඳහන් වෙන්නේ ඒ නිසයි. මිය ගිය අයට කිසිවක් දැනෙන්නේ නැත්නම් ඔවුන් නරකාදියක දුක් විඳිනවා කියා පැවසිය හැකිද? බැහැ. අතීතයේ සිටි යෝබ්ද පීඩා රැසකට මුහුණ දුන් අවස්ථාවේදී ‘මා ෂෙයෝලයෙහි වසා තබන්න’ කියා දෙවිගෙන් ඉල්ලා සිටියේ ඒ නිසයි. (යෝබ් 14:13, පැ.අ) ෂෙයෝලය කියන්නේ මරණින් පසු මිනිසුන් දුක් විඳින ස්ථානයක් නම් තමන්ගේ පීඩාවලින් සහනයක් ලබාගැනීම සඳහා යෝබ් දෙවිගෙන් එවැනි දෙයක් ඉල්ලා සිටියිද? ප්‍රේමණීය දෙවි කෙනෙක් වැරදි කරන අයව නරකාදියකට දමා සදාකාලයටම වධ වේදනා පමුණුවයි කියා සිතිය හැකිද? බැහැ. (1 යොහන් 4:8) ඒ අනුව නරකාදිය කියා ස්ථානයක් නැති බව පැහැදිලියි. කොහොමවුණත් පව් කරන අය නරකාදියට යන බවට වූ ඉගැන්වීම නිසා හොඳ මිනිසුන් ස්වර්ගයට යන බවට වූ ඉගැන්වීම ඇති වුණා. නමුත් ඒ ගැන බයිබලයේ සඳහන් වෙන්නේ කුමක්ද? මෙම බයිබල් පද කියවා බලන්න. ගීතාවලිය 146:3, 4; රෝම 6:7, 23 නිවැරදි ඉගැන්වීම:නරකාදිය කියා ස්ථානයක් නැහැ 
 
- 
                                        
- 
	                        
            
            3. සියලුම ධර්මිෂ්ඨයන්ට ස්වර්ගික ජීවිතයක්2009 මුරටැඹ | නොවැම්බර් 1
- 
                            - 
                                        3. සියලුම ධර්මිෂ්ඨයන්ට ස්වර්ගික ජීවිතයක්ඉගැන්වීම ඇරඹුණේ කෙසේද?යේසුස්ගේ මුල් අනුගාමිකයන්ගේ මරණින් පසු ක්‍රිස්තියානි සභාවේ මූලිකත්වය ගෙන කටයුතු කළේ සභා පියවරුන් ලෙස හැඳින්වූ අයයි. එය සිදු වීමට පටන්ගත්තේ දෙවෙනි සියවසේ සිටයි. “හොඳ අය මිය ගිය පසු ඔවුන්ගේ ආත්ම ස්වර්ගයට යනවා” කියා සභා පියවරුන් ඉගැන්වූ බව එක් විශ්වකෝෂයක සඳහන් වෙනවා.—නිව් කැතලික් එන්සයික්ලෝපීඩියා (2003), 6වන වෙළුම, 687වන පිටුව. බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද?“මොළොක් ගුණ ඇත්තෝ ආශීර්වාද ලද්දෝය. මක්නිසාද ඔව්හු පොළොව උරුම කරගන්නෝය.”—මතෙව් 5:5, පැරණි අනුවාදය. තම අනුගාමිකයන්ට ස්වර්ගයේ ‘ස්ථානයක් සූදානම් කරන’ බවට යේසුස් පොරොන්දු වුණා. නමුත් ඔහු ඉන් අදහස් කළේ සෑම ධර්මිෂ්ඨයෙක්ම ස්වර්ගයට යන බව නොවේ. (යොහන් 3:13; 14:2, 3) ඇත්තෙන්ම ස්වර්ගට යන්නේ ධර්මිෂ්ඨයන්ගෙන් සුළු පිරිසක් පමණයි. එසේනම් අනික් ධර්මිෂ්ඨ අයට සිදු වන්නේ කුමක්ද? ඔවුන් මේ පොළොව මත සදහටම ජීවත් වෙන්න යනවා. (එළිදරව් 5:10) දෙවිගේ “කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා” කියා යේසුස් දෙවිට යාච්ඤා කළේ ඒ නිසයි.—මතෙව් 6:9, 10. මුල් කාලවලදී පල්ලිවල දේවරාජ්‍ය ගැන ඉගැන්වුවත් ඔවුන්ගේ ක්‍රියා තුළින් දේවරාජ්‍යයට පක්ෂපාත බවක් පෙනෙන්න තිබුණේ නැහැ. ඒ ගැන එක් විශ්වකෝෂයක මෙසේ සඳහන් වුණා. “පල්ලිවලින් දේවරාජ්‍යයට සහයෝගය දිය යුතුව තිබුණත් ඔවුන්ගේ වැඩි අවධානයක් යොමු වුණේ දේශපාලනය වෙතටයි.” ඒත් යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට පැවසුවේ ‘ලෝකයේ කොටසක් නොවන්න’ කියායි. (යොහන් 15:19; 17:14-16; 18:36) නමුත් පල්ලියේ පූජකයන් දේශපාලනයට සම්බන්ධ වීමෙන් යේසුස් දුන් එම ආඥාව කඩ කළා. මෙහි ප්‍රතිඵලයක් ලෙස රෝම පාලකයෙක් වූ කොන්ස්ටන්ටයින්ගේ බලපෑම නිසා වැරදි ඉගැන්වීම් පල්ලිවලින් උගන්වන්න පටන්ගත්තා. ඉන් එකක් ලෙස ත්‍රිත්වය නමැති ඉගැන්වීම හැඳින්විය හැකියි.—ද නිව් එන්සයික්ලෝපීඩියා බ්‍රිටැනිකා. මෙම බයිබල් පද කියවා බලන්න. ගීතාවලිය 37:10, 11, 29; යොහන් 17:3; 2 තිමෝති 2:11, 12 නිවැරදි ඉගැන්වීම:ස්වර්ගයට යන්නේ ධර්මිෂ්ඨයන් සුළු පිරිසක් පමණයි. අන් සියලුදෙනාම ජීවත් වන්නේ මේ පොළොව මතයි 
 
- 
                                        
- 
	                        
            
            4. ත්‍රිත්වය2009 මුරටැඹ | නොවැම්බර් 1
- 
                            - 
                                        4. ත්රිත්වයඉගැන්වීම ඇරඹුණේ කෙසේද?“ත්‍රිත්වය නමැති ඉගැන්වීම හතරවන සියවසේ අවසානයේ ඇති වූ දෙයක් කියා කෙනෙකුට සිතෙන්න පුළුවන්. එය යම් තාක් දුරකට නිවැරදියි. ඊට හේතුව ත්‍රිත්වය නමැති ඉගැන්වීම හතරවන සියවසට පෙර ක්‍රිස්තියානි ආගමේ ප්‍රධාන ඉගැන්වීමක් ලෙස පිළි නොගැනීමයි” කියා එක් විශ්වකෝෂයක සඳහන් වෙනවා.—නිව් කැතලික් එන්සයික්ලෝපීඩියා (1967) 14වන වෙළුම, 299වන පිටුව. “ක්‍රිස්තු වර්ෂ 325 මැයි 20වෙනිදා නයිසියාවේ පැවැත්වූ සම්මන්ත්‍රණයකදී මූලිකත්වය ගනු ලැබුවේ කොන්ස්ටන්ටයින් විසිනුයි. ඔහු එම සාකච්ඡාවන් තමන්ට කැමති ආකාරයෙන් මෙහෙයවූ අතර යේසුස් සහ දෙවි යන දෙදෙනාම එක පුද්ගලයෙක් ලෙස පිළිගත යුතුයි කියා පැවසුවා. අධිරාජ්‍යයාට තිබූ භය නිසා බිෂොප්වරුන් දෙදෙනෙකු හැර අන් සියලුම බිෂොප්වරුන් තම විශ්වාසයන්ද නොතකමින් ඊට එකඟ වුණා” කියා එක් විශ්වකෝෂයක සඳහන් වෙනවා.—එන්සයික්ලෝපීඩියා බ්‍රිටැනිකා (1970) 6වන වෙළුම, 386වන පිටුව. බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද?ස්තේපන් “ශුද්ධාත්මයෙන් [දෙවිගේ බලයෙන්] පූර්ණව, ස්වර්ගය දෙස බලා, දෙවියන් වහන්සේගේ මහිමයත් දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ යේසුස් වහන්සේ නැගිට සිටිනවාත් දැක: බලව, ස්වර්ගය විවරවී තිබෙනවාත් මනුෂ්‍ය පුත්‍රයා දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ නැගිට සිටිනවාත් මට පෙනේයයි කීවේය.”—ක්‍රියා 7:55, 56, පැරණි අනුවාදය. ඉහත සඳහන් වන පරිදි ස්තේපන් දුටුවේ යේසුස් සහ දෙවි පුද්ගලයන් දෙදෙනෙකු ලෙස වෙන වෙනම සිටින ආකාරයයි. එමෙන්ම දෙවිටත් යේසුස්ටත් අමතරව තවත් පුද්ගලයෙක් එහි සිටි බවක් ඔහු සඳහන් කරන්නේත් නැහැ. එයින් පැහැදිලි වන්නේ ත්‍රිත්වය නමැති ඉගැන්වීම බයිබලයට පටහැනි බවයි. නමුත් ඇතැම් අය ත්‍රිත්වයට අනුබල දෙන බයිබල් පද සොයාගන්න සෑහෙන උත්සාහයක් දරනවා. ඔවුන් කොතෙක් උත්සාහ කළත් “ත්‍රිත්වයට අනුබල දෙන කිසිම තොරතුරක් බයිබලයේ අලුත් ගිවිසුමේ සොයාගන්න නැහැ” කියා ඩොමිනිකන් සමූහාණ්ඩුවේ පූජකයෙක් වූ මාරිඑමිල් බ්වාමාර් පැවසුවා. කාලයක් පුරා යේසුස් සහ දෙවි පිළිබඳව බොහෝ මතිමතාන්තර තිබුණා. ඒ නිසා කොන්ස්ටන්ටයින් එම මතිමතාන්තර නිරාකරණය කිරීමට දෙවි සහ යේසුස් එක් පුද්ගලයෙක් කියා පැවසුවා. නමුත් එයින් සිදු වූයේද තවත් ප්‍රශ්නයක් මතු වීමයි. එනම් යේසුස් හා දෙවි එක් කෙනෙක් නම් යේසුස්ව මෙලොවට බිහි කළ මරියතුමිය “දේවමෑණියන්ද?” මෙම බයිබල් පද කියවා බලන්න. මතෙව් 26:39; යොහන් 14:28; 1 කොරින්ති 15:27, 28; කොලොස්සි 1:15, 16 නිවැරදි ඉගැන්වීම:දෙවි ත්‍රිත්වයක් නොවේ. එය හතරවන සියවසේදී ඇති වූ වැරදි ඉගැන්වීමක් 
 
-