ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w10 10/1 3 පි.
  • 1 ඇයි?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 1 ඇයි?
  • 2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • යාච්ඤාවෙන් දෙවියන්ට ළං වෙන්න
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • දෙවියන් එක්ක කතා කරන්න ඔයාටත් පුළුවන්
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • යාච්ඤාවෙන් දෙවිට ළං වන්න
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • යාච්ඤාව තුළින් දෙවිට ළංවීම
    දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?
තව තොරතුරු
2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w10 10/1 3 පි.

1 ඇයි?

අද සිටින බොහෝ මිනිසුන් යාච්ඤාව නමැති විෂය ගැන මහත් උනන්දුවක් දක්වනවා. ඒ නිසා යාච්ඤා කිරීම සම්බන්ධයෙන් බොහෝදෙනා කල්පනා කරන ප්‍රශ්න හතක් සහ ඒවාට බයිබලයේ සඳහන් වී තිබෙන පිළිතුරු අපි දැන් සලකා බලමු. මෙම ලිපි මාලාවේ අරමුණ වන්නේ දෙවිට අර්ථවත් ලෙස යාච්ඤා කරන ආකාරය ගැන ඔබට පහදා දීමයි.

ලොව වටා සිටින සියලුම ආගම්වලට අයත් මිනිසුන් විවිධ දෙවිවරුන්ට යාච්ඤා කරනවා. ඔවුන් තනිවම හෝ කණ්ඩායම් වශයෙන් යාච්ඤා කරන ආකාරය ඔබ දැක ඇති. බොහෝවිට ඒ සඳහා ඔවුන් කොන්ත, යාච්ඤා පොත් සහ රූප වැනි දේවල් භාවිත කරනවා.

මිහිපිට සිටින මිනිසුන්ට සහ සතුන්ට පොදු වූ ලක්ෂණ බොහොමයක් තිබෙනවා. උදාහරණයකට සතුන්ට මෙන් මිනිසුන්ටත් ජීවත් වීම සඳහා ආහාර, ජලය සහ වාතය අවශ්‍යයි. එමෙන්ම සතුන් මෙන් මිනිසුන්ද ඉපදී යම් කාලයක් ජීවත් වී පසුව මිය යනවා. (දේශනාකාරයා 3:19) ඒ කොහොමවුණත් යාච්ඤා කිරීම මිනිසුන්ට පමණක් ආවේණික වූ ඉතා සුවිශේෂී දෙයක්. එයට හේතුව කුමක්ද?

මිනිසුන් යාච්ඤා කරන්න පෙලඹෙන්නේ බලවත්, ශ්‍රේෂ්ඨ මෙන්ම සදාතනික දෙවි කෙනෙකුගේ මඟ පෙන්වීම් ලබාගැනීමේ අවශ්‍යතාවය මිනිසා තුළ තිබෙන නිසයි. (මතෙව් 5:3) ඇත්තෙන්ම සදාතනික වූ දේවල් ගැන මිනිසුන් තුළ උනන්දුවක් තිබීම ගැන පුදුම විය යුතු නැහැ. දෙවි මිනිසුන්ව නිර්මාණය කර තිබෙන්නෙත් සදාකාලයටම ජීවත් වීමේ ආශාව ඇතුවයි.—දේශනාකාරයා 3:11.

සමහර අය ජීවිතයේ ඇතැම් තත්වයන්වලදී මිනිසුන්ගෙන් මඟ පෙන්වීම් පතනවා. නමුත් දෙවිට මෙන් පුළුල්ව සිතීමේ හැකියාවක් නැති කෙටි කාලයකට ජීවත් වෙන මිනිසුන්ට නිසි මඟ පෙන්වීම් ලබා දීමට හැකියාවක් නැහැ. එය කළ හැක්කේ ප්‍රඥාවන්ත, බලවත් මෙන්ම සදාකාලයටම ජීවත් වන දෙවිට පමණයි.

ඔබ ආදරය කළ කෙනෙකුගේ මරණය නිසා ඇති වන වේදනාව හමුවේ ඔබට සහනය අවශ්‍යයි කියා දැනී තිබෙනවාද? ජීවිතයේ යම් බැරෑරුම් තීරණයක් ගැනීමට කලින් ප්‍රඥාවන්ත මඟ පෙන්වීම් අවශ්‍යයි කියා ඔබට හැඟී තිබෙනවාද? වධ දෙන හෘදය සාක්ෂියක් ඇතුව සිටින අවස්ථාවක සමාව අවශ්‍යයි කියා ඔබට දැනී තිබෙනවාද? මිනිසුන් ළඟ පිළිතුරු නැති ජීවිතයේ ඇතැම් ප්‍රශ්නවලට පිළිතුරු දැනගැනීමේ අවශ්‍යතාවය ඔබට දැනී තිබෙනවාද? ඇත්තෙන්ම එවැනි තත්වයන්වලදී අපට නිසි මඟ පෙන්වීම් ලබා දිය හැක්කේ දෙවිට පමණයි.

ඉහත සඳහන් තත්වයන්ට මුහුණ දෙන විට මඟ පෙන්වීම් පතා දෙවිට යාච්ඤා කිරීම සුදුසු බව බයිබලයේ පෙන්නුම් කරනවා. ඇත්තෙන්ම දෙවිට යාච්ඤා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ඇතුළත් වන්නේ බයිබලයේ පමණයි. අතීතයේ සිටි දෙවිගේ සේවකයන් සහනය, මඟ පෙන්වීම, සමාව සහ ඇතැම් ප්‍රශ්නවලට පිළිතුරු ඉල්ලා කළ යාච්ඤා බොහොමයක් එහි සඳහන් වෙනවා.—ගීතාවලිය 23:3; 71:21; දානියෙල් 9:4, 5, 19; හබක්කුක් 1:3.

අතීතයේ සිටි දෙවිගේ සේවකයන් දෙවිට කළ හැම යාච්ඤාවක්ම එක හා සමාන වුණේ නැහැ. නමුත් යාච්ඤා කළ යුත්තේ කාටද කියා ඔවුන් හොඳින්ම දැන සිටියා. කොහොමවුණත් අද සිටින බොහෝ මිනිසුන් එම කාරණය සිතට ගෙන නැහැ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න