අතීතයෙන් බිඳක්
අපේ උරුමය රැකගමු
ඈත අතීතයේ දෙවිට විශ්වාසවන්තව සේවය කළ අය ගැන අපි දන්නවා. නමුත් මෑත යුගයේදී දෙවිට සේවය කළ අය ගැන දැනගන්නේ කොහොමද? ඒ සඳහා පොත පත වගේම ඡායාරූප, ජීවිත කතා, ලිපි, එදා යුගයේ පාවිච්චි කළ භාණ්ඩ වැනි දේවලින් බොහෝ දේ දැනගන්න පුළුවන්. නමුත් එම ඉතිහාසයට එබිකම් කිරීමෙන් අපට ලැබෙන ප්‍රයෝජනය මොකක්ද?
මේ ගැන සිතන්න. දෙවි කළ පුදුමාකර දේවල් අමතක නොකර දරුවන්ට කියා දෙන ලෙස පුරාණ ඊශ්‍රායෙලයේ සිටි පියවරුන්ට අණ කර තිබුණා. එසේ කළේ දරුවන් ‘දෙවි කෙරෙහි විශ්වාසය තබන පිණිසයි.’ (ගීතා. 78:1-7) එම පියවරුන් ඉතිහාසය ගැන දැනුවත්ව සිටිය යුතු වුණා. ඊට අමතරව දෙවිගේ කැමැත්ත ඉටු කිරීම සඳහා ගබඩා කර තිබූ ලේඛන ප්‍රයෝජනවත් වූ අවස්ථාත් තිබුණා. උදාහරණයකට යෙරුසලමේ දේවමාලිගාව නැවත ගොඩනඟමින් සිටියදී විරුද්ධවාදීන් එය නතර කිරීමට උත්සාහ කළා. නමුත් එය ගොඩනැඟීමට සයිරස් රජ දුන් අණ ඇතුළත් වාර්තාවක් රාජකීය භාණ්ඩාගාරයේ තිබී හමු වුණා. (එස්රා 6:1-4, 12) එය ගොඩනඟා අවසන් කිරීමට හැකි වුණේ ඒ නිසයි. ලූක්ද කලින් ආරක්ෂා කර තිබූ තොරතුරුවලින් ප්‍රයෝජන ගත්තා. ‘මුල සිටම සෑම තොරතුරක්ම නිවැරදි බව සනාථ කරගැනීමට’ ඔහුට හැකි වුණේ ඒවා පරීක්ෂා කර බැලූ නිසයි.—ලූක් 1:1-4.
සාක්ෂිකරුවන්ගේ වර්තමාන ඉතිහාසය ගැනත් පාලක මණ්ඩලය ගොඩක් උනන්දු වෙනවා. ඒ නිසා නිව්යෝක්හි බෘක්ලින්වල පිහිටි ලෝක මූලස්ථානයේ ලේඛන කමිටුව යටතේ මෑත ඉතිහාසයේ ලිපි හා භාණ්ඩ රැකගැනීමට අංශයක් පිහිටෙව්වා. එවැනි දේවල් සංරක්ෂණය කිරීමෙන් ඉදිරි පරම්පරාවලට ලැබෙන ප්‍රයෝජනය ගැන පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් පැවසුවේ මෙසේයි. “ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්නේ අතීතයේ තොරතුරු ගැන හොඳින් දැනගෙන තිබුණොත් විතරයි.”
සිහිවටන
සමහර පවුල් තම මුතුන් මිත්තන්ගේ ඡායාරූප හා ඔවුන්ගේ යම් භාණ්ඩ සිහිවටන සේ තබාගන්නා අතර ඒවා කොතරම් පරණ වුණත් ඒ එක් එක් පවුලට ඒවා බොහෝ සේ වටිනවා. ඒ හා සමානව පැරණි ලිපි හා භාණ්ඩ රැකගැනීමේ අංශයද උත්සාහ කරන්නේ කලින් යුගවල සිටි සාක්ෂිකරුවන්ගේ ඡායාරූප, ඔවුන් එදා නිකුත් කළ පොත් පත්, ලියූ ලිපි හා ඔවුන්ගේ ජීවිත කතා එකතු කිරීමටයි. ලෝකය පුරා සිටින සාක්ෂිකරුවන් එක පවුලක් වගේ නිසා මේ දේවල් පරම්පරාවෙන් පරම්පරාවට එන උරුමයක් හා සමානයි. ඒ අතීත සිහිවටන ගැන සිතා බලද්දී දෙවි එදා සිටි සාක්ෂිකරුවන් සමඟ කටයුතු කළ ආකාරය තේරුම්ගන්න පුළුවන්. ඒ වගේම දෙවි ඉදිරියේදිත් අපව රැකබලා ගන්නා බවට විශ්වාසයක් ඇතුව සිටින්නත් අපට පුළුවන්.
විටින් විට පළ වන “අතීතයෙන් බිඳක්” යන මෙම ලිපිය මගින් එම අංශයේ තිබෙන දේවල් දැක බලා ගන්න අපටත් අවස්ථාව උදා වෙනවා. ඉදිරි කලාපයක සාක්ෂිකරුවන් ඔවුන්ගේ පොත් රැගෙන ගිය ආකාරය, ඔවුන් එදා භාවිත කළ උපකරණ වගේම ඒවායේ ඡායාරූප දැකගත හැකියි.
ඒ දේවල් මගින් අපට කලින් සිටි අය ගැන බොහෝ දේවල් දැනගත හැකි වන අතර අද අපි කරන සමහර දේවලට හේතු වුණේ මොකක්ද කියාත් දැනගත හැකියි. දෙවි කෙරෙහි ඔවුන්ට තිබූ විශ්වාසය, සේවයේදී ඔවුන් මුහුණ දුන් දුෂ්කරතා වගේම අද්දුටු ප්‍රීතියත් දෙවි අත් නෑර ඔවුන්ට මඟ පෙන්වූ ආකාරයත් දැනගන්න අපට හැකියි. (ද්වි. 33:27) ඒ අපේ ඉතිහාසයයි! අද සිටින සාක්ෂිකරුවන්ට පවුලක් සේ එක්සත්ව දෙවිගේ කැමැත්ත කිරීමට අපේ ඉතිහාසය ගැන දැනගැනීම මහත් රුකුලක් වෙයි. ඒ නිසා මේ තොරතුරු එක්රැස් කිරීමට දෙවි අපට උපකාර කරන බවට නිසැකයි.
[31වන පිටුවේ කොටුව⁄පින්තූරය]
අංශයේ කාර්යය
පොත් පත් සඟරා, DVD, බයිබල් නාට්‍යය, පින්තූර වැනි දේවල් සකස් කරන විට අපේ ලේඛකයන් හා චිත්‍ර ශිල්පීන් පැරණි ලේඛනවලින් මෙන්ම ගබඩා කර තිබෙන වෙනත් දේවලින්ද ප්‍රයෝජන ගන්නවා. ඒ නිසා ඉතිහාසයේ තොරතුරු එක් රැස් කිරීමට පැරණි ලිපි හා භාණ්ඩ රැකගැනීමේ අංශය වෙහෙසෙනවා. ශාඛා කාර්යාලවලින්, සභාවන්වලින්, පුද්ගලයන්ගෙන් හා වෙනත් ආයතනවලින් ඒවා එකතු කරගන්නවා. එම අංශයෙන් සිදු කෙරෙන වැඩ කොටස ගැන අපි කෙටියෙන් සලකා බලමු.
එක් රැස් කිරීම: මෙම අංශයෙන් නිතරම සොයා බලන්නේ සුවිශේෂී වටිනාකමක් ඇති දේවල් එකතු කරගන්නයි. කාලයක් තිස්සේ දෙවිට සේවය කළ අයගේ පවුල් ඒවායින් බොහොමයක් පරිත්‍යාග කර ඇති අතර තවත් සමහර ඒවා තාවකාලිකව ලබා දී තිබෙනවා.
ලැයිස්තුගත කිරීම: සාක්ෂිකරුවන්ගේ ඉතිහාසයට අදාළ විවිධ අයිතම දහස් ගණනක් අපේ ගබඩාවේ තිබෙනවා. ඒවායෙන් සමහරක් අවුරුදු 100කටත් වඩා පැරණියි. අවශ්‍ය අයිතමය පහසුවෙන් සොයාගෙන ඉන් නියම ප්‍රයෝජන ගැනීම සඳහා ඒ සියල්ලක්ම වර්ග කර ලැයිස්තුගත කිරීම අවශ්‍ය වෙනවා.
ප්‍රතිසංස්කරණය හා සංරක්ෂණය: දිරා ගිය පැරණි පොත් පත් හා ලියකියවිලි මෙන්ම වෙනත් භාණ්ඩ විවිධ ක්‍රම භාවිත කර නැවත යථා තත්වයට පත් කරනවා. එසේ කළ පොත් පත්, ලිපි, ඡායාරූප, පුවත්පත්වලින් කපාගත් කොටස්, චිත්‍රපට හා පටිගත කළ කටහඬවල් ඩිජිටල් තාක්ෂණය යොදාගෙන පරිගණකගත කරනවා. එවිට මුල් අයිතම භාවිත නොකරම විද්‍යුත් මාධ්‍යයෙන් අවශ්‍ය වෙලාවට ඒවා බලාගැනීමට හැකි වෙනවා.
ගබඩා කිරීම හා නැවත භාවිතය: ඒවා ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව මනා පිළිවෙළකටත් ඉතා ආරක්ෂිතවත් ගබඩා කරනවා. ඒවායින් බොහොමයක් තෙතමනයෙන් හා ආලෝකයෙන් ආරක්ෂා කිරීම අත්‍යවශ්‍යයි. අධ්‍යයනය කිරීමේ පහසුව තකා දැනටමත් එක් එක් අයිතමය ගැන තොරතුරු වෙන වෙනම රැස් කරමින් පවතිනවා.
[32වන පිටුවේ පින්තූර]
1. “ෆෝටෝ ඩ්‍රාමා ඔෆ් ක්‍රියේෂන්” සඳහා දැන්වීම. 2. දායක ලබාගත් අයගේ ලැයිස්තුව. 3. ශබ්ද වාහිනි සවි කළ වාහනයක්. 4. 1912 අප්‍රියෙල් 15, වොච් ටවර් කවරය. 5. ජේ. එෆ්. රදෆර්ඩ්ව සිරගත කිරීමට නියෝගය. 6. WBBR මයික්‍රෆෝනය. 7. තැටි වාදන යන්ත්‍ර 8. පොත් රැගෙන ගිය බෑගය. 9. පෞද්ගලික සටහන්. 10. රදෆර්ඩ්ට ලැබුණු ටෙලිග්‍රෑමයක්.