ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w12 2/1 14 පි.
  • ඔබ දැන සිටියාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දැන සිටියාද?
  • 2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ඔබ දැන සිටියාද?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “බලන්න! මේ තමයි ඒ මිනිසා”
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • අවි සන්නද්ධ සොරුන් පහර දෙන විට
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • හොරෙක් වෙන්න එපා
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
තව තොරතුරු
2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w12 2/1 14 පි.

ඔබ දැන සිටියාද?

යේසුස්ගේ කාලයේදී අවමගුල් නිවෙස්වල බට නළා වාදනය කළාද?

▪ උත්සව අවස්ථාවලදී බට නළා වාදනය කළ බව බයිබලයේ සඳහන් වෙනවා. (1 රාජාවලිය 1:40; යෙසායා 5:12; 30:29) මළ ගෙදරක බට නළා වාදනය කළ අවස්ථාවක් ගැනද එහි සඳහන් වෙනවා. තම දුව මරණාසන්නව සිටි නිසා ඇයව සනීප කර දෙන ලෙස එක්තරා නිලධාරියෙක් යේසුස්ගෙන් ඉල්ලුවා. යේසුස් එම නිලධාරියාගේ නිවසට පැමිණෙන විට ඔහුගේ දුව මිය ගොස් සිටියා. ඒ අවස්ථාවේදී ‘නළාකාරයන්ද වියවුල් වී හඬා වැලපෙමින් සිටි සමූහයාද’ එහි සිටි බව මතෙව් වාර්තා කරනවා.—මතෙව් 9:18, 23.

මතෙව් වාර්තා කරන ආකාරයේ චාරිත්‍රයක් යේසුස්ගේ කාලයේ තිබුණාද? බයිබල් පරිවර්තකයෙක් වන විලියම් බාක්ලේ මෙවැනි අදහසක් දක්වනවා. “රෝමයේ, ග්‍රීසියේ, ෆිනීෂියාවේ, ඇසිරියාවේ සහ පලස්තීනයේ සිටි අය විපත්වලට මුහුණ දුන් විට හා මළ ගෙවල්වල බට නළා වාදනය කළා.” ඉතා දුප්පත් යුදෙව්වන් පවා තම බිරිඳ මිය ගිය විට වැලපීම සඳහා ස්ත්‍රියක්වත් බට නළා වාදනය කිරීම සඳහා දෙදෙනෙක්වත් කුලියට ගත් බව යුදෙව්වරුන්ගේ ග්‍රන්ථයක් වන තල්මුඩයේ සඳහන් වෙනවා. පළමු ශතවර්ෂයේ සිටි ඉතිහාසඥයෙක් වන ෆ්ලේවියස් ජොසීෆස්ගේ වාර්තාවලට අනුව ඔහු සිටි කාලයේදී අවමගුල් අවස්ථාවල බට නළා වාදනය කළ බව පැහැදිලි වෙනවා. ක්‍රිස්තු වර්ෂ 67දී රෝම හමුදාව ගලීලයේ ජොටපටා නගරය යටත් කරගෙන එහි සිටි ජනයාව සමූල ඝාතනය කළ බව යෙරුසලමේ වැසියන්ට ආරංචි වූ විට ඔවුන් වැලපුණු බවත් ඒ අවස්ථාවට බට නළා වාදනය කිරීමට පිරිසක්ව කුලියට ගෙන තිබූ බවත් ජොසීෆස් සඳහන් කරනවා.

යේසුස්ගේ දෙපැත්තේ කණුවල එල්ලන ලද දෙදෙනා කළ වරද කුමක්ද?

▪ ඔවුන් “කොල්ලකරුවන්” බව බයිබලයේ සඳහන් වෙනවා. (මතෙව් 27:38; මාක් 15:27) කෙනෙක් කරන වැරදි ක්‍රියා අනුව ඔහුව හඳුන්වන්න බයිබලයේ විවිධ වචන භාවිත කර තිබෙනවා. සොරෙක්ව හඳුන්වා දීමට භාවිත කළේ “ක්ලෙප්ටස්” යන ග්‍රීක වචනයයි. යේසුස්ගේ නියෝජිතයන්ගේ පොදු අරමුදලෙන් මුදල් සොරකම් කළ යූදස්ව හැඳින්නුවේ එම නමිනුයි. (යොහන් 12:6) “ලෙස්ටස්” කියා වචනයක්ද ග්‍රීක භාෂාවේ තිබෙනවා. එම වචනය යොදාගත්තේ මංකොල්ලකරුවෙක්ව විස්තර කිරීමටයි. ඒ වගේම විප්ලවකරුවෙක්ව හෝ ගරිල්ලා කණ්ඩායම්වලට අයත් කෙනෙක්ව විස්තර කිරීමටත් එම වචනය යොදාගන්න පුළුවන්. යේසුස්ගේ දෙපැත්තේ කණුවල එල්ලන ලද දෙදෙනාගෙන් කෙනෙක් මෙවැනි දෙයක් පැවසුවා. “අපට දැන් ලැබිලා තිබෙන්නේ අප කළ දේවලට ලැබිය යුතු දඬුවමයි.” (ලූක් 23:41) ඉන් පැහැදිලි වන්නේ ඔවුන් සොරකමට වඩා භයානක අපරාධ කර තිබූ බවයි.

එම කොල්ලකරුවන් මෙන් බරබ්බස් සිදු කළ අපරාධ විස්තර කිරීමට භාවිත කළේද ලෙස්ටස් යන වචනයයි. (යොහන් 18:40) බරබ්බස් සොරකම් කිරීමට අමතරව තවත් භයානක දේවල් කළ බව ලූක් 23:19හි සඳහන් මේ දෙයින් පැහැදිලි වෙනවා. ඔහු “නුවරෙහි සිදු කළ යම් කැරලිගැසීමක් නිසාත් මිනී මැරුමක් නිසාත් සිරගත වූ මිනිසෙකි.”

යේසුස්ගේ දෙපැත්තේ කණුවල එල්ලන ලද දෙදෙනා සොරකම් කිරීමට අමතරව රජයට විරුද්ධව කැරලිගැසීම හෝ මිනිස් ඝාතන සිදු කර තිබෙන බව පැහැදිලි වෙනවා. රෝම ආණ්ඩුකාර පොන්තියුස් පිලාත් ඔවුන්ට දුන් දඬුවම වූයේ කණුවක එල්ලා මරා දැමීමයි.

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න