ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w13 4/15 32 පි.
  • ඔබ දැන සිටියාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දැන සිටියාද?
  • 2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • එකට රැස්වීම අත් නොහරිමු
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ක්‍රිස්තියානි ලෝකය මේ ලෝකයේ කොටසක් බවට පත් වූ ආකාරය
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අනාවැකි විශ්වාස කිරීම ජීවිත ගලවයි
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w13 4/15 32 පි.

ඔබ දැන සිටියාද?

යෙරුසලමේ තිබුණ දේවමාලිගාව ක්‍රිස්තු වර්ෂ 70 පස්සේ නැවත ගොඩනැඟුවද?

යෙහෝවා දෙවිගේ මාලිගාවේ සෑම ගලක්ම බිමට හෙළනු ලබනවා කියලා යේසුස් කිව්වා. (මතෙ. 24:2) රෝම හමුදාව ක්‍රිස්තු වර්ෂ 70දී යෙරුසලම විනාශ කරපු වෙලාවේ ඒ අනාවැකිය ඉටු වුණා. පසුව ඒ දේවමාලිගාව නැවත ගොඩනඟන්න ජූලියන් අධිරාජ්‍යයා අදහස් කළා.

මහ කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයාගේ ඥාති පුතෙක් වුණ ඔහුට ක්‍රිස්තියානි අධ්‍යාපනයක් ලැබුණා. ඒත් ක්‍රි.ව. 361දී අධිරාජ්‍යයා වුණාට පස්සේ ඔහු ඒ අධ්‍යාපනයත් බොරු ඉගැන්වීම් ඇතුළත් වෙලා තිබුණ ක්‍රිස්තියානි ආගමත් ප්‍රසිද්ධියේම ප්‍රතික්ෂේප කළා. ජූලියන්, රෝමයේ හිටපු ක්‍රිස්තියානි නොවූ අන්තිම පාලකයායි.

ජූලියන්, ක්‍රිස්තියානි ආගම හුඟක් පිළිකුල් කළා. එහෙම කළේ, ඔහුට වයස අවුරුදු හයේදී එහි සාමාජිකයන් ඔහුගේ තාත්තවත් පවුලේ අනිත් අයවත් මරලා දානවා ඔහු දැක්ක නිසා වෙන්න ඇති. ඉතිහාසඥයන් කියන්නේ ජූලියන් යුදෙව්වන්ට තමන්ගේ දේවමාලිගාව නැවත ගොඩනඟන්න උනන්දු කළා කියලයි. ඒකෙන් ඔහු බලාපොරොත්තු වුණේ යේසුස් බොරු අනාගතවක්තෘවරයෙක් කියලා ඔප්පු කරන්නයි.a

ජූලියන් දේවමාලිගාව නැවත ගොඩනඟන්න අදහස් කළා කියන එක ස්ථිරයි. ඒත් ඒ ගොඩනැඟීමේ වැඩ ඔහු ආරම්භ කළාද, එහෙම කළා නම් ඒක නතර කරලා දැම්මේ ඇයි කියන කාරණා ගැන ඉතිහාසඥයන්ට තියෙන්නේ ප්‍රශ්නයක්. හැබැයි එක දෙයක් නම් ස්ථිරයි. ජූලියන් පාලනය පටන් අරන් අවුරුදු දෙකක් යන්නත් කලින් ඔහුව මරා දැම්මා. දේවමාලිගාව ගොඩනඟන ව්‍යාපෘතියත් ඔහුත් එක්කම මිය ගියා.

[32වන පිටුවේ පින්තූරය]

යේසුස්ගේ කාලයේ දේවමාලිගාව මේ විදිහට තියෙන්න ඇති

a යේසුස් කිව්වේ දේවමාලිගාව විනාශ වෙනවා කියලයි. ඒක ක්‍රි.ව. 70දී සිදු වුණා. දේවමාලිගාව නැවත කවදාවත් ගොඩනඟන්නේ නැහැ කියලා යේසුස් කිව්වේ නැහැ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න